මිනිසා තමාට මෙන්ම පරිසරයට සංවේදී සත්වයෙකි.
ස්වාභාවික පැවැත්ම නැසී යා නොදී හැකිතාක් කල් පවත්වා ගන්නට
ඔහුට කයත්, ඉන්ද්‍රිය පහත්, සිතත් උපකාරී වෙයි.
ස්වාභාවික පැවැත්ම නැසී යා නොදී හැකිතාක් කල් පවත්වා ගන්නට
ඔහුට කයත්, ඉන්ද්‍රිය පහත්, සිතත් උපකාරී වෙයි.
කිසිවක් සිරුරෙහි ස්පර්ෂ වූ විට
ස්පර්ෂයත්, ඒ ඇසුරෙන් ඇතිවෙන වේදනාත්ඔහුගේ සිරුරෙහිත්, සිතෙහිත්
වෙනස්කම් ඇති කරයි.
මේ වෙනස් වීම්
හුදු වෙනස්වීම් ලෙස නොව
ඔහුට ප්‍රිය හෝ අප්‍රිය
වෙනස් වීම් ලෙස
ඔහු හඳුනාගනියි.
එසේ නොවන වෙනස් වීම්
ඔහු නොසලකා හරින නමුදු
වෙනස් වීම් සිදු වෙයි.
කය සහ ඉන්ද්‍රිය ඇසුරෙන්
ඔහු විඳින අත්දැකීම්
ප්‍රිය වශයෙන් හා අප්‍රිය වශයෙන්
විඳීම නිසා
ඔහු ඒ අත්දැකීම
එහි සත්‍ය ස්වරූපයෙන් නොදකී.
හානිකර ආහාරයක් වුවත්
ඔහුට ප්‍රිය නම් ඔහු එය ගනියි.
ඔසුවක් වුවත් අප්‍රිය නම්
ප්‍රතික්ෂේප කරයි.
ඔහු ක්‍රියා කරන්නේ
මේ අභ්‍යන්තරික පෙළඹවීම් වල
වහලෙක් මෙනි.
ඔහු දකින්නේ සත්‍යයෙන් එක් කොටසකි.
ඔහුට ප්‍රිය හෝ අප්‍රිය කොටස පමණකි.
එහෙයින් ඔහුට දැනෙන දේ
නිසි ලෙස විද්‍යාමාන නොවේ.
ඵස්ස වේදනා සංඥා අවස්ථාවන්හි
ඔහුට දැනෙන දේ
නිසි ලෙස විද්‍යාමාන නොවීම නිසා
ඔහුට දැනෙන දේ
ප්‍රිය හා අප්‍රිය භාවය මත
සංස්කරණය වෙයි.
ඔහුගේ ප්‍රිය අප්‍රිය භාවයෙන් මැන
ඔහු විසින් කරන ලද
ඔහුගේ ම පුද්ගලික වර්ගීකරණය
එම සංස්කරණය තුළ අඩංගු වෙයි.
පළතුරු ගොඩක් දෙස බලන
ඇපල් වලට කැමති තැනැත්තාට
අන් කිසිවක් හරිහැටි නොපෙනෙයි.
කිහිප දෙනෙක් එකම සිද්ධියක් දුටුවත්
ඔවුන් එක්‍රැස් කරගන්නා තොරතුරු හා
ඔවුන් වාර්තා කරන තොරතුරු වල
අඩංගු වන්නේ විකෘති වුණ
අංග විකල සත්‍යයකි.
එකිනෙකට වෙනස්
විකෘති තොරතුරු රැසකි.
ඔහු ඥාණය ලෙසින් රැස් කරගන්නේ
ඔහුගේ ප්‍රිය අප්‍රිය භාවයෙන් මැන
ඔහු විසින් සංස්කරණය කරන ලද
ඔහුටම ආවේණික වර්ගීකරණයයි.
ඒ ඥාණය විකෘති ඤාණයකි.
සත්‍ය නොවන වි-ඤාණයකි.
එකම අත්දැකීමක්
නැවත විඳින්නට ලැබුණොත්
දෙවෙනි වර අත්දැකීමට
මෙම විකෘති තොරතුරුද
බලපාන්නේය.
පළමු අත්දැකීමෙන්
ඔහු රැස්කරගත් විකෘති තොරතුරු මත්
ඔහු රැගෙන එන පූර්ව නිගමන හා
විවිධ බලාපොරොත්තු මත
දෙවන අත්දැකීම
තවදුරටත් විකෘති වෙයි.
ඵස්ස වේදනා සංඥා අවස්ථාවන්හි
ඔහුට දැනෙන දේ
නිසි ලෙස විද්‍යාමාන නොවීම
අවිද්‍යාවයි.
ඵස්ස වේදනා සංඥා අවස්ථාවන්
සැබෑ ලෙස ඇති සැටියෙන්
විද්‍යාමාන නොවීම නිසා
සංස්කාර රැස්වී
විඤ්ඤාණය හටගනියි.
අපි දවස ගත කරද්දි
ReplyDeleteහිතේ සංස්කාර මතුවෙන
ආකාර දෙකක් තියනවා.
එකක් එවෙලෙ සිදුවෙන දේට ඇතිවෙන
ප්‍රිය අප්‍රියතාවයන් මත.
එහෙම නැත්නම් අතීතයෙ
එක්‍රැස්වෙන කෙලෙස් නිදහස් වෙමින්
සංස්කාර විදියට මතුවීම.
මේ මොහොතෙ ඇතිවෙන සංස්කාර
ඒ මොහොතෙ ස්පර්ශ වලට
අපි දක්වන ප්‍රතික්‍රියා.
ප්‍රිය හෝ අප්‍රිය
ප්‍රතික්‍රියා පැහැදිලියි.
සියුම්ව සිදුවෙන ප්‍රතික්‍රියාත් තියනවා..
නින්දෙදි අඩනින්දෙදි වගේ
අවදියෙන් ඉන්න වෙලාවටත්
සියුම්ව ප්‍රිය හෝ අප්‍රිය ප්‍රතික්‍රියා
දක්වනවා..
ඉතිරි සියල්ලම
ඒ දෙකටම නැති
ප්‍රතික්‍රියා.
ස්පර්ශයට අමතරව
ඒ ඒ ප්‍රතික්‍රියා අනුව
ඇතිවෙන සංස්කාර
වේදනා වශයෙන්
චිත්ත වශයෙන්
ධම්ම වශයෙන්
අපිට දැනෙනවා.
ඒ ප්‍රතික්‍රියාවටත්
අපි ප්‍රතික්‍රියා දක්වනවා.
තව කෙනෙක් කරන කියන දෙයක් නිසා
අපිට තරහ ආවම
තරහ ගැස්සුවා කියල
දොස් කියන්නෙ ඒ අනුවයි.
සාමාන්‍ය විදසුනට වඩා
මුලු සිරුරටම සංවේදීව
ආනාපාන සතිය වඩද්දි
උපේක්ෂාව පවත්වාගන්න එක
පහසුයි.
මේ මොහොතෙ සිදුවෙන දේට
ප්‍රතික්‍රියාවක් දක්වන්නෙ
ඉන්ද්‍රිය ගෝචර
ස්පර්ෂ හා වේදනා අනුවයි.
බොහෝ විට
ප්‍රතික්‍රියාව ප්‍රබල වෙන්නෙ
ඉතාම ප්‍රිය හෝ අප්‍රිය
අපි සිත එකඟ කරන නිසයි.
අපිට ආනාපාන සතියෙන්
මුලු සිරුරටම සංවේදී
වෙන්න සිදුවෙලා තියෙන්නෙත්
මේ ප්‍රිය අප්‍රිය දේට
සිත එකඟ වෙලා තියන
ඇබ්බැහි කමෙන් මිදෙන්නයි.
[මේ මොහොතෙ
බාහිර වශයෙන් හෝ අභ්‍යන්තර වශයෙන්
කිසිම හේතුවක් නැතුව......]
අතීතයෙ අත්දැකීමකදි යටපත් වුණ
යම් අත්දැකීමක් නිසා
සංස්කාර මතුවෙනවා.
නින්දෙදි දකින
බොහෝ සිහිනවලට පදනම
මේ අතීත සංස්කාරයි.
මේ මොහොතෙ සිදුවෙන
ප්‍රිය අප්‍රිය - දෙකටම නැති
ස්පර්ශ වේදනා චිත්ත ධම්ම
පිළිබඳව සිහියෙන්
ඒ සියල්ලට උපේක්ෂාවෙන් ඉන්නවිට
අතීත සංස්කාර මතුවෙනවා.
හිතේ ඇතිවෙන සංස්කාර
අතීත වුණත්, වර්තමාන වුණත්
වැයවීම ස්වභාවයයි.
උපේක්ෂාව නැත්නම්
අභිජ්ඣා, දෝමනස්ස ඇති වුණොත්
සංස්කාර වැඩිවෙනවා.
අභිජ්ඣා දෝමනස්ස නැතිව
සමස්තය පිළිබඳව සිහියෙන්
ඉන්නවා නම්
උපදින සංස්කාර නිරුද්ධ වීම
සිදුවෙනවා..
ඒ නිරුද්ධවීම දැනෙනවා.
අතීත වුවත්, වර්තමාන වුවත්
සංස්කාර නිරුද්ධ වෙනවා නම්
දුක නිවෙනවා.
http://vidasuna.blogspot.com/2012/12/blog-post_24.html