20130207

ආනාපාන සතිය. බුදුන් වහන්සේ වදාළ අයුරින්….,



1,අරණක හෝ,
රුක් මුලක හෝ,
හිස් ආගාරයක
2, පළක් බැඳ හිඳගෙන,
3, සිරුර කෙළින් තබාගෙන
4, සම්පූර්ණ මුහුණට සිහිය පිහිටුවාගෙන
5, සිහියෙන් ආශ්වාස කරයි,
6, සිහියෙන් ප්‍රාශ්වාස කරයි.
7, දිග හුස්මක් ආශ්වාස කරයි නම්
දිග හුස්මක් ආශ්වාස කරමියි
දැන ගනියි.
8,  දිග හුස්මක් ප්‍රාශ්වාස කරයි නම්
දිග හුස්මක් ප්‍රාශ්වාස කරමියි
දැන ගනියි.
9,  කෙටි හුස්මක් ආශ්වාස කරයි නම්
කෙටි හුස්මක් ආශ්වාස කරමියි
දැන ගනියි.
10, කෙටි හුස්මක් ප්‍රාශ්වාස කරයි නම්
කෙටි හුස්මක් ප්‍රාශ්වාස කරමියි
දැන ගනියි.
11, මුලු සිරුරටම සංවේදීව
ආශ්වාස කරමියි හික්මෙයි
12, මුලු සිරුරටම සංවේදීව
ප්‍රාශ්වාස කරමියි හික්මෙයි.
13, කාය සංස්කාර බරින්
සැහැල්ලු වෙමින් ආශ්වාස කරමියි හික්මෙයි.
14, කාය සංස්කාර බරින්
සැහැල්ලු වෙමින් ප්‍රාශ්වාස කරමියි හික්මෙයි.
15, මෙසේ ඇතුළතින්ද
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි.
16, පිටතින්ද
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි.
17, ඇතුළතින්ද පිටතින්ද
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි.
18, කයෙහි ඇතිවෙන ධර්මතා
අනුව දකිමින් වෙසෙයි
19, කයෙහි වැයවෙන ධර්මතා
අනුව දකිමින් වෙසෙයි
20, කයෙහි ඇතිවෙන වැයවෙන ධර්මතා
අනුව දකිමින් වෙසෙයි
21,  කයෙහි ඇතිවීම හෝ නැසීමෙහි
සිහිය පිහිටුවාගෙන
22, යාවජීව ලෙස
23, ඤාණ මාත්‍රයෙන්
24, එළඹ සිටි සිහිමාත්‍රයෙන්
25, අනිශ්‍රිතව වෙසෙයි.
26, පවතින කිසිවක්
මදක්වත් ග්‍රහණය නොකරයි.
27, මෙසේ කයෙහි කය අනුව
දකිමින් වෙසෙයි.

ආනාපාන පූර්වය නිමියේය.
=====================================

දක්ෂ ලී වඩුවෙක් හෝ
ඔහුගේ අතවැසියෙක්
ලීය ඉරෙන හැටි දකින්නක් මෙන්
ආනාපාන සතිය වැඩිය යුතුයැයි
බුදුන් වහන්සේ උපදෙස් දෙයි.




දක්ෂ ලී වඩුවෙක්
ලීය ඉරෙන ආකාරය
නිරතුරුව පැහැදිලිව දකියි.
ඔහුගේ අතවැසියෙක්
නොයෙක් අතවැසිකම්වල
යෙදෙන අතර තුර
වරින් වර,
නොපැහැදිලිව
ලීය ඉරෙන හැටි දකියි.



ඔවුන්ගෙන් දක්ශයා මෙන්
නිරතුරුව, දක්ශ ලෙස
හෝ
අතවැසියා මෙන්
අතරින් පතර, දුර්වල ලෙස
හෝ
හැකි විටක හැකි පමණින්
ආනාපාන සති වැඩීමට
බුදුන් වහන්සේගෙන් අවසර ඇත.

හැකි හැමවිටම හැකි පමණින්
හැකි ඉරියව්වකින්
ආනාපාන සති වැඩීම
යහපත්ය.

1, අරඤ්ඤගතො වා
රුක්‌ඛමූලගතො වා
සුඤ්‌ඤාගාරගතො වා
2, නිසීදති පල්‌ලඞ්‌කං ආභුජිත්‍වා
3, උජුං කායං පණිධාය
4, පරිමුඛං සතිං උපට්‌ඨපෙත්‍වා.
5, සො සතො’ව අස්‌සසති,
6, සතො’ව පස්‌සසති.
7, දීඝං වා අස්‌සසන්‌තො දීඝං අස්‌සසාමීති පජානාති,
8, දීඝං වා පස්‌සසන්‌තො දීඝං පස්‌සසාමීති පජානාති.
9, රස්‌සං වා අස්‌සසන්‌තො රස්‌සං අස්‌සසාමීති පජානාති,
10, රස්‌සං වා පස්‌සසන්‌තො රස්‌සං පස්‌සසාමීති පජානාති.
11, සබ්‌බකායපටිසංවෙදී අස්‌සසිස්‌සාමීති සික්‌ඛති,
12, සබ්‌බකායපටිසංවෙදී පස්‌සසිස්‌සාමීති සික්ඛති.
13, පස්‌සම්‌භයං කායසඞ්‌ඛාරං අස්‌සසිස්‌සාමීති සික්‌ඛති,
14, පස්‌සම්‌භයං කායසඞ්‌ඛාරං පස්සසිස්සාමී’ති සික්‌ඛති.
15, ඉති අජ්‌ඣත්‌තං වා කායෙ කායානුපස්‌සී විහරති,
16, බහිද්‌ධා වා කායෙ කායානුපස්‌සී විහරති,
17, අජ්ඣත්‌තබහිද්‌ධා වා කායෙ කායානුපස්‌සී විහරති.
18, සමුදයධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති,
19, වයධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති,
20, සමුදයවයධම්‌මානුපස්‌සී වා කායස්‌මිං විහරති.
21, අත්‍ථි කායො’ති වා පණස්‌ස සති පච්‌චුපට්‌ඨිතා හොති,
22, යාවදෙව
23, ඤාණමත්‌තාය
24, පතිස්සතිමත්තාය.
25, අනිස්‌සිතො ච විහරති,
26, න ච කිඤ්‌චි ලොකෙ උපාදියති.
27, එවම්‌පි ඛො , කායෙ කායානුපස්‌සී විහරති.

ආනාපානපබ්‌බං නිට්‌ඨිතං.

===============================================================

ඔබට ඔබේ ඉරියව්ව ගැන සිහිය නැහැ.
මේ මොහොතෙ සිහිය ඇති කරගත්තත්
ඔබට මුලු සිරුරම දැනෙන්නෙ නැහැ.

ඔබත් සතෙකුත් අතර
ඒ අතින් වෙනසක් නැහැ.

ඔබ දවස පුරාම
මිලියන් ගාණක් ඉරියව්
පවත්වනවා ඇති.
ඒ එක ඉරියව්වක්වත්
ඔබ සිහියෙන් පවත්වන්නේ නැහැ.

ඔබට උවමනාවුණත්
ඔබේ මුළු කයටම සංවේදී වෙන්න බැහැ.

හිත යොමු කරලා බලන්න..
ඔබට නොදැනෙන හිස් ප්‍රදේශ
ඔබේම් සිරුර තුළ
කොයිතරම් පවතිනවද?

ඔබ මිනිසෙක් කියා
කියන්න පුලුවන්ද?

බුදු දහම අනු පූර්ව වශයෙන්
වැඩෙන දහමක්.

ආනාපානසතියෙන් මුලු කයටම සංවේදී වීම
කායානුපස්සනාවෙ ඊළඟ පියවරට අවශ්‍යයි.

ආනාපාන සතියෙන් පසුව
එන්නෙ ඉරියාපථ පබ්බ.

ඉරියව්ව දකින්න නම් සම්පූර්ණ කයටම සංවේදී විය යුතුයි.

ආනාපාන සතිය වැඩීමෙන්
ඊට අවශ්‍ය හුරුව ලැබෙනවා.
==================================================


මෙම A කොටසෙන් දැක් වෙන්නේ
ඔබ ආනාපාන සතිය වැඩිය යුතු ආකාරය ගැන
බුදුන් වහන්සේ ඔබට දෙන උපදෙස්ය

A
1,අරණක හෝ,
රුක් මුලක හෝ,
හිස් ආගාරයක
2, පළක් බැඳ හිඳගෙන,
3, සිරුර කෙළින් තබාගෙන
4, සම්පූර්ණ මුහුණට සිහිය පිහිටුවාගෙන
5, සිහියෙන් ආශ්වාස කරයි,
6, සිහියෙන් ප්‍රාශ්වාස කරයි.
7, දිග හුස්මක් ආශ්වාස කරයි නම්
දිග හුස්මක් ආශ්වාස කරමියි
දැන ගනියි.
8,  දිග හුස්මක් ප්‍රාශ්වාස කරයි නම්
දිග හුස්මක් ප්‍රාශ්වාස කරමියි
දැන ගනියි.
9,  කෙටි හුස්මක් ආශ්වාස කරයි නම්
කෙටි හුස්මක් ආශ්වාස කරමියි
දැන ගනියි.
10, කෙටි හුස්මක් ප්‍රාශ්වාස කරයි නම්
කෙටි හුස්මක් ප්‍රාශ්වාස කරමියි
දැන ගනියි.


B කොටසෙන් දැක් වෙන්නේ
ඔබ නිවැරදිව
සිහිය හුස්මෙහි රඳවා ගත් විට
ඔබට අත්දකින්නට ලැබෙන දේයි.

ආනාපාන සතිය වඩන බොහෝ දෙනෙක්
මුළු සිරුරටම සංවේදී වන්නේ නැහැ..
එසේ වන්නේ ඔවුන් හුස්මට පමණක්
සිත එකඟ කරන නිසයි.
එවිට ඔහුට කය පිළිබඳව
දැනෙන ප්‍රමාණයත් නැති වී
මෝහයට පත් වෙනවා.
මේ ක්‍රමය බුදු දහමෙහි එන
ආනාපාන සතියට පටහැනියි.

ආනාපාන සතියෙහි මූලිකම අරමුණ නම්
කය පිළිබඳව සිහියෙන් සිටින්නට
සිත පුහුණු කිරීමයි.
මහා සතිපට්ඨාන සූත්‍රයට අනුව
සතර සතිපට්ඨානයට ප්‍රවේශය වන්නේ
ආනාපාන සතියයි..

B
11, මුලු සිරුරටම සංවේදීව
ආශ්වාස කරමියි හික්මෙයි
12, මුලු සිරුරටම සංවේදීව
ප්‍රාශ්වාස කරමියි හික්මෙයි.
13, කාය සංස්කාර බරින්
සැහැල්ලු වෙමින් ආශ්වාස කරමියි හික්මෙයි.
14, කාය සංස්කාර බරින්
සැහැල්ලු වෙමින් ප්‍රාශ්වාස කරමියි හික්මෙයි.
15, මෙසේ ඇතුළතින්ද
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි.
16, පිටතින්ද
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි.
17, ඇතුළතින්ද පිටතින්ද
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි.
18, කයෙහි ඇතිවෙන ධර්මතා
අනුව දකිමින් වෙසෙයි
19, කයෙහි වැයවෙන ධර්මතා
අනුව දකිමින් වෙසෙයි
20, කයෙහි ඇතිවෙන වැයවෙන ධර්මතා
අනුව දකිමින් වෙසෙයි.


C කොටසෙහි දැක්වෙන්නේ
කයෙහි ඇතිවීම හෝ නැසීමෙහි
සිහිය පිහිටුවාගෙන
යාවජීව ලෙස එනම්
සීමාවක් පණවා නොගනිමින්
දැනෙන මාත්‍රයට,
සිහිය පවතින ප්‍රමාණයට,
නිශ්‍රිත නොවී, වෙන්ව ,
පවතින කිසිවක් කෙරෙහි නොබැඳෙමින්
කිසිවක් ග්‍රහනය කර නොගනිමින්
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි..

C
21,  කයෙහි ඇතිවීම හෝ නැසීමෙහි
සිහිය පිහිටුවාගෙන
22, යාවජීව ලෙස
23, ඤාණ මාත්‍රයෙන්
24, එළඹ සිටි සිහිමාත්‍රයෙන්
25, අනිශ්‍රිතව වෙසෙයි.
26, පවතින කිසිවක්
මදක්වත් ග්‍රහණය නොකරයි.
27, මෙසේ කයෙහි කය අනුව
දකිමින් වෙසෙයි.


ආනාපාන සතිය වැඩිය යුත්තේ
ඒ ආකාරයටයි..
ආනාපාන සතිය වඩන්නා තුළ
කය පිළිබඳව සිහිය
ඉරියව් පිළිබඳ සිහිය දියුණු විය යුත්යුය.

වෙනස් ආකාරයකට
ආනාපාන සතිය වඩන්නාට
බුදු දහමෙහි දැක්වෙන ප්‍රතිඵල
නොලැබෙනු ඇත.

ආනාපාන සතියට ඇබ්බැහි වීම
සිදු නොවිය හැකිය.
ඇබ්බැහි වෙන කෙනෙක්
ඇබ්බැහි වූ දේ කරන අතර
ඒ දේ පිළිබඳව සිහියෙන් තොරව
වෙනත් දෙයක නිරත වෙයි.
එසේ නැත්නම්
සම්පූර්ණ සිත ඇබ්බැහි වූ දේට යොමු කරයි.

ආනාපාන සතියේදී
හුස්මත් කයත් දෙකම පිළිබඳව
නොකඩවා සිහිය පැවැත්වීම
උවමනාවෙන් විනා
පුරුද්දට කළ නොහැක්කකි.

No comments:

Post a Comment