චක්ඛු විඤ්ඤාණය ඇතුළුව
ස්පර්ශයේ අංගයක් ලෙස ක්‍රියාත්මක වෙන
ආයතන බද්ධ විඤ්ඤාණය
සංඛාර නිසා පහළ වෙන විඥාණයට වඩා
ලොකු වෙනසක් තියනවා.
ආයතන බද්ධ විඤ්ඤාණය
අරමුණ ග්‍රහණය කරනවා පමණයි.
එවිට වේදනාවවත් ඇති වෙලා නැහැ.
ස්පර්ශ වුණා පමණයි.
වේදනාව අනුව කෙරෙන හඳුනා ගැනීමෙන්
සංඥාව අනුව සංඛාර ඇති වෙනවා.
ඒ සංඛාර නිසා
ප්‍රිය, අප්‍රිය හෝ ප්‍රිය අප්‍රිය නැති
වශයෙන් අපි දෙන සහතිකය අනුව
විඥ්ඥාණය සකස් වෙනවා.
ඒ විඥ්ඥාණය
චක්ඛු විඤ්ඤාණයට
බලපෑම් කිරීම නිසා
අරමුණට අමතර ප්‍රිය අප්‍රිය භාවයක්
ඊළඟ අත්දැකීමෙදි එක් වෙලා
අමතර සුඛ හෝ දුක්ඛ වේදනා
ඇති වෙන්න පුලුවන්.
හතුරෙක් දැක්කත් ද්වේශය පහළ වෙන්නෙ
විඥ්ඥාණයෙහි ලියාගෙන ඉන්න ක්‍රෝධය නිසයි..
1,
චක්‌ඛුඤ්‌ච පටිච්‌ච රූපෙ ච උප්‌පජ්‌ජති
චක්‌ඛුවිඤ්‌ඤාණං,
තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො;
1, චක්‌ඛු = ඇසත්,
2, රූපෙ = රූපයත්,
3, චක්‌ඛුවිඤ්‌ඤාණං, = රූප හඳුනා ගැනීමට,
ග්‍රහණය කිරීමට ඇසට ඇති හැකියාවත්
කියන තුනම එකතු වෙලා
ස්පර්ශය හැදෙනවා.
-
තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො
2,
ඵස්ස පච්චයා වේදනා
වේදනා පච්චයා සංඛාර
සංඛාරපච්චයා විඥ්ඥාණ
ස්පර්ශය අනුව ඇති වෙන වේදනාව
සුඛ, දුක්ඛ, අදුක්ඛමාසුඛ විය හැකියි.
එහි ස්වභාවය අනුව
අපිට ප්‍රිය නම් රාග සංස්කාරය ඇති වෙනවා
අප්‍රිය නම් ද්වේශ සංස්කාරය ඇති වෙනවා.
ප්‍රිය අප්‍රිය නැත්නම් මෝහ සංස්කාරය ඇති වෙනවා.
ඒ අනුව විඥ්ඥාණය සකස් වෙනවා.
සුඛ, දුක්ඛ, අදුක්ඛමාසුඛ විය හැකියි.
එහි ස්වභාවය අනුව
අපිට ප්‍රිය නම් රාග සංස්කාරය ඇති වෙනවා
අප්‍රිය නම් ද්වේශ සංස්කාරය ඇති වෙනවා.
ප්‍රිය අප්‍රිය නැත්නම් මෝහ සංස්කාරය ඇති වෙනවා.
ඒ අනුව විඥ්ඥාණය සකස් වෙනවා.
පටිච්ච රූපෙව උප්පජ්ජති
චක්‍ඛු විඤ්ඤාණං
තිණ්ණං සංගති ඵස්සො
ඵස්ස පච්චයා වේදනා,
යං වේදෙති තං සංජානාති,
යං සංජානාති තං විතක්කෙති,
යං විතක්කෙති තං පපංඤවෙති,
තතො නිදානං පුරිසො
පපංඤ්ච සඤ්ඤාසංඛාරා
සමුදා චරන්ති”
No comments:
Post a Comment