20130204

විදසුන් වඩන්නෙක් මියයනකොට....



විදසුන් වඩන්නෙක් මියයනකොට
විදසුනට අමතරව
කටපාඩමෙන්, තර්කයෙන්
වචන විදියට එකතු කරගත්ත
හිස් ධර්මය 
ඔහුගෙ මළකුණත් සමග
මෙහි රැඳේවි.

ඒක ඔහුට සිදුවෙන ලොකු හොඳක්.
.

ජීවිතයෙන් සහ විදසුනෙන්වඩාගත් ප්‍රඥාව
ඔහු කරගත් කුසල් අකුසල් සමග
සසර පුරා ඔහුත් සමග යාවි.

වඩන විදසුනෙන් ලැබෙන ප්‍රඥාව
අබුද්ධෝත්පාද කාලයකදිත්
ප්‍රයෝජනවත් වෙනවා..
ඔහුට අනික් අයට වඩා සිහිය තියනවා.
අනික් අයට වඩා උපේක්ෂාව තියනවා.
ඔහු සුළු ආවේගයක් ආවම
සතෙක් වගේ බුරන්නෙ නෑ..
හපාකන්න පනින්නෙ නෑ.
පහසුවෙන් සිල් බිඳගන්නෙ නෑ.
යහපත අගය කරනවා.
අයහපත හෙළා දකිනවා.
ඔහු ජීවත් වෙන විදිය
මංගල සූත්‍රය ආදී
ගිහියන්ට දේශනා කළ සූත්‍ර වලට
අනුකූලයි.

සාමාන්‍ය ශිල්ප කලා පවා
ඊළඟ ජීවිතවලට යද්දි
ඉහළම ස්ථාවර නිධානය වන ප්‍රඥාව
ඔහුත් සමග සසර පුරා යනවා.
ඊළඟ ජීවිතවලදි
ඔහුට විදසුන් නොලැබුණත්
තමන්ගෙ කය, වේදනා,
හිත හා හිතේ නැගෙන ධර්මතා
පිළිබඳව සිහියෙන් සහ
උපේක්ෂාවෙන් ඉන්න
හැම මොහොතකම
ප්‍රඥාව වැඩෙනවා.

ඔහු නිවන් මග සාක්ෂාත් කරගන්නෙ
ඔහු තුළ සසර පුරා වැඩෙන
තමන්ගෙ ප්‍රඥාවෙන් මිසක්
අවසාන ජීවිතයෙදි හමුවෙන
තමන් ආර්යයෙක් කියල කියාගන්න
ටියුෂන් ගුරුවරයෙකුගෙ
ඉන්ද්‍රජාලමකින් නෙමෙයි.

චූලපන්ථක රහත් වෙන තැනට
ප්‍රඥාව කලින් ජීවිත වලදි
වඩාගෙනයි තිබුණෙ.
බුදුන් වහන්සෙ කර්මාවරණය කියන
බිත්තර කට්ට බින්දාම
පක්ෂියා ඉගිලුණා.

ඔහු විදසුන මගින්
පියාපත් වඩාගෙනයි හිටියෙ.

කෙලෙස් සුන් කරන්න දරන
දැඩි උපාදානයකින් කරන වෑයම
කෙලෙස් වඩවන්නක් බව ඔහුට වැටහුණා.

විදසුන් වඩද්දි
තමන්ගෙ කය, වේදනා,
හිත හා හිතේ නැගෙන ධර්මතා
පිළිබඳව දියුණු කරන සිහිය සහ
උපේක්ෂාව නැති වෙන්නෙ නැහැ.

අයින්ස්ටයින්, බර්ට්‍රන්ඩ් රසල්,
ටොල්ස්ටෝයි වගේ
අන්‍යාගමික විද්වතුන්
බුදු දහම අගය කරන්නෙ
කලින් ජීවිත වල විදසුන් වඩා
ලබාගත්ත
සිහියත් උපේක්ෂාවත්
ප්‍රඥාවත් නිසයි.

No comments:

Post a Comment