20130216

මිථ්‍යා සමාධි

.
.
සමාධිය මිථ්‍යා සමාධියක් වෙන්නෙ
එය සම්මා සමාධිය නොවීමෙන් පමණයි.
එයින් අදහස් වෙන්නෙ නැහැ එය වඩන්නා
අනිවාර්යයෙන් මිථ්‍යා දෘෂ්ඨිකයි කියල.
සාසවා පුඤ්ඤභාගිය
උපධිවපෙක්ඛා සම්මා දිට්ඨියවත් නැති කෙනෙක්
මිථ්‍යා සමාධිය වඩන්න
පෙළඹේවි කියල මම හිතන්නෙ නැහැ.
බහුතරයක් බෞද්ධයන්ට
උපධිවපෙක්ඛා සම්මා දිට්ඨියවත් නැහැ.
සාසවා පුඤ්ඤභාගිය
උපධිවපෙක්ඛා සම්මා දිට්ඨියවත් නැති
භික්ෂූන් පවා ඇති.

මේ පටලැවිලි වලට හේතුව
අත්දැකීම් නැතුව
වචන වලින් හරඹ කිරීමයි.

සරලව කිව්වොත්
මිථ්‍යා සමාධිය කියන්නෙ
ඕනම අරමුණකට
සිත එකඟ කරගෙන සිටීමෙන්
ඉබේට වැඩෙන සමාධියටයි.
අරමුණ මොකක් වුණත් එය සිදු වෙනවා.
ඔහුට අරමුණ හැර අන් සියල්ල නොපෙනී යනවා.
එවිට ඔහු දැහැන් ගත වෙලා.

අහසෙ හොඳට තරු තියන දවසක
එළියට බැහැලා එක තරුවක් දිහා
හිත එකඟ කරන් බලා ඉන්න..
අනික් තරු නොපෙනී ගිහින්
අහස කලු වෙනවා.
අර තරුව විතරයි පෙනෙන්නෙ.

ඒ මිථ්‍යා සමාධිය.

සම්මා සමාධියෙදි එක
ප්‍රධාන අරමුණක් තියනවා.
මොන දේ කළත් ඒ අරමුණ
සිතින් ගිළිහෙන්නෙ නැහැ.
කාය, වේදනා, චිත්ත, ධම්ම
ඇතුලුව තමා තමයි අරමුණ.

ඒ නිසා මොන දේ කළත්
අත්තානං උපමංකත්වා.
තමන්ට සාපෙක්ෂවයි දකින්නෙ.

සම්මා සමාධියෙන ඉන්න පුද්ගලයගෙ
කෙලෙස් ඉපදිලා නිරුද්ධ වෙනවා.

සම්මා සමාධියෙන් ආශ්‍රව ක්ෂය වෙයි.
සම්‌මා සමාධියති ආසවානං ඛයාය

මිථ්‍යා සමාධියෙන් ඉන්න පුද්ගලයගෙ
රාගය දෙවේෂය ප්‍රබලව නොවැඩුණාට
මෝහය ප්‍රබලව වැඩෙනවා.
ඒ නිසයි සිත අක්‍රියව,
කය අක්‍රියව බඹලොව ගත කරන්නෙ.
මිථ්‍යා සමාධියත් කර්මයක්.
සම්මා සමාධියෙන් ඉන්න අයගෙ
ඒ මොහොතට කර්මයක් නැහැ.
සම්මා සමාධියෙන් ඉඳගෙන
කර්මයක් කළත් විපාක දුර්වලයි.

මේ සියල්ල අත් දැකීමෙන් වැටහෙන්න
විදසුන් වැඩිය යුතුයි.

No comments:

Post a Comment