20130202

විදර්ශනා කෙටි සටහන්

.
මේ අවස්ථාවේ ඔබේ යටිපතුල් වෙත සිත යොමු කර බලන්න
මෙතෙක් වෙලා ඔබ නොදැන සිටි වේදනාවක් එහි ඔබට දැන ගන්නට ලැබේවි.
එහෙනම් මෙපමණ වෙලාවක් කයට රුපාරම්මනයක ගැටීම උවද 
කාය විඥායක හට ගැනීම නොවුණු නිසායි වේදනාව හට නොගත්තේ.
--------------------------------Ranga Deshapriya--------------------------------

ඔබ සබ්බ කාය පටිසංවේදී නැති නිසයි
වේදනාව නොදැනුනේ. රංග.

වෙදනා තිබුණා...
ඒත් ඔබ එතන හිටියෙ නැහැ.

ඔබට හැම වේදනාවක්ම දකින්න ඕනෙ නම්
ඔබ සබ්බ කාය පටි සංවේදී විය යුතුයි.

ශරීරයේ හැම සෛලයක්ම
වෙනස් වෙමින් පවතින්නෙ.
පණ තියන හැම සෛලයක්ම
ඒ අවට තියන පරිසරයට නොකඩවා
හැඩ ගැහෙමින් ඉන්නෙ.
මුලු සිරුර පුරාම
හැම මොහොතකම වේදනා පවතිනවා.

ආනාපාන සතියෙන්
සබ්බකාය පටිසංවේදී වෙලා
ඉරියව් බලලා ආරම්භ කළ යුතු ගමන
යන්න පටන් ගන්නෙ නැතුව
තමන්ට වේදනා නොදැනෙන එකට
බොරු හේතු හදා ගැනීමෙන්
ඇත්ත පෙනෙන්න තියන ඉඩත් ඇහිරෙනවා.

වේදනා දැනෙන්න නැත්තෙ
කය පුරාම තියන වේදනා වලින්
ඔබ වඩාත්ම ප්‍රිය කරන හො
අප්‍රිය කරන වේදනා අල්ලගෙන
ඒවාට ප්‍රතික්‍රියා කරමින්
අවසිහියෙන් කල් ගෙවන නිසයි.;

============================================================
කය තුළ වේදනාත්
සිත තුළ ධර්මතාත් ලෙස ප්‍රකට වෙන
රාග ද්වේශ මෝහ පිළිබඳව
සිහියත් උපෙක්ෂාවත් වැඩීම

පුහුණුවීම තනිවම කළ යුතුයි.
ඉන් පසු ඒ පුහුණුව සමග
සමාජයේ ගැවසිය යුතුයි.

සමථ වඩන්නාට
ඔහුගේ බිඳෙන සුළු දැහැන රැක ගන්නට
සමාජයේදී රැක ගන්නට බැහැ.
ඔහුට සැඟ වෙන්න තැනක් අවශ්‍යයි.

විදසුන් වඩන්නාට
සමාජය පුහුණු බිමක්.
ඔහුගේ විදසුනත්,

ප්‍රඥාවත්
පරීක්ෂණයට ලක් වන්නේ
සමාජය තුළයි.


මගඵල නොලබා වුවත්
කුරුසිය මතදී වුවත්
මෙත් වඩන්නට තරම්
සිහියක් උපේක්ෂාවක්
ඔහු සෙවිය යුතුයි.

විදසුනෙන් ලබන සමාධිය
නොබිඳෙන සුළුයි..

සැබැවින්ම සිදුවන්නේ
ගැටළු වලට මුහුණ දීමේදී
සම්මා සතිය හා සම්මා සමාධියත්
දියුණු තියුණු වීමයි.


===========================================================

අරූප අත්ත
-------------------
සමථයේදී වෙන්නෙ
මනෝමය අත්ත සහ ඕලාරික අත්ත දෙවැනි කොට
අරමුණට චිත්ත ඒකාග්‍රතාවය ඇතිව
අරූප අත්තට මුල්තැන දීමයි.
.
විදසුනේදි කරන්නෙ
මනෝමය අත්ත සහ ඕලාරික අත්ත ගැන
සිහිය සහ උපෙක්ෂාව ඇතිව විසීමයි.

මේ අවස්ථාවෙදි අත්ත නෑ..
අනත්ත

-------------------------------------------------------------------
සම්මත පෘථග්ජන ජීවිතයක් ගෙවන පුද්ගලයෙකු තුල
අභිනන්දනය කරන "මම" තුන් ආකාරයකින් 
එකට එකතු වී නිර්මාණය වී ඇත.

1. ඕලාරිකෝ අත්ත පටිලාභෝ
2. මනෝමයෝ අත්ත පටිලාභෝ
3. අරූපෝ අත්ත පටිලභෝ


===========================================================

No comments:

Post a Comment