20130130

දහම් පද


ප්‍රඥාව නම්
ඇතුළතත් පිටතත් සිදුවෙන සියල්ල
මොහොතින් මොහොතට සිහියෙන් දැක
උපේක්ෂාවෙන් විසීමෙහි ප්‍රතිඵලයයි..

ඤායස්ස අධිගමාය
යදිදං චත්තාරෝ සතිපට්ඨානා.

සමාධිය නම් එසේ විසීමෙන් සිතෙහි ඇති වන
සමාහිත බවයි..

විදසුන් වඩන සිල්වතා,
තමා තුළ ඇති වෙනසත් දකිනවා.
ඊට උපේක්ෂාව ඇති නිසා සිල් රැකෙනවා.
ඔහුට අපහසුවක් නැහැ.

ශ්‍රද්ධාව නිසා සිල් රකින්නා
වීර්යයෙන් ශීලය රැකගත යුතුයි..

================================================

 බුදුන් වහන්සෙ උගන්වන්නෙ
පංච නීවරණ වලට
සිහියෙන් හා උපේක්ෂාවෙන් ඉන්නයි..

ඒ අත්දැකීමක්..
වචනයෙන් ගන්න බැහැ..
තමන් අත්දැකිය යුතුයි..

4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,

 =================================================

බුදු දහමෙන්
ඇස් පාදා ගත් කෙනෙක්
බුදු දහම පිළිබඳව
අන්ධයන් කරන ප්‍රකාශ වලින්
සැලෙන්නෙ නැහැ.

බුදු දහම ලෝකයට කළ සේවය සෙවීමෙන්
කාටවත් සැබෑ බුදු දහම සොයාගන්න ලැබෙන්නෙ නැහැ.
ඒත් බුදු දහමෙන්
තමන්ට වෙන සේවය සොයන කෙනෙකුට
බුදු දහම නැත්නම්
දුකෙන් මිදෙන්න වෙනත් මගක් නැති බව
වැටහෙනවා.

මගේ අත්දැකීම ඒකයි..

ඒ නිසා ලෝකයා මොනවා කිව්වත්
බුදු දහම පිළිබඳ
මගේ පිළිගැනීම, ගෞරවය සහ කෘතඥතාවය
අබමල් රොණකින්වත්
වෙනස් වෙන්නෙ නැහැ.

=============================================

වැරදි ධර්ම දේශනා
බුදු වදන් වලින් පටන් අරන්
මිථ්‍යා දෘෂ්ඨි වලින් අවසන් වෙනවා.

හොඳ ධර්ම දේශනාවක්
සමාන්‍ය කරුණු වලින් ඇරඹිලා
බුදු වදන් සපථ කරමින්
අවසන් වෙනවා.
==================================================
http://sphotos-f.ak.fbcdn.net/hphotos-ak-prn1/74686_352265011547539_1151009783_n.jpg
 





බුදුන් වහන්සේ
සත්පුරුෂයා යනුවෙන් හඳුන්වන්නේ
ආර්යයාම නොවෙයි..
ආර්යයෙකු නොවෙන යහපත් පුරුෂයායි..
ආර්යයා අනිවාර්යයෙන් සත්පුරුෂයෙක්..
අස්‌සුතවා පුථුජ්‌ජනො –
අරියානං අදස්‌සාවී
අරියධම්‌මස්‌ස අකොවිදො
අරියධම්‌මෙ අවිනීතො,
සප්‌පුරිසානං අදස්‌සාවී
සප්‌පුරිසධම්‌මස්‌ස අකොවිදො
සප්‌පුරිසධම්‌මෙ අවිනීතො –








20130121

මුලු සිරුරටම සංවේදී වීම


සතිපට්ඨානය ඇරඹෙන්නේ
හුස්ම ගැන සිහියෙන් සිටීම මගින්
මුලු සිරුරටම සංවේදී වීමෙනි.

දෙවනුව
ඇවිදීම, නතර වී සිටීම,
හිඳ ගැනීම, හා සැතපී සිටීම යන
සතර ඉරියව්වෙහි කය පිළිබඳ
සිහියෙන් සහ උපෙක්ෂාවෙන් සිටීමයි.

මේවා කුඩා ළමයෙකුට වුවත්
වැටහෙන සරල දේවල්.
එහෙත් කුඩා කල සිටම
තිරිසන් සතුන් මෙන්
ප්‍රිය අරමුණු සොයා
නිරන්තරයෙන් ගමන් කරන
පුහුදුන් පුද්ගලයාට
හුස්ම ගැන හා ඉරියව් ගැනවත්
සිහිය පැවැත්වීම
අතිශය අපහසු කාර්යයකි.

මුලු ජීවිතය පුරාම
කිසිම මොහොතක
මුලු සිරුරටම සංවේදී නොවන
සතෙක් වැනි කෙනෙකුට
එක් වරම ඉරියව් ගැන සිහිය
පැවැත්විය හැකිද.?

හුස්ම ගැන සිහිය පැවැත්වීම
මගින් කය ගැන අවසිහියෙන්
දසත සරන සිත
තමන්ගේ සිරුරට
සිරුරේ නිරායාසයෙන් සිදුවෙන
ශ්වසන ක්‍රියාවලිය මගින්
තමන්ගේ සිරුරට
යොමු කිරීම සිදුවෙයි.

විදසුන් වඩන්නෙකුට
ඉන් ඉදිරියට යාමට
මේ අවම සුදුසුකම් දෙකවත්
අවශ්‍යයි.

දුක අපිට ප්‍රිය පරාසයෙදි සැපක්.





දුක කියන්නෙ සමහරුන්ට වාසනාවක්..
සමහරුන්ට අවාසනාවක්..

වැඩියෙන් දුක් විඳින අය
දුක විඳින අතරෙම
දුක ගැනත් දුක්වෙලා
දුක දෙගුණ කරගන්නවා.

සැප කියන්නෙ අපි ප්‍රිය කරන
පාවෙන පරාසයක් තුළ පවතින දුකක්.
සීතල, උණුසුම,
දුක, තරහ, බය, කාමය
මේ හැම දෙයක්ම
විවිධ පරාස තුළ
සැපක් හෝ දුකක්.

උණුවෙන් තේ එකක් බොන කෙනා..
අයිස්ක්‍රීම් කන කෙනා..
පැහැදිලිවම දුක රස විඳින අය..
හැම කෙනෙක්ම එහෙමයි..
අපට නොතේරුණාට
අපි රස විඳින හැම දේම
වෙනත් පසුබිමකදි දුකක්.
දරුවන් හැදීම, රැකියාව,
ගෙදර දොර වැඩ...
හැම දේම දුකක්..
ඒ තුළ අපි ප්‍රිය කරන පරාසය නිසා
සැබැවින්ම දුකක් වෙන ඉතිරි කොටස
අපි බාරගන්නවා.
අපි දුකක ප්‍රිය කොටස රස විඳිනවා

පරිසරයෙහි උණුසුම අනුව
උණු තේ එකක් අපි බොන්න කැමතිවෙන
කිසියම් පාවෙන උණුසුම් පරාසයක් තියනවා.

සෙන්ටිග්‍රේඩ් අංශක X සිට ‍Y දක්වා.
සැප කියන්නෙ ඒ පරාසය.

ඇල් මැරුණොත් තේ එක දුකක්.
කට පිච්චෙන කොට
ඒකත් දුකක්.
දුක, තරහ, බය, කාමය
මේ හැමදෙයක්ම
අපිට ප්‍රිය පරාසයෙදි සැපක්.

සැප කියන්නෙ දුකෙහි
අපිට ප්‍රිය පරාසය.
දුක කියන්නෙ
දුකෙහි අපිට අප්‍රිය පරාසය.

වෙනස් වීමයි, දුක..

හැම අංශකයක්ම දුක..

දුකත් සැප වගේම
ජීවිතයෙ අංගයක් විදියට බාරගෙන
දුක තේරුම් ගැනීම
නැති නොවෙන සැපක්.

සැප තමන් විඳින පරාසයෙන් පිට
තමන්ට නොදැනෙන කොටස හා
තමන්ට දරා ගන්න බැරි කොටස අතර
සැප කියල විඳින දුකම බව තේරෙන කෙනා
දුකට මුහුණ දෙන විදිය ඉගෙන ගෙන
දුක නැති කරගන්නවා.

දුක සැප කියන්නෙ
උශ්ණත්වය වගේ
අපි ප්‍රිය කරන පරාසයය සහ
අප්‍රිය කරන පරාස දෙකයි.

කම්මල් කාරයෙක්
ලීයක් පිච්චුවොත් පිච්චෙනවා.
පුච්චලා වතුරෙ එබුවොත් නිවෙනවා.
තැලුවොත් කුඩු වෙලා යනවා.

කම්මල්කාරයෙක්
වානේ පිච්චුවොත් රක්ත තප්ත වෙනවා..
පුච්චලා වතුරෙ එබුවොත් නිවෙනවා.
තැලුවොත් පන්නරය හිටිනවා.

දුක කියන්නෙ සමහරුන්ට වාසනාවක්..
සමහරුන්ට අවාසනාවක්..

20130118

සමථ ක්‍රමයට විදසුන් වඩන්න බෑ.




සමථ වඩන කෙනෙක්
කරන්නෙ එක අරමුණකට
හිත එකඟ කරගෙන
අන් සියල්ලම ඉවත් කිරීමයි.

ඔහු ඊට ඇබ්බැහිවෙනවා.

සබ්බ කාය පටිසංවේදී.
ඉරියාපථ පබ්බ.
සම්පජඤ්ඤ පබ්බ වලින් කරන්නෙ
ඒ ඇබ්බැහි කමෙන් හිත මුදවලා
මුලු සිරුරටම හිත අවදි කිරීමයි.

තට්ටු හතරක ගොඩ නැගිල්ලක ආලෝකය දල්වන්න යන කෙනෙක්
එක කාමරයක ආලෝකය දැල්වීමෙන්
කාර්යය කෙරෙනවාද?


ශරීරය කියන්නෙ විවිධ වේදනා
මිලියන් ගාණක් වේදනා ඇති වෙවී
නැති වෙලා යන තැනක්.

එයින් එකක් තෝරාගෙන බලන එක
ඕනම කෙනෙක් කරනවා.
හිසේ කැක්කුම, දත් කැක්කුම වෙලාවට
ඔවුන් කරන්නෙ ඒකයි.
ඒ කැක්කුම දරන්න බැරි වෙන්නෙත් ඒකයි.

සමස්තයක් විදියට කය ගැන සිහිය දියුණු කළ යුතුයි.

සමස්තයක් විදියට වේදනා ගැන සිහිය දියුණු කළ යුතුයි.

සමස්තයක් විදියට සිත  ගැන සිහිය දියුණු කළ යුතුයි.

සමථයෙන් විදසුනට යන කෙනෙක්
එක වේදනාවක් බලමින්
පටන් ගන්න පුලුවන්.

ඒත් මුලු සිරුරම දකින තැනට
වර්ධනය විය යුතුයි.
  • සබ්බ කාය පටිසංවේදී.
    ඉරියාපථ පබ්බ.
    සම්පජඤ්ඤ පබ්බ පුහුණුව
    විදසුනේහි මුලටම යොදලා තියෙන්නෙ
    ඒ හැකියාව ලබා දෙන්නයි.


    පරිමුඛං සතිං උපට්ඨපෙත්වා
    මුහුණට සිහිය යොදවාගෙන
    ආනාපාන සතිය වඩන්න කියන්නෙ
    ඒ හුරුව පහසුවෙන් ලැබෙන්නයි.

    මුහුණ මුළු සිරුරෙම දැනීම්
    දැනෙන තැනක්.


එක මොහොතක
සමස්ත පුද්ගලයාම
සිත කය දෙකෙන්ම විඳින
සියල්ලම පිළිබඳව
සිහියෙන් හා උපේක්ෂාවෙන් සිටීමයි
අග්‍ර ඵලය.

විදසුන් වඩන්නෙක් නම්
වීර්යයෙන් එතන සිටිය යුතුයි.

රහතන් වහන්සේ
නිරායාසයෙන්ම ඉන්නවා.


20130118
=============================================

කෙටි සටහන්.





මිනිසා තමන්ට ප්‍රිය පරාසයක දුක
සැපක් විදියට විඳිනවා.

හැම කම්පනයක්ම දුකක්.
හැම සසල වීමක්ම දුකක්..

හැම වේදනාවක්ම දුකක්..

ඒත් තමන්ට හුරු පරාසය තුළ
ඇබ්බැහි වීම මත විඳින
ප්‍රිය වේදනා ඔහුට සැපක්.

මිරිස් රස දුකක්.
ඒ රසට ඇබ්බැහි වුණ දිවට
මිරිස් රස සැපක්.

ඒ පරාසයෙන් පිටත විඳින දුකම
අර පරාසය තුළත් ඔහු විඳිනවා.
ඒ දුක ඔහු දකින්නෙ සැපක් විදියටයි.

මිනිසාගේ සැප පවතින්නෙ
ඔහු එසේ ප්‍රියකරන පරාසයෙයි.
20130118
=============================================
 
දැනෙනවා කියන්න එකක්..
හිතනවා කියන්නෙ වෙන එකක්.

උණ තියන කෙනෙක් විඳින උණුසුමට
උණ කටුවත් සංවේදීයි.

ඒත් උණ කටුවට
හැඟීම් පහළ වෙන්නෙ නැහැ.

මිනිසෙකුට තව කෙනෙකුගෙ
දුකක් දැක්කාම
සිහිය, උපේක්ෂාව තියනවා නම්
කරුණාවක් පහළ වෙනවා. 


දුක නොදැනෙන අයට වුණත්
තමන් අහල තියන ධර්ම දේශනා නිසා
වැඩිහිටියන්ගෙන් ලැබිල තියන ආදර්ශ නිසා
අනික් කෙනා විඳින දුක ගැන
සිතිවිලි පහළ වෙනවා.


ඒ සිතිවිලි වලට
දුක, තරහ, අප්‍රසාදය ආදී වශයෙන්
ද්වේශය මුල්කරගත් සිතිවිලි
පහළ වෙන්න පුලුවන්.

එහෙම නැත්නම් යමක් කිරීමෙන් සතුටුවීමට
රාගයක් පහළ වෙන්නත් පුලුවන්.
ඔහු ඒ සඳහා
සංවිධානයක් හදන්නත් පුලුවන්.

මෝහයෙන් හිත අඳුරු නම්
අනික් කෙනාගෙ දුක නොපෙනෙන්නත් පුලුවන්. 

20130118
=============================================

.
සමථ ක්‍රමයට විදසුන් වඩන්න බෑ.

සබ්බ කාය පටිසංවේදී.
ඉරියාපථ පබ්බ.
සම්පජඤ්ඤ පබ්බ වලින් කරන්නෙ
ඒ ඇබ්බැහි කමෙන් හිත මුදවලා
මුලු සිරුරටම හිත අවදි කිරීමයි.

ශරීරය කියන්නෙ විවිධ වේදනා
මිලියන් ගාණක් වේදනා ඇති වෙවී
නැති වෙලා යන තැනක්.

එයින් එකක් තෝරාගෙන බලන එක
ඕනම කෙනෙක් කරනවා.
හිසේ කැක්කුම, දත් කැක්කුම වෙලාවට
ඔවුන් කරන්නෙ ඒකයි.
ඒ කැක්කුම දරන්න බැරි වෙන්නෙත් ඒකයි.

සමස්තයක් විදියට කය ගැන සිහිය දියුණු කළ යුතුයි.

සමස්තයක් විදියට වේදනා ගැන සිහිය දියුණු කළ යුතුයි.

සමස්තයක් විදියට සිත  ගැන සිහිය දියුණු කළ යුතුයි.

සමථයෙන් විදසුනට යන කෙනෙක්
එක වේදනාවක් බලමින්
පටන් ගන්න පුලුවන්.

ඒත් මුලු සිරුරම දකින තැනට
වර්ධනය විය යුතුයි.

එක මොහොතක
සමස්ත පුද්ගලයාම
සිත කය දෙකෙන්ම විඳින
සියල්ලම පිළිබඳව
සිහියෙන් හා උපේක්ෂාවෙන් සිටීමයි
අග්‍ර ඵලය.

විදසුන් වඩන්නෙක් නම්
වීර්යයෙන් එතන සිටිය යුතුයි.

රහතන් වහන්සේ
නිරායාසයෙන්ම ඉන්නවා.
20130118
=============================================

20130117

"මම" කියන්නෙ මිථ්‍යා දෘෂ්ඨියක්..

http://www.greenparenthood.com/wp-content/uploads/2010/11/healthy-food-and-body1.jpg
"මම" කියන්නෙ නම වගේ
පැවැත්මට අවශ්‍ය සාධකයක්..
.

"මම" කියන්නෙ මිථ්‍යා දෘෂ්ඨියක්..

මිනිසා සතු
ප්‍රබලම, දරුණුම  මිථ්‍යා දෘෂ්ඨිය

ඒ මිථ්‍යා දෘෂ්ඨිය
නිර්මාණය කරන්නේ
විඤ්ඤාණයයි.

"මම" පවතින්නේ කෙලෙස්
විදියට තැන්පත්වෙලා තියන
රාග, ද්වේශ හා මෝහ
සංස්කාර නිසා.

සත්වයා පවතින්නේ
සතර වර්ගයේ ආහාර නිසා.
1.කබලිකාර ආහාර
2.ස්පර්ශ ආහාර
3.මනෝ සංචේතනික ආහාර
4.විඥ්ඥාන ආහාර

මම පවතින්නේ
පැවැත්ම සඳහා
ආහාර ගතයුතු නිසා.

රූප කොටසට ආහාර සෙවීම
නාම කොටසෙ වගකීමයි.

ඒ අතරම
නාම කොටසත්
ප්‍රිය දේවල් සොයනවා.
සිදුවෙන දේ
ප්‍රිය අප්‍රිය දෙකට හා
දෙකටම අයත් නොවෙන දේ ලෙස
වර්ග කරමින්
රාග, ද්වේශ හා මෝහ වශයෙන්
ආහාර රැස් කරගන්නවා.

කබලිකාර ආහාර
පමණ ඉක්මවා ගත්තාම
තරබාරු වෙනවා වගේ
මානසික ආහාර වැඩිවුණාම
මමත්වයත් වැඩෙනවා.

කබලිකාර ආහාර වලට
සීමාව පටුයි.
මානසික ආහාරවලට
සීමාවක් නෑ.

කබලිකාර ආහාර අක්මාවෙ
තැන්පත් වෙනවා.
ආහාර නොගත් වෙලාවට
අක්මාවෙන් ආහාර නිදහස් කරල
ජීවිතය පවත්වා ගන්නවා.
රාග, ද්වේශ හා මෝහ
සංස්කාර වශයෙන්
මානසික ආහාර විඤ්ඤාණයේ
තැන්පත් වෙනවා.

මානසික ආහාර නොගන්න වෙලාවට
රාග, ද්වේශ හා මෝහ
සංස්කාර නිදහස් කරල
මානසික ක්‍රියාව්ලිය
පවත්වා ගන්නවා.

කබලිකාර ආහාර අඩුකළාම
කය දුර්වල වෙනවා.
තැන්පත් වෙලා තියන ආහාර
ඉවරවෙන තුරුම
ආහාර නොගෙන හිටියොත් මැරෙනවා.
මානසික ආහාර අඩුකළාම
කය දුර්වල වෙනවා.
තැන්පත් වෙලා තියන කෙලෙස්
ඉවරවෙන තුරුම
මානසික ආහාර නොගෙන හිටියොත්
මමත්වය මැරෙනවා.

විදසුන් වඩන්නෙකුට
ඔහු තුළත් බැහැරත් සිදුවෙන දේ
මොහොතින් මොහොතට
ක්‍රියාවලියක් ලෙස පෙනෙනවා.
ඒ මොහොතට "මම" නැහැ.
නාම කොටස මුලු රූපයම ගැන
සිහියෙන් හා උපේක්ෂාවෙන් ඉන්න
නිර්මල මොහොතට
"මම" නැහැ.
ඇතිවෙන නැතිවෙන
ක්‍රියාවලියක් විතරයි.

විදසුන් වඩන්නෙක්
තමා තුළ හෝ බැහැර
ඒ මොහොතෙ සිදුවෙන දේට
සිහියෙන් හා උපේක්ෂාවෙන් ඉන්නවා.
ඔහු ඒ කිසිවකට ප්‍රතිචාර ලෙස
අලුත් සංස්කාර හදන්නේ නැහැ.
විදසුන් වඩන මොහොතෙදි
විඤ්ඤාණයට ආහාර නැහැ.

විදසුනෙන් ගතකරන මොහොතට
රාග, ද්වේශ හා මෝහ වශයෙන්
මානසික ආහාර ගැනීම
නතර වෙනවා.

පැරණි කෙලෙස්
සංස්කාර විදියට මතුවෙලා
සිහියෙන් හා උපේක්ෂාවෙන් සිටිනවිට
නිරුද්ධ වෙනවා.

කාය, වේදනා, චිත්ත, ධම්ම
සතරම පිළිබඳව
සමස්තයක් විදියට
සිහියෙන් හා උපේක්ෂාවෙන් සිටිනවිට
"මම"එනම් නාම කොටස
මුලු රූපයම සමග එකක් විදියට
පවතිනවා.

කෙලෙස් නැතිවෙන විට
ප්‍රඥාව පහළ වෙනවා.

"මම"තමන්ගෙ කැමැත්තට
ප්‍රිය දේම සොයමින් ගිය ගමන
ප්‍රඥාව යන්නෙ
සිරුර තියෙන තුරු පමණයි.

සම්‍යක් මිථ්‍යා දෘෂ්ඨි

බුදු දහමට අදාළව
-------------------------------------
1, දෘෂ්ඨියක් යනු කුමක්ද.
නැති දෙයක් ඇති ලෙස ඇදහීම..
නැති දෙයක් නැති ලෙස ඇදහීම..
ඇති දෙයක් ඇති ලෙස ඇදහීම..
ඇති දෙයක් නැති ලෙස ඇදහීම..
------------------------------------

2, සම්‍යක් දෘෂ්ඨිය කුමක්ද?
දුක ශ්‍රද්ධාවෙන් පිළිගැනීම..
දුකට හේතුව ශ්‍රද්ධාවෙන් පිළිගැනීම.
දුක නැති කිරීම ශ්‍රද්ධාවෙන් පිළිගැනීම.
දුක නැති කිරීමේ මාර්ගය ශ්‍රද්ධාවෙන් පිළිගැනීම.
------------------------------------

3, මිථ්‍යා දෘෂ්ඨිය කුමක්ද?
දුක නැති දෙයක් ලෙස ඇදහීම..
සැප ඇති දෙයක් ලෙස ඇදහීම..
------------------------------------

4, මේ දෙකට අයත් නොවන දැක්ම කුමක්ද?
දුක සැප වශයෙන්
වෙන් වෙන්ව නොවිඳ
සමස්තයක් ලෙස
මේ මොහොතේ ඇති දේ
ඇති සැටියෙන් දැකීම..


1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් විසීම,

2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේද්නා වල වේදනා අනුව දකිමින් විසීම,

3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් විසීම,

4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් විසීම,




20130114

සියල්ල දෘෂ්ඨීන්. - සම්‍යක් හො මිථ්‍යා දෘෂ්ඨීන්


ගෙදර විදුලි බුබුලු නිවල තියන වෙලාවට
නිවසට විදුලිය ඇතැයි සිතීම
දෘෂ්ඨියක්.

ස්විච් දැම්මත්
ගෙදර විදුලි බුබුලු නොදැල්වෙනකොට
අවට නිවෙස් වල විදුලිය තියනවා නම්
ඒ නිවෙස් වල වරදක් නිසා
ඔවුන්ට විදුලිය ඇතැයි සිතීම
මිථ්‍යා දෘෂ්ඨියක්.

ස්විච් දැම්මත්
ගෙදර විදුලි බුබුලු නොදැල්වෙනකොට
අවට නිවෙස් වල විදුලිය තියනවා නම්
තම නිවසේ පරිපථයෙ දෝෂයක් නිසා
තමන්ට විදුලිය නැතැයි සිතීම
සම්‍යක් දෘෂ්ඨියක්.

ඒ දෝෂය සොයා ගැනීමට සහ
එය නැති කරගැනීමට
කටයුතු කරන්නා
දෘෂ්ඨියෙන් මිදේ.
----------------------------------
බුදු දහමෙහි නම්
සම්මා දිට්ඨි කියන්නෙ
1, දුක,
2, දුක ඇතිවීමට හේතුව,
3, දුක නැති කිරීම,
4, දුක නැති කර ගැනීමේ මාර්ගය
පිළිබඳ ශ්‍රද්ධාවයි.

දුකෙන් මිදෙන්නට
ඒකායන මාර්ගය වන
විදසුන වඩන්නා
දුක කුමක්දැයි හඳුනාගෙන
කෙමෙන් කෙමෙන් දෘෂ්ඨි වලින් මිදෙන්නේ
මෙතෙක් තමා ශ්‍රද්ධාවෙන් පිළිගත්
ධර්මතාවයන් තමාතුළම දැකීමෙනි.
ඒ දක්ම දෘෂ්ඨියක් නොවේ.

එසේ නොදැකිය හැකි සියල්ල
දෘෂ්ඨීන්ය.
සම්‍යක් හො මිථ්‍යා දෘෂ්ඨීන්ය.

20130109

විදර්ශනා


විදර්ශනාව යනු
1, මෝහයෙන් අඳුරු නොවී,
2, රාග, ද්වේශ දෙකෙන් කිලිටි නොවී,
අපට මේ මොහොතෙහි දැනෙන දේ
එහි සැබෑ ස්වරූපයෙන්ම දැකීමයි.

විදර්ශනාව
නිවන් දැකීමට පමණක් නොව,
අප ගතකරන හැම මොහොතකටම උපකාරීවන,
අපට අත්‍යාවශ්‍ය පුහුණුවකි.
අප ලබන අධ්යාපනයට,
අප හදාරන ශිල්පයට,
අප කරන රැකියාවට,
හැම මොහොතකම අවශ්‍ය
සිහිය සහ උපේක්ශාව
නොනැසෙන ලෙස දියුණු කරගන්නට
හොඳම ක්‍රමය, විපස්සනා වැඩීමයි.
අප එදිනෙදා කරන කියන දේට
සපුරාම බලපාන්නේ
අපේ සිත පවතින ස්වභාවයයි.
සිතෙහි උදාසීන බව,
කැළඹීම ආදී නීවරණ නිසා
කිලිටි වෙයි, අවුල් වෙයි.

සිතේ කිලිටි බව හා අවුල් බව
සිතෙහි උපදින
රාග, ද්වේශ මෝහ සංස්කාර වල
ප්‍රතිඵලයකි.

උදාහරණයක් ලෙස,
ආහාරයක රස හඳුනා නොගෙන
“අවසිහියෙන්” ගැනීම
මෝහයයි.

එහි රස තිත්ත, කටුක ආදී වශයෙන් ගෙන
ප්‍රතික්ශේප කිරීම ද්වේශයයි.

එහි රස මිහිරි ලෙස ගෙන
තදින් ඇලුම් කිරීම රාගයයි.

විදසුන් වැඩෙනවිට,
වඩාත් හොඳින්
රස දැනෙන නමුදු
රස ප්‍රිය අප්‍රිය ලෙසම හඳුනාගන්නා නමුදු,
ආහාරයෙහි “රසය” මත
ආහාර ගන්න ප්‍රමාණය
අඩුවැඩි නොවෙයි.

ආහාරයෙහි රසය පමණක් නොව
එයින් ඇති කරන ප්‍රථිඵලත් සමග
සමස්තයක් ලෙස දැක,
තීරණ ගැනීමේ ශක්තිය,
එනම් ප්‍රඥාව දියුණු වෙයි.

රූප, ශබ්ද, ගන්ධ,රස හා ස්පර්ශ
අතීත අනාගත සිතුවිලි
සහ අප දරන දෘෂ්ටි ආදී
පසිඳුරන් හා මනස මගින්,
අපි විඳින සියලුම දේ,
අපට ආහාර වෙයි.

සමහර ආහාර
අපට පෝෂණය ලබාදී
අපේ කාය චිත්ත ශක්තිය දියුණු කරයි.

සමහර ආහාර වලින්
අපේ කාය චිත්ත ශක්තිය පිරිහෙයි.
සිත නිදිබර වෙයි.
සිත කැළඹෙයි.
පිනට මෙන්ම පවටද
අප පොළඹවයි.

මේ වෙනස්කම්
හඳුනාගැනීමේ ශක්තිය,
ප්‍රඥාවයි.

ප්‍රඥාවට පාදක වන
ව්දර්ශනාව යනු
අපට මේ මොහොතෙහි දැනෙන දේ
රාග, ද්වේශ දෙකෙන් කිලිටි නොවී,
මෝහයෙන් අඳුරු නොවී,
එහි සැබෑ ස්වරූපයෙන්ම දැකීමයි.

ප්‍රඥාවට ඇති එකම බාධකය
අවිද්යාවයි..

ඉතා සරලව,
අවිද්‍යාව කියන්නෙ
සිහියෙන් තොරවීමයි.

කය සහ කයෙහි වෙනස්වීම්,
සිත සහ සිතෙහි වෙනස්වීම්
පිළිබඳව සිහියෙන් තොරවීමයි.

කාය, වේදනා, චිත්ත, ධම්ම යන
සතර අනුපස්සනාවෙන්
අවිද්‍යාව නිරෝධ වෙනවා.
පංච උපාදානස්කන්ධයේ
රූප (ඵස්ස.), වේදනා, සංඥා තුන පිළිබඳව
සිහියෙන් තොරවීම අවිද්යාවයි ….

සතර සතිපට්ඨානය වැඩීමෙන්
අවිද්යාව නිරෝධ වෙනවා.

(වයධම්මා සංඛාරා….)
සංස්කාර වල ස්වභාවය වැය වීමයි.
උපදින සංස්කාර  වැය වෙලා යනවා.
ඉපදුනොත් නිරෝධ වෙනවා.

කාය, වේදනා, චිත්ත, ධම්ම යන
සතර අනුපස්සනාවෙදි
නව සංස්කාර ඇතිවෙන්න තියන අවකාශය අත් හිටුවන නිසා,
පැරණි සංස්කාර ඉපදිලා නිරෝධ වෙනවා.

මේ සත්‍යතාවයන්,
විපස්සනා වැඩීම තුලින්ම
අවබෝධ කරගැනීම යහපති.

ලෞකික සමාධි වැඩීමෙන්
ප්‍රඥාව දියුණු වෙන්නෙ නැහැ.

ප්‍රඥාවට මුල්වන්නෙ
සතර සතිපට්ඨානය වැඩීමෙන්
අවිද්යාව නිරෝධ වී,
සංස්කාර-විඤ්ඤාණාදිය නිරෝධ වී
ලබන ‘සම්මා’ සමාධියයි.

20120205________________________________________________________
විපස්සනා ( කාය, වේදනා, චිත්ත, ධම්ම -සතර අනුපස්සනා )
============================================================
විපස්සනා පුහුණු විය හැකි මධ්යස්ථාන රැසක්,
ශ්‍රී ලංකාව
ඇතුලු ලෝකයේ රටවල් රැසක .
This is the international home page of the organizations
which offer courses in Vipassana Meditation
as taught by S.N. Goenka and his assistant teachers
in the tradition of Sayagyi U Ba Khin.

20130106

ශීල සමාධි ප්‍රඥා


ශීල සමාධි ප්‍රඥා තුන
සරලව හඳුනා ගැනීම වැදගත්.


ශීලයෙන් මූලිකව ආරක්ෂා වෙන්නෙ
පුද්ගලයාට වඩා සමාජයයි.

ශීලයෙන් කරන්නෙ
හිත කරන්න කියන දේ නොකර ඉඳීමයි.

මත්පැන් පානයෙන් වැළකිය යුතු
ඒ දේ කරගන්න බැරි තැනකට
පත් නොවී ඉන්නයි.

ශීලයෙන් සංවරය,
ආත්ම දමනය හුරු වෙනවා.
තමා කරන දේ කියන දේ
හිතන දේ පෙනෙනවා.
මේ ගුණාංග සමාධියට
වැදගත් වෙනවා.

සමාධිය දෙයාකාරයි.
පළවැන්නෙ අරමුණ සමාධියම නෙමෙයි.
හිත අවුල් වුණාම
පැනලා යන්න තැනක් අවශ්‍යයි.

තමන්ට කැමති අරමුණක
හිත තියා ගැනීමෙන්
හිත අවුලෙන් මිදෙන්න පුලුවන්.
ගීත, ටෙලිනාට්‍ය, ඔපාදූප,
රසවත් ආහාර පාන,
විතරක් නෙමෙයි,
දුම් බීම, මත්පැන පවා
හිතේ අවුලෙන් මිදෙන්න
යොදාගන්නා ක්‍රම.

ඒත් ඒ අරමුණ බිඳිලා
හිත ආයෙමත් අවුල් වුණාම
හැසිරෙන්නෙ සතෙක් වගෙයි.

මේ ක්‍රමයෙ තවත්
ප්‍රභේදයක් වශයෙන්
සමථ භාවනා
සලකන්න පුලුවන්...

කිසියම් විදියකින්
සමථ භාවනා හුරුවෙන අයත්
හිත අවුල් වෙනකොට
තැන්පත් කරගන්න
ක්‍රම හොයාගන්නවා.

වචන මැතිරීමෙන්,
නවගුණ වැල, කොන්තය ගැනීමෙන්
ආදී ආකාරවලින්
හිත අකර්මණ්ය කිරීම
ඔවුන්ගේ ක්‍රමයයි.

මේ ක්‍රම එකකින්වත් හිත
නිසි අයුරින් පිරිසිදු වෙන්නෙ නැහැ.

හිත අවුල් කරමින්
හිතේ මතු වුණ කෙලෙස්
මඩ වතුර බඳුනක
මඩ පතුලට තැන්පත් වෙනවා වගේ
හිත පතුලට තැන්පත් වීමෙන්
හිත නිවෙනවා.

හිත අවුල් වෙන ප්‍රමාණයට
කෙලෙස් ගබඩාව වැඩි වෙවී යනවා.
සමථ භාවනා වඩන්නාට තියන සහනය
ඔවුන් සාමාන්‍ය අය තරම් වෙලාවක්
විඳවන්නෙ නැහැ.
ඒත් ඔවුන්ගෙ ගැලවීම තාවකාලිකයි..
පහසුවෙන් බිඳෙන සුළුයි.


දෙවැනි ක්‍රමය
බුදුන් වහන්සේගේ සොයා ගැනීම වන
විදසුන මගින් කෙලෙසුන් නසා ලබන
නොබිඳෙන සම්මා සමාධියයි.

සම්මා සමාධියට
මූලිකවම හේතු වෙන්නෙ
විදසුන මගින්
හිතේ කෙලෙස් සුන්වීමයි.
ඒ නිසා විදසුන් වඩන්නා තුළ
දවසින් දවස නොකඩවා වැඩෙන
සමාධියක් තියනවා.

සතෙක් එදිනෙදා ජීවිතය ගත කරන කොට
ඌ තුළ මෙන්ම බාහිරව සිදුවෙන දේට
ප්‍රතික්‍රියා දක්වන්නෙ ආවේගශීලීවයි.
උගේ සම්පූර්ණ අවධානය පවතින්නෙ
තමාට කරදරයක් වුණ දේටයි.
ඌට තව සතෙක් මරන්න
තවත් සතෙකුට තුවාල කරන්න
ප්‍රබල හේතුවක් අවශ්‍ය නැහැ.

මිනිස්සුන්ට අවශ්‍ය නම්
සතුන් වගේ නැතුව
තමන් කරන දේ ගැන
සිහියෙන් ක්‍රියා කරන්න පුලුවන්.

සාමාන්‍ය මිනිහෙකුටත්
සතෙකුට වගේම
තමන් තුළ සිදුවෙන දේ
පෙනෙන්නෙ නැහැ.

ඔහු දවසක් තුළ අනන්ත වාරයක්
තමන්ගෙ ඉරියව් වෙනස් කරනවා.
ඒ බව ඔහු දන්නෙ නැහැ.
දවසක් තුළ බොහෝ දේ කරනවා.
පුරුද්දට කරගෙන යනවා.
නුහුරු විදියකට කරන්න වුණොත්
කෝපයටත් පත් වෙනවා.

මිනිසා කියන්නෙත් සතෙක්මයි.

මිනිසා මේ තිරිසන් ජීවිතයෙන් මුදාගෙන
මිනිහෙක් කරන්න මුල් පියවර තැබුවේ
බුදුන් වහන්සේයි.

තමන් කවුද කරන්නෙ මොනවද කියලා
කිසිම හැඟීමකින් තොරව
දවස පුරා ප්‍රිය දේවල් ලබන්නත්
අප්‍රිය දේවල් ඈත් කරන්නත්
වල් වැදී රස්තියාදු ගහන හිත
තමන් ළඟට ගන්න
උන් වහන්සෙ මුලින්ම
තමන්ගෙ මුහුණ ගැන සිහියෙන්
හුස්ම දිගද කෙටිද කියලා
බලා ඉන්න හිතට පුරුදු කරනවා.
එයින් හිත සමාධි ගත වුණාට
තමන් අමතක වෙන්නෙ නැහැ.

අනිත්‍‍ය එනම්
වෙනස් වීම දකිනවා.
අනත්ත
එනම් තමාට සිදුවන
තමා කරන දේ
"කිසිවෙක් නොකරන බව" දකිනවා.

මේ අතරම හිත
මුලු සිරුරටම සංවේදී වෙනවා.
ඔහු තමන්ගෙ ඉරියව්ව දකින්න
නිරායාසයෙන්ම හුරු වෙනවා.

කරන කියන දේ සිහියෙන් කරන්න
පුහුණු වෙනවා.

සිහිය සමග උපේක්ෂාවත්
දියුණු වෙන නිසා
සිහිය වැඩෙනවා.

වෙනදා හිසේ කැක්කුමක්, දත් කැක්කුමක්
වගේ දේකට සංවේදී වුණ ඔහු
මුලු සිරුරටම සංවේදී වෙනවා.

කල් යාමේදී සිහිය තියුණු වෙනවා.
සියුම් වෙනවා.

ඇතිවෙන වේදනා අනුව,
එනම් කයෙහි වෙනස් වීම් අනුව
හිත වෙනස් වෙන ආකාරයත් දකින්න
ඔහුට හැකි වෙනවා.

හිතේ ඇතිවෙන ද්වේෂය
ව්‍යාපාදයට හැරෙන ආකාරයත්
ඒ ව්‍යාපාදය ඵරුෂ වචන සහ
සැරඵරුෂ ක්‍රියා බවට
පත්වෙන හැටිත් ඔහුට පෙනෙනවා.

ඒ ක්‍රියාවලිය සියුම් මට්ටමකදී
එනම් වේදනා, චිත්ත හෝ නීවරණ
අවස්ථාවෙදි දකින්න
ඔහුගෙ සිහිය තියුණු නම්
ශීලය ඉබේම රැකෙනවා.

තමා අරමුණු කරගෙන
හිත පවතින නිසාත්
සිහිය සමග උපේක්ෂාව ඇති නිසාත්
සමාධිය වැඩෙනවා.

මේ සියල්ලටම වඩා වටින්නෙ
අත්දැකීම් සිත කය දෙකෙන්ම විඳිමින්
තමා තුළත් බැහැරත්
සිදුවන සියල්ලම දකින නිසා
අත්දැකීමෙහි සැබෑ රූපය පසක් කිරීම නිසා
නිරායාසයෙන් වැඩෙන ප්‍රඥාවයි.

විදසුන් වඩන්නෙක් වරදක් කළත්
එම අත්දැකීම
සමස්තයක් ලෙස විඳින නිසා
එහි ආදීනවත් පෙනෙනවා.
නිස්සරණය සිදුවන්නෙ
නිරායාසයෙන්.

වීර්යයෙන් වගාකරගන්නා ශීලය
ප්‍රමාදය නිසා බිඳෙනවා..
ලෞකික සමාධිය බිඳෙනවා.
වීර්යයෙන් වගාකරගන්නා සම්මා සතියත්
සම්මා සමාධියත්, ප්‍රඥාවත්
සසර පුරා අපත් සමග සැරි සරනවා.

සම්මා සතියත්
සම්මා සමාධියත්, ප්‍රඥාවත්
තෘෂ්ණා, මාන හා දෘෂ්ඨි නිසා
මළ බැඳී යටපත් වුණත්
නැතිවෙන්නෙ නැහැ.


20130104

නිවනට “එකම මාර්ගය”





1, සත්වයාගේ විශුද්ධියට,
2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3, දුක් දොම්නස් අස්තංගත වීමට
4, ප්‍රඥාව ඉහළ යාමට
5, නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.

කවර වූ සතරෙක්ද?

___මහණෙනි, යම් මහණෙක්,
1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,

2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේද්නා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,

3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,

4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,

1, “එකායනො මග්‌ගො”
සත්‌තානං විසුද්‌ධියා,
-සත්වයා මූලික වශයෙන් පිරිසිදුයි. පිරිසිදු වතුරෙ මඩ වගේ… සත්වයා අපිරිසිදු වෙලා තියෙන්නෙ බැහැරින් ආ කෙලෙස් නිසයි . ඒ කෙලෙස් විදසුන් මගින් ඉවත් කළාට පස්සෙ ඒ විශුද්ධිය ලැබූ සත්වයාගෙ සිතේ ස්වභාවය ප්‍රඥාව, මෙත්තා මුදිතා කරුණා උපෙක්ඛා ආදියයි .

2, සොක පරිදෙවානං සමතික්කමාය,
සෝ තැවුල් නම්
අතීතයෙ හෝ අනාගතෙ සිදුවීම් සිහි කරමින්
සෝක වීම හා තැවීමයි.
සෝ තැවුල්
මනසෙහිම නිර්මාණය වන බැවින්
වළාකුලකට මැදිවූ කුරුල්ලෙකුට මෙන්
වහාම හෝ ප්‍රමාද වෙ ඉක්මවිය හැකිය.

සොවින් ලතැවුලෙන් පසුවන කෙනෙකු
සමස්තයක් ලෙස
කය, [වේදනා]-කයෙහි වෙනස්වීම්,
සිත, [ධර්ම]සිතෙහි වෙනස්වීම් යන
සතර පිළිබඳව
සිහියෙන් සහ උපේක්ශාවෙන් පසුවෙන විට
සෝ තැවුල් සමත වී, ඉක්මවා යාම සිදුවෙයි.

පටාචාරාව වහා සිහි එලවා ගත් නමුත්
කිසාගෝතමියට සිහි එලවා ගැනීමට
වැඩි කාලයක් ගතවිය.

__________________________________
“එකායනො අයං භික්‌ඛවෙ මග්‌ගො”
=එකම මාර්ගය මෙයයි, මහණෙනි=
1, සත්‌තානං විසුද්‌ධියා,
=සත්වයාගේ විශුද්ධියට,=
2, සොකපරිදෙවානං සමතික්කමාය,
=සෝක පරිදේව සමතය හා ඉක්මවීමට.
3,දුක්‌ඛ දොමනස්‌සානං අත්‍ථඞ්‌ගමාය,
=දුක් දොම්නස් අස්තංගත වීමට
4, ඤායස්‌ස අධිගමාය,
=ප්‍රඥාව ඉහළ යාමට
5, නිබ්‌බානස්‌ස සච්‌ඡිකිරියාය,
=නිවන සාක්ශාත් කිරීමට
යදිදං චත්‌තාරො සතිපට්‌ඨානා.
=මේ සතර සතිපට්ඨානයයි.

කතමෙ චත්‌තාරො:
=කවර වූ සතරෙක්ද?

ඉධ භික්‌ඛවෙ, භික්‌ඛු
=ම්හණෙනි, යම් මහණෙක්,

කායෙ කායානුපස්‌සී විහරති,
=කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
ආතාපී සම්‌පජානො සතිමා
=වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
=පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව

වෙදනාසු වෙදනානුපස්‌සී විහරති
=[කයෙහි වෙනස් වීම්]
=වේද්නා වල වේදන අනුව දකිමින් වෙසෙයි,
ආතාපී සම්‌පජානො සතිමා
=වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
=පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව

චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති
=සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,
ආතාපී සම්‌පජානො සතිමා
=වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
=පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව

ධම්‌මෙසු ධම්‌මානුපස්‌සී විහරති
=[සිතෙහි වෙනස්වීම්]
=දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,
ආතාපී සම්‌පජානො සතිමා
=වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
=පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව

20130101

සමථ හාවෝ සහ විදසුන් ඉබ්බෝ


කෝපයෙන් වියරු වැටුණ කෙනෙක්
අසභ්‍ය වචන කීමටත්,
රණ්ඩු සරුවල් ඇතිකර ගන්නටත්
ඇණ කොටාගන්නටත් පෙළඹෙන්නෙ
නිරායාසයෙන්.

ඔහු තුළ වෙන වෙනස්කම්..
ද්වේශය, ව්‍යාපාදය
ඔහුට පෙනෙන්නෙ නැහැ.

කෝපයට පත්වුණ වෙලාවට වුණත්
සිහි එළවා ගත්තොත්
අපි තුළ අපිටම දැකිය හැකි
ද්වේශය, ව්‍යාපාදය ඇතිවෙන්නෙ
ඒ මොහොතෙ අපිට දැනෙන දේ නිසා
විතරක් නෙමෙයි.
අතීත්යෙන් මතුවෙන සංස්කාරත්
ඒ අත්දැකීමට එක් වෙනවා.

කල්ලියක එක්කෙනෙක් කැළඹුණාම
මුලු කල්ලියම කැළඹෙනවා වගේ
රාග, ද්වේශ, මෝහ සංස්කාරත්
අපේ හිතට කඩා වදිනවා.
පොඩි දෙයක් නිසා
කෙනෙක් කෝපයෙන් වියරු වැටෙන්නෙ
මේ නිසයි.

ගෙදර ඉන්න බල්ලාට "ඉන්ජුහ්"
කියලා කතා කරපු මිනිහෙක්
ඒ වෙලාවෙ අහම්බෙන් පාරෙ ගිය මිනිහෙක්
තමන්ට බල්ලා කිව්වා කියල හිතාගෙන
කෝපයෙන් වියරු වැටිලා ඇවිත්
ගහපු පොලු පහරකින් මැරිල වැටුණෙ
ඒ අනුවයි.

නිදි මැරුවාම, වෙහෙසට පත්වෙලා,
කරදරයකට මැදි වෙලා ඉන්න කොට
කෝපයෙන් වියරු වැටෙන්නෙ පහසුවෙන්.

නිවුණ සැනසුන පරිසරයක
කිස්ම දෙයක් නොකර හිටියත්
එක්‍රැස් වුණ කෙලෙස් හෝ
ඉඩ ලද හැමවිටම
හිතට මතු වෙනවා.
සංස්කාර  නිසා ඇතිවෙන
සරාග සදෝස සමෝහ චිත්තයන්
නීවරණභරිත සිතුවිලි
වචන සහ ක්‍රියා බවටත් හැරෙනවා.
සමථ වඩන්නා කරන්නෙ
හිත වෙනතක යොමු කරලා
ඒ කෙලෙස්වලට නැවත
තැන්පත් වෙන්න ඉඩ හරින එකයි.

ඔහුගෙ උඩු හිත දන්නෙ නැති වුණාට
සිරුර මුලු දවස පුරාම
පරිසරයට ප්‍රතික්‍රියා දක්වමින් ඉන්නවා.
ඔහුගෙ ගබඩාවට අලුතෙන් කෙලෙස්
එක්වෙනවා විතරයි.

සමථ වඩන්නා සංස්කාර  වලින්
පැනලා ගිහින් පුරුදු වෙන නිසා..
ලොකු සංස්කාර වලට යටත් වෙනවා.
පවට පෙළඹෙනවා.
සමථ වඩන්නා
දැහැන බිඳුණාම
පහසුවෙන් පවට වැටෙනවා.

ඔබ දන්නා
සමථයානිකයන් සිහි කරන්න.

විදසුන් වඩන්නාගෙ
කාය වාග් හා මනෝ සංවරය දියුණුයි.

ඔහු විදසුන තුලින්
සංස්කාර පිළිබඳව සිහියෙන්
සහ උපෙක්ෂාවෙන් ඉන්න
පුහුණු වෙන නිසා
අසංවර ස්වභාවයට හේතුවෙන
කාය, වාග්  ක්‍රියා
සංස්කාරබරිත  වෙන්නෙ අඩුවෙනුයි..

හිතේ සහ කයෙහි
සංස්කාර මතුවෙලා තියෙද්දී
වේදනා විදියට හෝ හැඟීම් විදියට හෝ
නීවරණ විදියට ඔහු දකින නිසා
වචන හා ක්‍රියාවන් තුළට
ඒ සංස්කාර එක්වෙන්නෙ නැතුව
කතාබහ කරන්නත්, ක්‍රියා කරන්නත්
ඔහුට පුලුවන්.

ප්‍රයෝගිකව විදසුන් නොවැඩුවත්
වැඩුණ ප්‍රඥාවෙන් යුතු පුද්ගලයන්
මෙසේ හැසිරෙනවා.

විදසුන් වඩන්නා
මොන විදියට සංස්කාර මතු වුණත්
සිහියෙන් හා උපේක්ෂාවෙන් ඉන්න නිසා
උපදින, උපදින සංස්කාර නිරුද්ධ වෙනවා.

විදසුන් වඩන්නාගෙ කෙලෙස් ගබඩාව,
දිනෙන් දින, මොහොතින් මොහොත,
හිස්වෙනවා.

ඔහුගෙ දුක
දිනෙන් දින, මොහොතින් මොහොත,
අඩු වෙනවා.

සමථයෙන් දිවි ගෙවන හාවන් පසු කොට
විදසුන් වඩන ඉබ්බන්
දිණුම් කණුවට ළඟා වෙනවා.