චිමිනියෙ දැලි අයින් කළාම
එළිය වැඩි වුණාට
පහන් "දැල්ලෙ ආලෝකය"
වැඩිවෙන්නෙ නැහැ.
සමථ භාවනා මගින්
කෙලෙස් යටපත් කරල ලබන
ලෞකික ධ්‍යාන වලින්
චිමිනියෙ දැලි අයින් කළාම
එළිය වැඩි වුණාට
පහන් "දැල්ලෙ ආලෝකය"
වැඩිවෙන්නෙ නැහැ.
"මෝහය නැතිවිට ප්‍රඥාව තියෙනවා,
ප්‍රඥාව නැතිවිට මෝහය තියෙනවා"
කියන එක වැරදියි.
එළියත් අඳුරත් දෙකම
එකට තියෙන්න පුලුවන්.
චිමිනි ලාම්පුවක ආලෝකය කොතරම්ද කියන එක
තව කෙනෙකුට පෙනෙන්නෙ
බැහැරට විහිදෙන එළියෙනුයි.
චිමිනිය දැළි බැඳුණාම
ඇතුලෙ කොච්චර තිබුණත්
එළිය විහිදෙන්නෙ නෑ.
ප්‍රඥාව තිබුණත්
කුසල් අකුසල් සිදුවෙන්නෙ
කෙලෙස් දැලි බඳුන සිතින්
ලෝකය දිහා බලනකොට
තමන් වඩා ගත්ත ප්‍රඥාවෙනුත්
ප්‍රයෝජනයක් නැතිවෙන නිසයි.
සමථ භාවනා මගින්
කෙලෙස් තියෙද්දි ලබන
ලෞකික ධ්‍යාන වලින්
චිමිනියෙ දැලි අයින් කළාට
පහනෙ ආලෝකය වැඩිවෙන්නෙ නැහැ.
ශීල, සමථ භාවනා ආදී
පුණ්‍ය ධර්ම වැඩීමේදි සිදුවන්නේ
දිගින් දිගටම පුණ්‍ය සහගත සිත් ඇතිවීමයි.
නමුත් එයින් ප්‍රඥාව දියුණු වෙන්නෙ නැහැ.
අකුසල සිත් ඇතිවීම අඩු වෙනවා.
පිනුත් සිදු වෙනවා.
නමුත් අවිද්‍යාව දුරු කරන්නත්
ප්‍රඥාව තියුණු වෙන්නත්
තනිකරම කුසල් රැස ලෙස
බුදුන් වහන්සේ හැඳින්වූ
සතර සතිපට්ඨානය වැඩිය යුතුමයි.
ධර්මධර පුද්ගලයෙකු ඇසුරෙන්
ධර්මය හෝ
ධර්මය ලෙස ඔහු හඳුන්වන යමක්
එක් රැස් කර ගෙන
සිත්හි දරාගත් පමණින්
කෙලෙස් අඳුරෙන් වැසුණ සිත්
ප්‍රඥාවන්ත වෙන්නෙ නැහැ.
ප්‍රඥාව වැඩෙන්නෙ
සම්මා සතිය
දියුණු කරන පුද්ගලයා තුළයි.
ධර්මය අහල, කියවලා
අපි මනසින් මවාගන්න මනෝ රූප
තර්කයට එකඟ වුණාට,
ඒ පහළවෙන්නෙ ප්‍රඥාව නෙමෙයි.
"ගින්නට පිලිස්සෙනවා" කියලා
කවුරු හරි කිව්වම
කාලාම සූත්‍රයෙ
බුදුන් වහන්සෙ "එපා" කියන කරුණු නොසලකා,
"ඇත්තනෙ, එහෙයි එහෙයි" කියලා
ශ්‍රද්ධාවෙන් පිළිගත් පමණින්
ගින්නට නොපිලිස්සී සිටීමෙ ප්‍රඥාව
පහළවෙන්නෙ නැහැ.
ගින්නට නොපිළිස්සී සිටීමෙ ප්‍රඥාව තියන කෙනා
ගින්නෙන් නොපිළිස්සී ජීවත් වෙන්නෙ,
ගින්නෙන් ඈත්වෙලා පරිස්සම් වෙන්නෙ
ගින්නට තමන් පිළිස්සෙන හැටි
තමන් පිළිස්සෙන වෙලාවෙදිම
සිහියෙන් සහ උපේක්ශාවෙන් දැකපු නිසයි.
එහෙම නැතුව
පිළිස්සෙන හැටි
1, තමන් පිළිස්සෙන වෙලාවෙදිම
සිහියෙන් සහ උපේක්ශාවෙන් දැකලා
ප්‍රඥාව පහළ වුන කෙනෙක් ළඟ හෝ,
2, පිළිස්සෙන හැටි පොත පතින් හදාරල
මතක තියාගත්ත කෙනෙක් ළඟ හෝ
ශ්‍රද්ධාවෙන් වාඩි වෙලා
ගින්නට පිළිස්සෙන හැටි
විද්‍යාත්මකව දැනගන්න එකෙන්
ප්‍රඥාව වැඩෙන්නෙ නැහැ..
පිළිස්සෙන හැටි
තමන් පිළිස්සෙන වෙලාවෙදිම
සිහියෙන් සහ උපේක්ශාවෙන් දැකල
ප්‍රඥාව දියුණු කරපු කෙනාට
ගින්නට පිළිස්සෙන හැටි
විද්‍යාත්මකව දැනගන්න එකෙන්
අලුත් ප්‍රයෝජනයකුත් නැහැ.
ගින්නට නොපිළිස්සී සිටීමෙ ප්‍රඥාව
තියුණු කරගත් කෙනා
ගින්නෙන් ආරක්ශා වෙන්නෙ
ශ්‍රද්ධාව නිසා නෙමෙයි,
ශීලය නිසා නෙමෙයි.
ගින්නට නොපිළිස්සී සිටීමෙ ප්‍රඥාව
තියුණු කරගත් කෙනා
"පිලිස්සෙනවා" කියන "දුක"ත්,
"ඒ දුකෙන් මිදෙන හටි"ත්
සත්‍ය වශයෙන්ම
තමන් තුලම,
සිහියෙන් සහ උපේක්ශාවෙන්
අත් දැකලා,
1, ගින්න නිසා පිලිස්සීමෙ "දුක"ත්,
ගින්න ඇතිවෙන කොට
2, "පිලිස්සීමෙ" දුක ඇති වෙන හැටිත්
3, පිලිස්සීමෙ "දුක නැතිවෙන මාර්ගය"
"ගින්න නිවා දැමීම හෝ
ගින්නෙන් ඈත්වී සිටීම"යි කියන එකත්
4, තමන් පිලිස්සීමෙන් මිදෙන කොටම
පිළිස්සෙන "දුකෙන් මිදීම" පිළිබඳව සත්‍යයත්
පිළිස්සෙන වෙලාවෙම
සිහියෙන් සහ උපේක්ශාවෙන්
තමන් තුළම අත්දැකපු නිසයි.
ගින්නට නොපිළිස්සී සිටීමෙ ප්‍රඥාව
තියුණු කරගත් කෙනා
ගින්නෙන් ආරක්ශා වෙන්නෙ
ඔහු තුළ වඩා ගත් ප්‍රඥාව නිසයි.
සම්පූර්ණයෙන්ම
කෙලෙස් දුරු නොකල නිසා
මතු අවස්ථාවකත් නීවරණයකින්
ඒ ප්‍රඥාව ආවරණය වුණ වෙලාවට
ඔහු නැවත පුලුස්සාගන්න ඉඩ තියනවා.
ඒත් වෙන කෙනෙකුට වඩා ඉක්මණින්
ප්‍රඥාව පහළ වෙනවා.
මෝහය දුරු වීමෙන්
ප්‍රඥාව පහළ වුණාට
මෝහයට ප්‍රතිවිරුද්ධ ධර්මය
ප්‍රඥාව නෙමෙයි.
මෝහයට ප්‍රතිවිරුද්ධ ධර්මය,
සම්මා සතියයි.
එනම්,
කාය, වේදනා, චිත්ත, ධම්ම
අනුපස්සනා සතරයි.
[ආතාපි සම්පජානො සතිමා විහරති.]
මෝහයට සිහිය වගේ
රාගය සහ ද්වේශයට
ප්‍රතිවිරුද්ධ ධර්මතාවය
උපේක්ශාවයි.
[විනෙය්ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං...]
යම් මොහොතක
මෝහය නැතිව සිහියෙන්ද
රාග ද්වේශ නැතිව
උපේක්ශාවෙන්ද විසීමේදි
සිතේ තැන්පත් වෙලා තියන
රාග ද්වේශ මෝහ කෙලෙස්
සංස්කාර විදියට මතුවෙලා
සංස්කාර වල ස්වභාවය වන,
වැය වීමේ සහ
ඉපදුණොත් නැතිවීමෙ ධර්මතා මත
නිරෝධ වෙලා යාමෙන්
අවිද්‍යාව දුරු වීමෙන් පහළ වන
සසර පුරාවටම සහය වන
ස්ථාවර නිධානයක් වන
නොනැසෙන ගුණය
ප්‍රඥාවයි.
නිර්වාණාවබෝධය සිදුවන්නෙ
කෙලෙස් මුලුමනින්ම දුරු කිරීමෙනුයි.
එදාට ඔහු තුල ඇති ප්‍රඥාවෙ අගය
ප්‍රමාණාත්මක වශයෙන් තීරණය වෙන්නෙ
සසර ගමනෙ දුරත්,
තුන්තරා බෝධියෙන්,
නිවනට පත් වුණ බෝධියත් අනුවයි.
එළිය වැඩි වුණාට
පහන් "දැල්ලෙ ආලෝකය"
වැඩිවෙන්නෙ නැහැ.
සමථ භාවනා මගින්
කෙලෙස් යටපත් කරල ලබන
ලෞකික ධ්‍යාන වලින්
චිමිනියෙ දැලි අයින් කළාම
එළිය වැඩි වුණාට
පහන් "දැල්ලෙ ආලෝකය"
වැඩිවෙන්නෙ නැහැ.
"මෝහය නැතිවිට ප්‍රඥාව තියෙනවා,
ප්‍රඥාව නැතිවිට මෝහය තියෙනවා"
කියන එක වැරදියි.
එළියත් අඳුරත් දෙකම
එකට තියෙන්න පුලුවන්.
චිමිනි ලාම්පුවක ආලෝකය කොතරම්ද කියන එක
තව කෙනෙකුට පෙනෙන්නෙ
බැහැරට විහිදෙන එළියෙනුයි.
චිමිනිය දැළි බැඳුණාම
ඇතුලෙ කොච්චර තිබුණත්
එළිය විහිදෙන්නෙ නෑ.
ප්‍රඥාව තිබුණත්
කුසල් අකුසල් සිදුවෙන්නෙ
කෙලෙස් දැලි බඳුන සිතින්
ලෝකය දිහා බලනකොට
තමන් වඩා ගත්ත ප්‍රඥාවෙනුත්
ප්‍රයෝජනයක් නැතිවෙන නිසයි.
සමථ භාවනා මගින්
කෙලෙස් තියෙද්දි ලබන
ලෞකික ධ්‍යාන වලින්
චිමිනියෙ දැලි අයින් කළාට
පහනෙ ආලෝකය වැඩිවෙන්නෙ නැහැ.
ශීල, සමථ භාවනා ආදී
පුණ්‍ය ධර්ම වැඩීමේදි සිදුවන්නේ
දිගින් දිගටම පුණ්‍ය සහගත සිත් ඇතිවීමයි.
නමුත් එයින් ප්‍රඥාව දියුණු වෙන්නෙ නැහැ.
අකුසල සිත් ඇතිවීම අඩු වෙනවා.
පිනුත් සිදු වෙනවා.
නමුත් අවිද්‍යාව දුරු කරන්නත්
ප්‍රඥාව තියුණු වෙන්නත්
තනිකරම කුසල් රැස ලෙස
බුදුන් වහන්සේ හැඳින්වූ
සතර සතිපට්ඨානය වැඩිය යුතුමයි.
ධර්මධර පුද්ගලයෙකු ඇසුරෙන්
ධර්මය හෝ
ධර්මය ලෙස ඔහු හඳුන්වන යමක්
එක් රැස් කර ගෙන
සිත්හි දරාගත් පමණින්
කෙලෙස් අඳුරෙන් වැසුණ සිත්
ප්‍රඥාවන්ත වෙන්නෙ නැහැ.
ප්‍රඥාව වැඩෙන්නෙ
සම්මා සතිය
දියුණු කරන පුද්ගලයා තුළයි.
ධර්මය අහල, කියවලා
අපි මනසින් මවාගන්න මනෝ රූප
තර්කයට එකඟ වුණාට,
ඒ පහළවෙන්නෙ ප්‍රඥාව නෙමෙයි.
"ගින්නට පිලිස්සෙනවා" කියලා
කවුරු හරි කිව්වම
කාලාම සූත්‍රයෙ
බුදුන් වහන්සෙ "එපා" කියන කරුණු නොසලකා,
"ඇත්තනෙ, එහෙයි එහෙයි" කියලා
ශ්‍රද්ධාවෙන් පිළිගත් පමණින්
ගින්නට නොපිලිස්සී සිටීමෙ ප්‍රඥාව
පහළවෙන්නෙ නැහැ.
ගින්නට නොපිළිස්සී සිටීමෙ ප්‍රඥාව තියන කෙනා
ගින්නෙන් නොපිළිස්සී ජීවත් වෙන්නෙ,
ගින්නෙන් ඈත්වෙලා පරිස්සම් වෙන්නෙ
ගින්නට තමන් පිළිස්සෙන හැටි
තමන් පිළිස්සෙන වෙලාවෙදිම
සිහියෙන් සහ උපේක්ශාවෙන් දැකපු නිසයි.
එහෙම නැතුව
පිළිස්සෙන හැටි
1, තමන් පිළිස්සෙන වෙලාවෙදිම
සිහියෙන් සහ උපේක්ශාවෙන් දැකලා
ප්‍රඥාව පහළ වුන කෙනෙක් ළඟ හෝ,
2, පිළිස්සෙන හැටි පොත පතින් හදාරල
මතක තියාගත්ත කෙනෙක් ළඟ හෝ
ශ්‍රද්ධාවෙන් වාඩි වෙලා
ගින්නට පිළිස්සෙන හැටි
විද්‍යාත්මකව දැනගන්න එකෙන්
ප්‍රඥාව වැඩෙන්නෙ නැහැ..
පිළිස්සෙන හැටි
තමන් පිළිස්සෙන වෙලාවෙදිම
සිහියෙන් සහ උපේක්ශාවෙන් දැකල
ප්‍රඥාව දියුණු කරපු කෙනාට
ගින්නට පිළිස්සෙන හැටි
විද්‍යාත්මකව දැනගන්න එකෙන්
අලුත් ප්‍රයෝජනයකුත් නැහැ.
ගින්නට නොපිළිස්සී සිටීමෙ ප්‍රඥාව
තියුණු කරගත් කෙනා
ගින්නෙන් ආරක්ශා වෙන්නෙ
ශ්‍රද්ධාව නිසා නෙමෙයි,
ශීලය නිසා නෙමෙයි.
ගින්නට නොපිළිස්සී සිටීමෙ ප්‍රඥාව
තියුණු කරගත් කෙනා
"පිලිස්සෙනවා" කියන "දුක"ත්,
"ඒ දුකෙන් මිදෙන හටි"ත්
සත්‍ය වශයෙන්ම
තමන් තුලම,
සිහියෙන් සහ උපේක්ශාවෙන්
අත් දැකලා,
1, ගින්න නිසා පිලිස්සීමෙ "දුක"ත්,
ගින්න ඇතිවෙන කොට
2, "පිලිස්සීමෙ" දුක ඇති වෙන හැටිත්
3, පිලිස්සීමෙ "දුක නැතිවෙන මාර්ගය"
"ගින්න නිවා දැමීම හෝ
ගින්නෙන් ඈත්වී සිටීම"යි කියන එකත්
4, තමන් පිලිස්සීමෙන් මිදෙන කොටම
පිළිස්සෙන "දුකෙන් මිදීම" පිළිබඳව සත්‍යයත්
පිළිස්සෙන වෙලාවෙම
සිහියෙන් සහ උපේක්ශාවෙන්
තමන් තුළම අත්දැකපු නිසයි.
ගින්නට නොපිළිස්සී සිටීමෙ ප්‍රඥාව
තියුණු කරගත් කෙනා
ගින්නෙන් ආරක්ශා වෙන්නෙ
ඔහු තුළ වඩා ගත් ප්‍රඥාව නිසයි.
සම්පූර්ණයෙන්ම
කෙලෙස් දුරු නොකල නිසා
මතු අවස්ථාවකත් නීවරණයකින්
ඒ ප්‍රඥාව ආවරණය වුණ වෙලාවට
ඔහු නැවත පුලුස්සාගන්න ඉඩ තියනවා.
ඒත් වෙන කෙනෙකුට වඩා ඉක්මණින්
ප්‍රඥාව පහළ වෙනවා.
මෝහය දුරු වීමෙන්
ප්‍රඥාව පහළ වුණාට
මෝහයට ප්‍රතිවිරුද්ධ ධර්මය
ප්‍රඥාව නෙමෙයි.
මෝහයට ප්‍රතිවිරුද්ධ ධර්මය,
සම්මා සතියයි.
එනම්,
කාය, වේදනා, චිත්ත, ධම්ම
අනුපස්සනා සතරයි.
[ආතාපි සම්පජානො සතිමා විහරති.]
මෝහයට සිහිය වගේ
රාගය සහ ද්වේශයට
ප්‍රතිවිරුද්ධ ධර්මතාවය
උපේක්ශාවයි.
[විනෙය්ය ලොකෙ අභිජ්ඣා දොමනස්සං...]
යම් මොහොතක
මෝහය නැතිව සිහියෙන්ද
රාග ද්වේශ නැතිව
උපේක්ශාවෙන්ද විසීමේදි
සිතේ තැන්පත් වෙලා තියන
රාග ද්වේශ මෝහ කෙලෙස්
සංස්කාර විදියට මතුවෙලා
සංස්කාර වල ස්වභාවය වන,
වැය වීමේ සහ
ඉපදුණොත් නැතිවීමෙ ධර්මතා මත
නිරෝධ වෙලා යාමෙන්
අවිද්‍යාව දුරු වීමෙන් පහළ වන
සසර පුරාවටම සහය වන
ස්ථාවර නිධානයක් වන
නොනැසෙන ගුණය
ප්‍රඥාවයි.
නිර්වාණාවබෝධය සිදුවන්නෙ
කෙලෙස් මුලුමනින්ම දුරු කිරීමෙනුයි.
එදාට ඔහු තුල ඇති ප්‍රඥාවෙ අගය
ප්‍රමාණාත්මක වශයෙන් තීරණය වෙන්නෙ
සසර ගමනෙ දුරත්,
තුන්තරා බෝධියෙන්,
නිවනට පත් වුණ බෝධියත් අනුවයි.
No comments:
Post a Comment