20130202
මගේ තරහ ගැන මට තරහක් නැහැ.
මම සිතෙහි සිත දකින්නේ
සිතට අදාළව
කයෙහි ඇති වෙන වෙනස්වීම අනුවයි..
විදසුන් වඩන්න කලින්
මට තිබුණෙ වේදනා නොදැනෙන
හිස් ශරීරයක්.
තරහ කයෙහි දැකලාම නැහැ
කියන්න පුලුවන්.,
දැන් මට තරහ ආව වෙලාවට
මුළු ශරීරයම වෙනස් වෙනවා.
හරියටම වචනයෙන්
කියන්න අපහසුයි..
හොඳම දේ තමයි
ඔබට තරහ ආව වෙලාවට
තමන් දිහා බලන එක.
සිහියත් උපේක්ෂාවත් තිබුණොත්
ඒ තරහ මම කරන කියන දේ
වෙනස් කරන්නෙ නැහැ.
ඒ දැනෙන වේදනා පෙනෙනවා..
ඒත් අනිත් පැත්තෙ ඉන්න කෙනා
කරපු දේ ගැන අදහස කිව්වට
එයින් මම විඳින දේට
ඔහු වගකිවයුතුයි සිතෙන්නෙ නැහැ.
මම ඔහු සමග ගැටෙන්නෙ
මේ වෙනස් වීමට
ඔහු වගකිවයුතුයි කියල
හිතුවොත්...
අදහස් සමග දිගින් දිගට ගැටුණට
පුදගලයට නින්දා අපහාස කරන්න
රිදවන්න හිතෙන්නෙ නැහැ.
මේ දැනෙන දේ සම්පතක්
කියල මම දන්නවා.
වැය වීම සංස්කාර වල ධර්මතාවයයි.
සංස්කාර නිරුද්ධ වෙන්න නම්
ඉපදිය යුතුයි.
උපදින සංස්කාර වේදනා විදියට
ප්‍රකට වෙන කොට
ඒ අත්දැකීමට උපෙක්ෂාව තියනවා නම්
සංස්කාර නිරුද්ධ වෙනවා.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment