- බුදුන් වහන්සෙ වේදනාව කියන්නෙ
ඇඟේ අමාරු වලට "විතරක්"නෙමෙයි.
බුදුන් වහන්සෙ වේදනා කියන්නෙ
අපි ඇතුළත සිදුවෙන හැම දේමත්
බැහැර සිදු වෙන හැම දේමත් නිසා
කයෙහි සිදු වෙන සියලුම වෙනස් වීම් වලට.
ශරීරය කියන්නෙ වෙදනා මල්ලක්.
කය ගැන සිහිය තියනවා නම්
පිළිකා සෛල හැර
පණ තියන හැම සෛලයක්ම
දැනෙන්න ඕන.
මේ වෙනස් වීම්
සියල්ලම දකින්න තරම්
සාමාන්‍ය පුහුදුන් පුදගලයාගෙ
හිත සංවේදී නැහැ.
ඔහුගෙ ගොරෝසු හිතට දැනෙන්නෙ
හිසේ කැක්කුම, දත් කැක්කුම,
කාමය වගේ ගොරෝසු වේදනා විතරයි.
වේදනාවට සිහිය උපේක්ෂාව නැති
පුහුදුන් පුද්ගලයා හිතන්නෙ
වේදනා දැනෙන එක
රෝගී තත්වයක් කියලයි.
හැම වේදනාවක්ම
රෝගී තත්වයක් නෙමෙයි.
මොළයට වේදනා දැනෙන්නෙ නැහැ කියල
වෛද්‍ය විද්‍යාවෙ තියනවා.
හිසේ දැනෙන කැක්කුම
ශරීරයෙ වෙනත් තැනක
වෙනස් වීමක ඵලයක්.
හිසේ කැක්කුමක් ආවම
ඕනම කෙනෙක් කරන්නෙ
ඊට හේතුව සොයල
බෙහෙතක් කරන එක නෙමෙයි.
වේදනාව නොදැනෙන තත්වයට
හිත නිර්වින්දනය කරන එකයි.
පැනඩෝල්, ඩිස්ප්‍රින් ආදී
වේදනා නාශක නමින් හඳුන්වන
නිර්වින්දකයක් ගන්න එකයි.
.
ඒත් වේදනාවට උපේක්ෂාව නැති නිසා
ඔහු වෙදනා මතුවෙන්න දෙන්න නැහැ.
ඒ යටපත් වෙන වේදනා
කහටක් වගේ හිතේ තැන්පත් වෙමින්
ඔහුගෙ සංවේදී බව නැති කරනවා.
නිර්වින්දනය මගින්
වයසට යනවිට ඔහුගෙ කය
දර ලීයක් වගේ වෙනවා.
හිත කිසිවක් නොදැනෙන
හිස් අවකාශයක් වෙනවා.
ලෞකික ධ්‍යාන වැඩීමෙනුත්
මේ දේම සිදුවෙනවා.
හිත නිවන් දැක්කා වගෙයි.
කය හිරි වැටිලා තියෙන්නෙ.
එවැනි ධ්‍යාන තියන අය
සමාජයෙන් ඈත් වෙලා ඉන්නෙ.
ඔවුන් සමාජයට ආවත්
හීනයක වගෙයි ජීවත් වෙන්නෙ.
ඔහුට සමීප වෙන අය
ඔහුට ඇහුම්කන් දෙන අයත්
ඒ නිර්වින්දනයට ගොදුරු වෙනවා.
තමන් නිවන් දැකලයි කියල
ඔවුන් රැවටෙනවා.
ඒ සුවය මායාවක්.
දුක තමයි සත්‍යය.
සැබෑ දුකට නිර්වින්දනය වෙලා
දුක තේරුම් ගන්න
ධර්ම දේශනා අහනවා..
කටපාඩම් කරගන්නවා.
ආයෙත් කියනවා.
නිර්වින්දනය නිවන නෙවෙයි.
නිවන් දුටු කෙනෙකුට
තමා තුළ නිරන්තරව සිදුවෙන
ඇතිවෙන නැතිවෙන ස්වභාවය
පෙනිය යුතුයි.
ඔහු පණ තියෙන පුද්ගලයෙක්
සත්වයා පණ තියෙන පුදගලයෙක් වෙන්නෙ
වේදනාව දැනෙන නිසයි.
වේදනා නොදැනෙන මිනිසා මළ මිනියක්.
පමාදෝ මච්චුනො පදං.
වේදනා පවතින්නෙ අතීතය නෙමෙයි.
මේ මොහොතෙයි.
අප්‍රමාදී පුද්ගලයාට වේදනා දැනෙනවා.
අප්පමාදෝ අමත පදං.
නිර්වින්දනය වූ මිනිසාට
අවසිහිය නිසා නැතිවී ගිය ප්‍රාණය
යළි ලබා දෙන්නෙ විදසුන මගිනුයි.
විදසුන කාරණා පහකට
ඒකායන මග කියලා
බුදුන් වහන්සෙ දේශනා කරන්නෙ
ඒ නිසයි.
බුදුන් වහන්සේ
විදසුන සොයා ගන්න කලින්
සිහියත් උපේක්ෂාවත්
එකවිට දියුණු කරන
කරමයක් තිබුණෙ නැහැ.
තමා තුළ ඇතිවෙමින් නැතිවෙන වේදනා
නොදැනෙන පුද්ගලයා තුළ
පවතින්නේ මෝහයයි.
එය උපේක්ෂාව මෙන්ම
නිවන කියාත් බොහෝ අය හිතනවා.
එවැන්නන්
මහා සතිපට්ඨානයට
විවිධ අර්ථ දෙන්නේ ඒ නිසයි.
මහා සතිපට්ඨානයෙ මුල් පියවර දෙක
පස්පංගුව කසාය මෙන් සරලයි.
වේදනාවට උපේක්ෂාව නැති
පුහුදුන් පුද්ගලයන්
මහා සතිපට්ඨානය අරගෙන
පටලවන පඹගාල
ඔවුන්ට වේදනා නොදැනීමෙන්
සතර සතිපට්ඨානය
වරදවා තේරුම්ගැනීමෙ ප්‍රතිඵලයයි.
නිරන්තරයෙන් මුළු සිරුර පුරාම
වේදනා සිහියෙන් දකින කෙනාට
දුක කියන දේ සත්‍යය පෙනෙනවා.
ඒ සත්‍යය දකින ඔහුට
ඉතිරි සත්‍යතා තුන සොයන්න කියල
කවුරුවත් කියන්න අවශ්‍ය නැහැ.
විදසුන වඩන්නා
දුක දකින මොහොතක් පාසා
දුක නිරුද්ධ වීමත් වෙනවා.
20130206
වේදනා කියන්නෙ ඇඟේ අමාරු "විතරක්"නෙමෙයි
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment