20130204
අනිත්යයේ දුක
.
අනිත්‍යය තමා තුළ නොදැක
ජාති පි දුක්‌ඛා,
ජරාපි දුක්‌ඛා,
මරණම්‌පි දුක්‌ඛං,
සොකපරිදෙවදුක්‌ඛදොමනස්‌සුපායාසාපි දුක්‌ඛා,
අප්‌පියෙහි සම්‌පයොගො දුක්‌ඛො,
පියෙහි විප්පයොගො දුක්‌ඛො,
යම්‌පිච්‌ඡං න ලභති තම්‌පි දුක්‌ඛං,
සඞ්‌ඛිත්‌තෙන පඤ්‌චුපාදානක්‌ඛන්‍ධා පි දුක්ඛා
කියලා කියන්න පුලුවන්.
පෙත්ත බත් කෑවද? වගෙ කියන්න පුලුවන්..
හැම කෙනෙකුටම තියෙන්නෙ
නිර්වින්දක ගත්තා වගේ
හිරිවැටුන ශරීරයක් නිසා
දවස පුරාම වෙන
නිරන්තර වෙනස් වීමේ දුක
දැනෙන්නෙ නැහැ.
වෙනස්වීම දරාගන්න බැරුව
දවස පුරාම
නිරන්තරයෙන් වෙනස් කරන
ඉරියව්වවත්
කෙනෙකුට දැනෙන්නෙ නැහැ.
උණුසුම වෙනස් වෙනකොට
ෆෑන් එකදාන්න, ජනෙල් අරින්න දිව්වට
මේ දුවන්නෙ
වෙනස දුකක් නිසා කියල
දැනෙන්නෙ නැහැ.
ලුණු අඩුවුණාම කන්න බැහැ..
හිසේ කැක්කුමක්
දත් කැක්කුමක් වගේ
ලොකු වෙනසක් වුණාම
අනිත්යයේ දුක දරාගන්න බැරුව
බෙහෙත් සොය සොයා යනවා.
බෙහෙත් කියලා
බොහෝ විට ගන්නෙත් නිර්වින්දක.
වෙනස එහෙමම තියනවා.
නිර්වින්දනය නිසා දැනෙන්නෙ නෑ.
අපේ සිතත් ශරීරයත්
මොහොතක් පාසා වෙනස් වෙනවා.
වෙනස් වීමේ දුක දවස පුරාම තියනවා.
අනිත්‍යය නිසයි
කැමති සේ නැති වෙන්නෙ.
අනිත්‍යය නොදැනෙන කෙනෙකුට
කයෙත්, වේදනාවෙත්,
චිත්තයත් ධර්මතාත්
කැමති සේ නැතිවීමෙ
දුක දකින්න බෑ.
සතිපට්ඨානයෙ අවසානය දක්වාම
සමුදය වැය වශයෙන්
දකින්න කියල තියෙන්නෙ
අනිත්‍යය තමයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment