20130212

ආර්ය අෂ්ඨාංගික මාර්ග දෙකක් නැහැ.....


මහා චත්තාරීසක සූත්‍රය
වරදවා තේරුම් ගැනීමෙන්
ලෞකික සහ ලෝකෝත්තර වශයෙන්
ආර්ය අෂ්ඨාංගික මාර්ග දෙකක් ඇතැයි
පෙර නොඇසූ අමුතුම දහමක්
අදහන කොටසක්
අප සමාජයේ ඉන්නවා.
ඔවුන් මෙසේ කියනවා.
------------------------------------------------------ 

අපි වඩන ආර්ය අෂ්ඨාංගික මාර්ගයක් තියනව. මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුල ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගයකුයි, ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයකුයි දෙකක් තියනව කියල බුදුරජාණන් වහන්සේ දේශනා කලා. නමුත් අපි අහල තියනවද එහෙම එකක්? ආර්ය අෂ්ඨාංගික මාර්ග දෙකක් ගැන? එතකොට ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියල එකක් තියනව. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනව මෙහෙම එකක්. ඒ ලෞකික වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය කෙලෙස් සහිතයි. නිවනට නෙවෙයි සුගතියට හේතු වෙනව කියල. කෙලෙසුන්ගෙන් මුදවන නිවනට හේතුවන ආර්ය අෂ්ඨාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.

ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය අපි තෝරගන්න ඕන. කොහොමද ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පත්වෙන්නෙ කියල අපි ධර්මානුකූලව තේරුම් ගන්න ඕන. මජ්ජිම නිකායෙ මට මතක හැටියට, මහා චත්තාරීසක සූත්‍රය කියන සූත්‍රයෙ හොඳට පැහැදිලිව ඔය ටික දේශනා කරල තියනව. නමුත් අපි ඕක බැලුවෙ නැත්නම් තෝරගත්තෙ නැත්නම් අපිට හරි අමාරුයි යථාර්ථය තෝරා ගන්න. ඔන්න ඔය ආර්ය අෂ්ඨාංගික මාර්ගය වටහාගත්තොත් අපිට පුලුවන්කම ලැබෙනව හරියටම අන්න ඒ ධර්ම මාර්ගය වටහාගන්න.
------------------
https://sites.google.com/site/hiddenbuddhism/written-files/cd01f07-0---d2
=========================================================
ඉහත ප්‍රකාශ සම්පූර්ණ වැරදි ප්‍රකාශ.








මහා චත්තාරිසක සූත්‍රයෙ
අෂ්ඨාංගික මාර්ග
දෙකක් නැහැ.....

මහා චත්තාරිසක සූත්‍රයෙ
සම්මා වායාම
සම්මා සති
සම්මා සමාධි හැර
මුල් අංග පහ වෙනම
විස්තර වෙනවා.

මුල් අංග පහ දෙයාකාරයෙන් විස්තර වෙනවා.
ද්‌වායං වදාමි
සම්‌මා දිට්‌ඨිං පහං භික්‌ඛවෙ, ද්‌වායං වදාමි
1, සම්‌මා දිට්‌ඨි සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා;
2, සම්‌මා දිට්‌ඨි අරියා අනාසවා ලොකුත්‌තරා මග්‌ගඞ්‌ගා.

සම්‌මා සඞ්‌කප්‌පංපහං, භික්‌ඛවෙ, ද්‌වායං වදාමි
1, සම්‌මා සඞ්‌කප්‌පො සාසවො පුඤ්‌ඤභාගියො උපධිවෙපක්‌කො;
2, සම්‌මා සඞ්‌කප්‌පො අරියො අනාසවො ලොකුත්‌තරො මග්‌ගඞ්‌ගො.

සම්‌මා වාචං පහං, භික්‌ඛවෙ, ද්‌වායං වදාමි
1, සම්‌මා වාචා සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා;
2, සම්‌මා වාචා අරියා අනාසවා ලොකුත්‌තරා මග්‌ගඞ්‌ගා.
සම්‌මා කම්‌මන්‌තං පහං, භික්‌ඛවෙ, ද්‌වායං වදාමි
1,සම්‌මා කම්‌මන්‌තො සාසවො පුඤ්‌ඤභාගියො උපධිවෙපක්‌කො;
2, සම්‌මා කම්‌මන්‌තො අරියො අනාසවො ලොකුත්‌තරො මග්‌ගඞ්‌ගො.
සම්‌මා ආජීවං පහං, භික්‌ඛවෙ , ද්‌වායං වදාමි
1, සම්‌මා ආජීවො සාසවො පුඤ්‌ඤභාගියො උපධිවෙපක්‌කො;
2, සම්‌මා ආජීවො අරියො අනාසවො ලොකුත්‌තරො මග්‌ගඞ්‌ගො.

1. සම්මා දිට්ඨි
2. සම්මා සඞ්කප්ප
3. සම්මා වාචා
4. සම්මා කම්මන්ත
5. සම්මා ආජීව
දෙයාකාරයෙන් විස්තර වෙනවා.

සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි
එසේ දෙයාකාරයකට බෙදීමක් නැහැ..


මහා චත්තාරිසක සූත්‍රයෙ විස්තර වෙන
සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා මාර්ග අංග පහයි.
1. සම්මා දිට්ඨි
2. සම්මා සඞ්කප්ප
3. සම්මා වාචා
4. සම්මා කම්මන්ත
5. සම්මා ආජීව අංග සහිත
සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා
පඤ්චාංගික මාර්ගයක්.

අටවෙනි සම්මා සමාධිය වැඩෙන්නට හේතුවෙන
ආර්ය මාර්ගයට අංග හතක්
මෙහි විස්තර වෙනවා.
1. සම්මා දිට්ඨි
2. සම්මා සඞ්කප්ප
3. සම්මා වාචා
4. සම්මා කම්මන්ත
5. සම්මා ආජීව
6, සම්මා වායාම
7, සම්මා සති
මේ මාර්ගාංග නිසා වැඩෙන
සම්මා සමාධියත් සමග
අරියා අනාසවා ලොකුත්‌තරා
අෂ්ඨාංගික මාර්ගයක් වෙනවා.





විදසුන් නොවඩන නමුත්
සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන
යහපත් මනුෂ්‍යයාට
අවශ්‍ය මූලිකාංග පහක්
විස්තර කරන පඤ්චාංගික මාර්ගය
එතනින් එහාට යන්නෙ නැහැ.

ඒ පහට ලොකෝත්තර අංග තුනක් එක් කරමින්
ලෞකික අෂ්ඨාංගික මාර්ගයක්
විස්තර කිරීම සාවද්‍යයි.


1. සම්මා දිට්ඨි
2. සම්මා සඞ්කප්ප
3. සම්මා වාචා
4. සම්මා කම්මන්ත
5. සම්මා ආජීව අංග සහිත
සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා පඤ්චාංගික මාර්ගය 

කොහොමවත් ලෞකික අෂ්ඨාංගික මාර්ගයක් වෙන්නෙ නැහැ.

ආර්ය අශ්ඨාංගික මාර්ගයේ කරුණු මත පදනම්ව
1. සම්මා දිට්ඨිය
2. සම්මා සඞ්කප්පය
3. සම්මා වාචා
4. සම්මා කම්මන්ත
5. සම්මා ආජීව
ලෝකෝත්තර මාර්ගාංග පහ
1. සම්මා දිට්ඨි
2, සම්මා වායාම ,
3, සම්මා සති පදනම්ව
සම්මා සමාධියට හේතුවෙන
මාර්ගාංග හතක් බවට පත්වෙන අයුරු
මහා චත්තාරිසක සූත්‍රයෙ
ප්‍රධාන මාතෘකාවයි.

මේ කතා කරන්නෙ නිවන ගැනවත්
දුක නිවීම ගැනවත් නෙවෙයි.
මේ කතා කරන්නෙ
සම්මා සමාධිය ගැනයි.
ආර් වූ අනාස්‍රව වූ හැම ලෝකෝත්තර මාර්ගාංගයකටම
සම්මා දිට්ඨි,
සම්මා වායාම,
සම්මා සති අවශ්‍යයි.

කතමා ච, භික්‌ඛවෙ,
සම්‌මාදිට්‌ඨි අරියා අනාසවා ලොකුත්‌තරා මග්‌ගඞ්‌ගා?
යා ඛො,භික්‌ඛවෙ,
අරියචිත්‌තස්‌ස අනාසවචිත්‌තස්‌ස
අරියමග්‌ගසමඞ්‌ගිනො අරියමග්‌ගං භාවයතො
පඤ්‌ඤා පඤ්‌ඤින්‌ද්‍රියං පඤ්‌ඤාබලං
ධම්‌මවිචයසම්‌බොජ්‌ඣඞ්‌ගො
සම්‌මාදිට්‌ඨි මග්‌ගඞ්‌ගං අයං වුච්‌චති, භික්‌ඛවෙ,
සම්‌මාදිට්‌ඨි අරියා අනාසවා ලොකුත්‌තරා මග්‌ගඞ්‌ගා.
සො මිච්‌ඡාදිට්‌ඨියා පහානාය
වායමති, සම්‌මාදිට්‌ඨියා,උපසම්‌පදාය,
ස්‌වාස්‌ස හොති සම්‌මාවායාමො.
සො සතො මිච්‌ඡාදිට්‌ඨිං පජහති,
සතො සම්‌මාදිට්‌ඨිං උපසම්‌පජ්‌ජ විහරති,
සාස්‌ස හොති සම්‌මාසති.
ඉතියිමෙ තයො ධම්‌මා
සම්‌මාදිට්‌ඨිං අනුපරිධාවන්‌ති අනුපරිවත්‌තන්‌ති,
සෙය්‍යථිදං සම්‌මාදිට්‌ඨි,සම්‌මාවායාමො, සම්‌මාසති.


මහණෙනි,
ආර්ය වූ අනාස්‍රව වූ
ලෝකෝත්තර  මාර්ගාඞග වූ සම්‍යග් දෘෂ්ටිය කවර යත්:
මහණෙනි,
ආර්
සිත් ඇති අනාස්‍රව සිත් ඇති
ආර්ය මාර්ගසමඞගි වූ ආර්ය මාර්ගය වඩ
න්නාහු
ප්‍රඥාව, ප්‍රඥෙන්ද්‍රිය, ප්‍රඥා බලය සහිත
ධර්මවිචය සම්බොධ්‍යඞගයෙක්
සම්‍යග්දෘෂ්ටියෙක් මාර්ගාංගයෙක් ඇද්ද,
මහණෙනි, 
මේ ආර්
වූ අනාස්‍රව වූ ලෝකෝත්තර  මාර්ගාඞග වූ
සම්‍යග්දෘෂ්ටිය යයි කියනු ලැබේ.
ඒ මහණ මිථ්‍යාදෘෂ්ටි ප්‍රහාණය පිණිස
සම්‍යග්දෘෂ්ටි ප්‍රතිලාභය පිණිස වෑයම් කෙරෙයි.
ඒ වෑයම ඔහුට සම්මා වායාම වෙයි.
හේ සතියෙන් සමන්නාගත ව
මිථ්‍යා දෘෂ්ටිය දුරු කෙරෙයි.
සතිමත්ව සම්‍යග්දෘෂ්ටිය උපදවා වෙසෙයි.
ඒ සතිය ඔහුට සම්මා සති වෙයි. 

[[[ සම්මා සතිය
සතර සතිපට්ඨානයයි. ]]]

මෙසේ ඔහුට මේ තුන් ධර්මයෝ
සම්‍යග්දෘෂ්ටිය අනුපරිධාවන කෙරෙති.
පරිවාර වෙත්.
ඒ කවර තුන් දහම්හ යත්:
සම්මා දිට්ඨි
සම්මා වායාම
සම්මා සති

ප්‍රඥාව, ප්‍රඥා ඉන්ද්‍රිය සහ ප්‍රඥා බලය
ලෝකෝත්තර සම්මා දිට්ඨියෙ
එක් අවශ්‍යතාවයක්
.
[[ප්‍රඥාව වැඩෙන්න විදසුනෙන් බව
බුදුන් වහන්සෙ ප්‍රකාශ කරල තියනවා.]]

සම්මා වායාම
අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය
ඡන්දං ජනේති වායමති,
විරියං ආරභති
චිත්තං පග්ගන්හාති පදහති,
උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය
ඡන්දං ජනේති වායමති විරියං ආරභති
චිත්තං පග්ගන්හාති පදහති.

සම්මා වායාමයෙ විස්තර වෙන
උපන් නූපන් කුසල් අකුසල් මොනවාද?
බුදුන් වහන්සෙ
අකුසල රාසි සූත්‍රයෙ මෙසේ
සඳහන් කරනවා.

කුසල් අකුසල් රැස්වෙන ආකාර දෙකකි.
අන් සියලු වැරදි නිවැරදි ක්‍රියා
පින් පව් වලට අයත් වෙයි.

මහණෙනි,
අකුසල් රැස යැයි යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ මේ පංච නීවරණයන්ටයි.
මහණෙනි, පංච නීවරණ යනු
සම්පූර්ණයෙන්ම අකුසල් රැසයි.
ඒ පහ කුමක්ද?
කාමච්ඡුන්ද නීවරණය,
ව්‍යාපාද නීවරණය,
ථීනමිද්ධ නීවරණය,
උද්ධච්චකුක්කුච්ච නීවරණය,
විචිකිච්ඡා නීවරණයයි.
----------------------------------------------------------
මහණෙනි, කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

කවර වූ සතරෙක්ද?

___මහණෙනි, යම් මහණෙක්,
1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,

2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේද්නා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,

3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,

4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,

මහණෙනි, කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

සතර සතිපට්ඨානය කියන්නෙ
සම්මා සතියයි.

සම්මා සතිය නිසා
වැඩෙන ප්‍රඥාවෙන් ඇතිවෙන
සම්මා දිට්ඨිය
පළවෙනි ලෝකෝත්තර
මාර්ගාංගයයි.

ඉතිරි මාර්ගාංග හැම එකකටම
1. සම්මා දිට්ඨි,
2, සම්මා වායාම,
3, සම්මා සති, පාදක වෙනවා.

සම්මා සමාධිය ඉහත කී
මාර්ගාංග හතේ ප්‍රතිඵලයයි.

ඒ අනුව බලන විට
මුලින් කියන ලද
සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා
පඤ්චාංගික මාර්ගය
අරියා අනාසවා ලොකුත්‌තරා
මාර්ගාංග බවට පත්වෙන්නෙ
මූලිකවම
සම්මා සතිය, [ සතර සතිපට්ඨානය ]
එනම් විදර්ශනාව නිසයි.

මේ අනුව කෙනෙක්
ලෝකොත්තර මාර්ගයට
ඇතුල් වෙන්නෙ විදසුන නිසයි.

 

No comments:

Post a Comment