20130208

ඔබත් ධර්ම ශබ්ද කෝෂයක්ද?





ධර්ම ශබ්ද කෝෂ කියවීමෙන්
ඔබට ධර්මාවබෝධයක් ලැබෙනවාද?
නැත්නම් ධර්ම වින්දනයක් ලැබෙනවාද?

ඔබත් ශබ්ද කෝෂයක්ද?

වචනයකට දෙන අරුත්
එක් එක් ශබ්දකෝෂයට අනුව
වෙනස් වෙයි.

ද්වේශයට අරුත් දෙන
ශබ්ද කෝෂ කියන්නේ
එකිනෙකට වෙනස් දේවල්.

ඒත් ගුණාත්මක විදියට
මට එන ද්වේශයත්
ඔබට එන ද්වේෂයත් වෙනස්ද?
කයට දැනෙන වෙනස
අපි දෙන්නටම එකයි.
ප්‍රමාණය සමාන නම්
ද්වේශයත් සමානයි.

ශබ්ද කෝෂයකට
ඒ අත්දැකීම දෙන්න බැහැ.

ශබ්ද කෝෂයක් ඇසුරෙන්
ශබ්ද කෝෂයක් වෙනවා හැරෙන්න
ප්‍රඥාවන්තයෙක් වෙන්න නම්
ලැබෙන්නෙ නැහැ.

No comments:

Post a Comment