20130202

මිසදිටු ගුරුවරු




සමථ විදර්ශනා එක්ව හෝ
විදර්ශනා තනිව නොවඩා,
සමථ පමණක් වැඩීම
හානිකර විය හැක.

සමථය පමණක් වඩන්නෝ
මිථ්‍යා දෘශ්ඨික වෙති.
රූප කොටස පිළිබඳව
මෝහයෙන් පසුවෙන
ධ්‍යාන ලාභියා
දකින්නේ මිථ්‍යාවකි.

රාග, ද්වේශ වලින්
දුක විඳින්නාත්
මිථ්‍යා දෘශ්ඨිකයෙකි.

තමා පිළිබඳව
සිහියෙන් සහ
උපෙක්ශාවෙන් පසු නොවෙන
ඕනෑම කෙනෙක්
දකින්නේ සැබෑ තත්වය නොවේ.

සමථය පමණක් වඩන
මිථ්යා දෘෂ්ඨිකයින් වටා
රොක්වන පිරිස
එසේ රොක් වන්නේ
ඔහුගේ  මිථ්යා දෘෂ්ඨික ධර්මයට නොව
ඔහු වඩාගෙන ඇති
සමාධිය නිසාය.

ඔහුගේ දේශනාව
එක් ආකාරයක
නැළවිල්ලක් වැන්න.
සිහිය දුර්වල පුද්ගලයා
එම නැලවිල්ලට බැඳෙයි.
කය පිළිබඳව
එතෙක් වූ සිහියත්
අහිමි කරගන්නා ඔහු
“මම දුකෙන් මිදුණෙම්” යැයි
වරදවා සිතයි.

බුදුන් වහන්සේ ජීවමාන සමයෙහිද
මිථ්යා දෘෂ්ඨික ගුරුවරුන්ට
ගෝලයන් දහස් ගණනින් සිටිය නමුත්,
රහතන් වහන්සේලාට
එවැනි ගෝලයින් සිටියේ නැත.
අදත් විදසුන් වඩන්නා
තනිව හැසිරෙයි.
අනුව යන පිරිසක් සිටින්නේ
සමථ වඩන්නාටය.

No comments:

Post a Comment