20130109

විදර්ශනා


විදර්ශනාව යනු
1, මෝහයෙන් අඳුරු නොවී,
2, රාග, ද්වේශ දෙකෙන් කිලිටි නොවී,
අපට මේ මොහොතෙහි දැනෙන දේ
එහි සැබෑ ස්වරූපයෙන්ම දැකීමයි.

විදර්ශනාව
නිවන් දැකීමට පමණක් නොව,
අප ගතකරන හැම මොහොතකටම උපකාරීවන,
අපට අත්‍යාවශ්‍ය පුහුණුවකි.
අප ලබන අධ්යාපනයට,
අප හදාරන ශිල්පයට,
අප කරන රැකියාවට,
හැම මොහොතකම අවශ්‍ය
සිහිය සහ උපේක්ශාව
නොනැසෙන ලෙස දියුණු කරගන්නට
හොඳම ක්‍රමය, විපස්සනා වැඩීමයි.
අප එදිනෙදා කරන කියන දේට
සපුරාම බලපාන්නේ
අපේ සිත පවතින ස්වභාවයයි.
සිතෙහි උදාසීන බව,
කැළඹීම ආදී නීවරණ නිසා
කිලිටි වෙයි, අවුල් වෙයි.

සිතේ කිලිටි බව හා අවුල් බව
සිතෙහි උපදින
රාග, ද්වේශ මෝහ සංස්කාර වල
ප්‍රතිඵලයකි.

උදාහරණයක් ලෙස,
ආහාරයක රස හඳුනා නොගෙන
“අවසිහියෙන්” ගැනීම
මෝහයයි.

එහි රස තිත්ත, කටුක ආදී වශයෙන් ගෙන
ප්‍රතික්ශේප කිරීම ද්වේශයයි.

එහි රස මිහිරි ලෙස ගෙන
තදින් ඇලුම් කිරීම රාගයයි.

විදසුන් වැඩෙනවිට,
වඩාත් හොඳින්
රස දැනෙන නමුදු
රස ප්‍රිය අප්‍රිය ලෙසම හඳුනාගන්නා නමුදු,
ආහාරයෙහි “රසය” මත
ආහාර ගන්න ප්‍රමාණය
අඩුවැඩි නොවෙයි.

ආහාරයෙහි රසය පමණක් නොව
එයින් ඇති කරන ප්‍රථිඵලත් සමග
සමස්තයක් ලෙස දැක,
තීරණ ගැනීමේ ශක්තිය,
එනම් ප්‍රඥාව දියුණු වෙයි.

රූප, ශබ්ද, ගන්ධ,රස හා ස්පර්ශ
අතීත අනාගත සිතුවිලි
සහ අප දරන දෘෂ්ටි ආදී
පසිඳුරන් හා මනස මගින්,
අපි විඳින සියලුම දේ,
අපට ආහාර වෙයි.

සමහර ආහාර
අපට පෝෂණය ලබාදී
අපේ කාය චිත්ත ශක්තිය දියුණු කරයි.

සමහර ආහාර වලින්
අපේ කාය චිත්ත ශක්තිය පිරිහෙයි.
සිත නිදිබර වෙයි.
සිත කැළඹෙයි.
පිනට මෙන්ම පවටද
අප පොළඹවයි.

මේ වෙනස්කම්
හඳුනාගැනීමේ ශක්තිය,
ප්‍රඥාවයි.

ප්‍රඥාවට පාදක වන
ව්දර්ශනාව යනු
අපට මේ මොහොතෙහි දැනෙන දේ
රාග, ද්වේශ දෙකෙන් කිලිටි නොවී,
මෝහයෙන් අඳුරු නොවී,
එහි සැබෑ ස්වරූපයෙන්ම දැකීමයි.

ප්‍රඥාවට ඇති එකම බාධකය
අවිද්යාවයි..

ඉතා සරලව,
අවිද්‍යාව කියන්නෙ
සිහියෙන් තොරවීමයි.

කය සහ කයෙහි වෙනස්වීම්,
සිත සහ සිතෙහි වෙනස්වීම්
පිළිබඳව සිහියෙන් තොරවීමයි.

කාය, වේදනා, චිත්ත, ධම්ම යන
සතර අනුපස්සනාවෙන්
අවිද්‍යාව නිරෝධ වෙනවා.
පංච උපාදානස්කන්ධයේ
රූප (ඵස්ස.), වේදනා, සංඥා තුන පිළිබඳව
සිහියෙන් තොරවීම අවිද්යාවයි ….

සතර සතිපට්ඨානය වැඩීමෙන්
අවිද්යාව නිරෝධ වෙනවා.

(වයධම්මා සංඛාරා….)
සංස්කාර වල ස්වභාවය වැය වීමයි.
උපදින සංස්කාර  වැය වෙලා යනවා.
ඉපදුනොත් නිරෝධ වෙනවා.

කාය, වේදනා, චිත්ත, ධම්ම යන
සතර අනුපස්සනාවෙදි
නව සංස්කාර ඇතිවෙන්න තියන අවකාශය අත් හිටුවන නිසා,
පැරණි සංස්කාර ඉපදිලා නිරෝධ වෙනවා.

මේ සත්‍යතාවයන්,
විපස්සනා වැඩීම තුලින්ම
අවබෝධ කරගැනීම යහපති.

ලෞකික සමාධි වැඩීමෙන්
ප්‍රඥාව දියුණු වෙන්නෙ නැහැ.

ප්‍රඥාවට මුල්වන්නෙ
සතර සතිපට්ඨානය වැඩීමෙන්
අවිද්යාව නිරෝධ වී,
සංස්කාර-විඤ්ඤාණාදිය නිරෝධ වී
ලබන ‘සම්මා’ සමාධියයි.

20120205________________________________________________________
විපස්සනා ( කාය, වේදනා, චිත්ත, ධම්ම -සතර අනුපස්සනා )
============================================================
විපස්සනා පුහුණු විය හැකි මධ්යස්ථාන රැසක්,
ශ්‍රී ලංකාව
ඇතුලු ලෝකයේ රටවල් රැසක .
This is the international home page of the organizations
which offer courses in Vipassana Meditation
as taught by S.N. Goenka and his assistant teachers
in the tradition of Sayagyi U Ba Khin.

No comments:

Post a Comment