20130208
විඥ්ඥාණය බැංකුවක්... ආයෝජකයා ඔබයි.
විඥ්ඥාණය
ස්වරූප දෙකකින්
අවස්ථා දෙකකින්
ක්‍රියා කෙරෙනවා.
එක් අවස්ථාවක බැංකුවෙ තැන්පත් කිරීම.
දෙවනුව ඒ තැන්පතු අරන්
ආයෝජනය කරමින්
වැඩි ලාභයක් ලබාගෙන
තැන්පතුව විශාල කර ගැනීම.
විදසුනෙන්
මේ අවස්ථා දෙකම
දුර්වල කරනවා.
තැන්පත් වෙන වෙලාවෙ
තැන්පත් නොකර ඉන්න ක්‍රමය
බුදුන් වහන්සෙ කියල දෙනවා.
ඒ ක්‍රමයට ඉන්න කොට
අලුත් සංස්කාර නොහැදෙන නිසා
තැන්පතු ඉබේටම ඉපදිලා
වැය වෙලා යනවා.
සංස්කාර මුදල් වගේ නෙමෙයි.
සංස්කාර වල ස්වභාවය
වැය වීමයි.
හිතේ මතු වෙන කොට
ඒ සංස්කාර වලට
සිහියත් උපේක්ෂාවත්
තියනවා නම්
උපදින කොටම
වැය වෙලා යනවා.
තැන්පත් වීම සහ
ආයෝජනය වෙන විදිය මෙහෙමයි.
1, නාඳුනන රූපයක් ස්පර්ශ වෙනවා.
2, නාඳුනන වේදනාවක් හට ගන්නවා.
3, රූපය හඳුනාගන්නවා.
4, ප්‍රිය නම් රාග සංස්කාරයක් ඇති වෙනවා.
5, තොරතුර තමන්ට ප්‍රිය රූපයක් ලේස
විඥ්ඥාණයෙහි තැන්පත් වෙනවා.
මුලින් දැක්ක රූපය යළි දකින කොටම
විඥ්ඥාණය ක්‍රියාත්මක වෙනවා.
ඇසින් නොදැක
මනසේ ස්පර්ෂ වුණත් ඇති.
ප්‍රිය ජනක සංවේදනා හටගන්නවා.
නම ඇහුණත්
රූපයක් දැක්කත්
කලින් තැන්පත් වුණ විඥ්ඥාණය
ක්‍රියාත්මක වෙලා
රාගයක් ඇති වෙලා
කාමඡන්ද වලට හැරිලා
ප්‍රිය ජනක චිත්ත රූප
හිතේ මැවෙනවා.
ඒ රූපවලට අදාළ
ප්‍රියජනක වේදනා නිසා
තවත් රාග සංස්කාර
ඇති වෙනවා.
පළමු අවස්ථාවෙහිම
ප්‍රියජනක නිසා ඇතිවෙන සංස්කාරය
දුකට මුලයි.
ස්පර්ෂයෙන් පහළ වූ වේදනාවට
ඇතිවෙන තණ්හාව
උපාදාන වෙන්නෙ ඒ අවස්ථාවෙ.
චිත්තයෙහි රාගය නිසා
පහළ වෙන ප්‍රිය ජනක වේදනා සහ
ඒ ඇසුරෙන් ඇතිවෙන රාග චිත්තය
සිහියෙන් දුටුවා නම්
ඒ වේදනා වලට උපේක්ෂාව තිබුණා නම්
සංස්කාර තැන්පත් වෙලා
විඥ්ඥාණයේ තැන්පත් වෙන්නේ නැහැ.
ඒ සමග විඥ්ඥාණයේ තැන්පතුවෙන්
මතුවුණ සංස්කාරත් නිරුද්ධ වෙලා යනවා.
විදසුන ඒකායන මාරගයයි.
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment