20150103

උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා නීවරණ

දමින්ද දර්ශන රම්පටබැඳිගේ
[[[උද්දච්ඡ කුක්කුච්ඡ සහ විචිකිච්ඡා යන නීවරණ ධර්ම වල ස්වරූපය කෙබඳු ද?]]]
උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා නීවරණ
දෙකම බොහෝ විට ඇති වෙන්නෙ
කාමච්ඡන්ද හෝ ව්‍යාපාද මුල් කරගෙනයි..

අප්ප කිච්ච ගුණය නැති වීම නිසාත්
උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා නීවරණ
ඇති වෙනවා.

මේ දේවල් අකුසල් වෙන්න
ශීලයට සම්බන්ධ විය යුතු නැහැ...
බස් එකට බලා ඉන්න කෙනාටත්
උද්ධච්ච කුක්කුච්ච සහ විචිකිච්ඡා නීවරණ තියනවා.

ඔහු වැදගත් දේකට යන්න
ප්‍රමාද වුණ වෙලාවට
මේ නීවරණ ප්‍රබලයි..

මෙතන වාදවෙන අයටත්
මේ දෙක තියනවා.
තමන් නොදන්නා දෙයක් කියන කොට
අනුන්ට නින්දා අපහාස කරන්නෙ
මුඩුක්කු හාෂාවෙන් අමතන්නෙ
මේ දෙක සමග ව්‍යාපාද ඇතිවීම නිසයි..

මේ නීවරණ පහෙන් එකක්
හැම වෙලාවෙම
මිනිස් සිතේ පවතිනවා.
හැම කෙනෙකුගෙම
සිතේ පවතිනවා.

1, මේ අකුසල් වලින් නීවරණ වලින්
අනික් අයට හානි නොවෙන්න
ශීලයෙන් ආරක්ෂා වෙන්න පුලුවන්.

2, වෙන අරමුණකට සිත යොමු කරලා
අදාළ අරමුණ ගැන මෝහයට පත්වීමෙන්
මේ අකුසල් සමථයෙන් යටපත් කරගන්න පුළුවන්..

3, නීවරණ මතු වුන වෙලාවට
තම කය තුළත් සිත තුළත් සිදු වෙන
සියලුම වෙනස්කම් ගැන සිහියෙන් සහ
ඒ වෙනස්කම් වලට උපේක්ෂාවෙන් විසීමෙන්
මේ අකුසල් වලින් කුසල් උපදවා ගන්නත් පුලුවන්..

කුසල් අකුසල් රැස්වෙන ආකාර දෙක
බුදුන් වහන්සෙ
අකුසල රාසි සූත්‍රයෙ මෙසේ
සඳහන් කරනවා.

මහණෙනි,
අකුසල් රැස යැයි යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ මේ පංච නීවරණයන්ටයි.
මහණෙනි, පංච නීවරණ යනු
සම්පූර්ණයෙන්ම අකුසල් රැසයි.
ඒ පහ කුමක්ද?
කාමච්ඡුන්ද නීවරණය,
ව්‍යාපාද නීවරණය,
ථීනමිද්ධ නීවරණය,
උද්ධච්චකුක්කුච්ච නීවරණය,
විචිකිච්ඡා නීවරණයයි.
----------------------------------------------------------
මහණෙනි, කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

කවර වූ සතරෙක්ද?

___මහණෙනි, යම් මහණෙක්,
1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,

2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේද්නා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,

3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,

4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,

මහණෙනි, කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

සතර සතිපට්ඨානය කියන්නෙ
සම්මා සතියයි.

No comments:

Post a Comment