20130118

සමථ ක්‍රමයට විදසුන් වඩන්න බෑ.




සමථ වඩන කෙනෙක්
කරන්නෙ එක අරමුණකට
හිත එකඟ කරගෙන
අන් සියල්ලම ඉවත් කිරීමයි.

ඔහු ඊට ඇබ්බැහිවෙනවා.

සබ්බ කාය පටිසංවේදී.
ඉරියාපථ පබ්බ.
සම්පජඤ්ඤ පබ්බ වලින් කරන්නෙ
ඒ ඇබ්බැහි කමෙන් හිත මුදවලා
මුලු සිරුරටම හිත අවදි කිරීමයි.

තට්ටු හතරක ගොඩ නැගිල්ලක ආලෝකය දල්වන්න යන කෙනෙක්
එක කාමරයක ආලෝකය දැල්වීමෙන්
කාර්යය කෙරෙනවාද?


ශරීරය කියන්නෙ විවිධ වේදනා
මිලියන් ගාණක් වේදනා ඇති වෙවී
නැති වෙලා යන තැනක්.

එයින් එකක් තෝරාගෙන බලන එක
ඕනම කෙනෙක් කරනවා.
හිසේ කැක්කුම, දත් කැක්කුම වෙලාවට
ඔවුන් කරන්නෙ ඒකයි.
ඒ කැක්කුම දරන්න බැරි වෙන්නෙත් ඒකයි.

සමස්තයක් විදියට කය ගැන සිහිය දියුණු කළ යුතුයි.

සමස්තයක් විදියට වේදනා ගැන සිහිය දියුණු කළ යුතුයි.

සමස්තයක් විදියට සිත  ගැන සිහිය දියුණු කළ යුතුයි.

සමථයෙන් විදසුනට යන කෙනෙක්
එක වේදනාවක් බලමින්
පටන් ගන්න පුලුවන්.

ඒත් මුලු සිරුරම දකින තැනට
වර්ධනය විය යුතුයි.
  • සබ්බ කාය පටිසංවේදී.
    ඉරියාපථ පබ්බ.
    සම්පජඤ්ඤ පබ්බ පුහුණුව
    විදසුනේහි මුලටම යොදලා තියෙන්නෙ
    ඒ හැකියාව ලබා දෙන්නයි.


    පරිමුඛං සතිං උපට්ඨපෙත්වා
    මුහුණට සිහිය යොදවාගෙන
    ආනාපාන සතිය වඩන්න කියන්නෙ
    ඒ හුරුව පහසුවෙන් ලැබෙන්නයි.

    මුහුණ මුළු සිරුරෙම දැනීම්
    දැනෙන තැනක්.


එක මොහොතක
සමස්ත පුද්ගලයාම
සිත කය දෙකෙන්ම විඳින
සියල්ලම පිළිබඳව
සිහියෙන් හා උපේක්ෂාවෙන් සිටීමයි
අග්‍ර ඵලය.

විදසුන් වඩන්නෙක් නම්
වීර්යයෙන් එතන සිටිය යුතුයි.

රහතන් වහන්සේ
නිරායාසයෙන්ම ඉන්නවා.


20130118
=============================================

No comments:

Post a Comment