"මම" කියන්නෙ නම වගේ
පැවැත්මට අවශ්‍ය සාධකයක්..
.පැවැත්මට අවශ්‍ය සාධකයක්..
"මම" කියන්නෙ මිථ්‍යා දෘෂ්ඨියක්..
මිනිසා සතු
ප්‍රබලම, දරුණුම මිථ්‍යා දෘෂ්ඨිය
ඒ මිථ්‍යා දෘෂ්ඨිය
නිර්මාණය කරන්නේ
විඤ්ඤාණයයි.
"මම" පවතින්නේ කෙලෙස්
විදියට තැන්පත්වෙලා තියන
රාග, ද්වේශ හා මෝහ
සංස්කාර නිසා.
සත්වයා පවතින්නේ
සතර වර්ගයේ ආහාර නිසා.
1.කබලිකාර ආහාර
2.ස්පර්ශ ආහාර
3.මනෝ සංචේතනික ආහාර
4.විඥ්ඥාන ආහාර
මම පවතින්නේ
පැවැත්ම සඳහා
ආහාර ගතයුතු නිසා.
රූප කොටසට ආහාර සෙවීම
නාම කොටසෙ වගකීමයි.
ඒ අතරම
නාම කොටසත්
ප්‍රිය දේවල් සොයනවා.
සිදුවෙන දේ
ප්‍රිය අප්‍රිය දෙකට හා
දෙකටම අයත් නොවෙන දේ ලෙස
වර්ග කරමින්
රාග, ද්වේශ හා මෝහ වශයෙන්
ආහාර රැස් කරගන්නවා.
කබලිකාර ආහාර
පමණ ඉක්මවා ගත්තාම
තරබාරු වෙනවා වගේ
මානසික ආහාර වැඩිවුණාම
මමත්වයත් වැඩෙනවා.
කබලිකාර ආහාර වලට
සීමාව පටුයි.
මානසික ආහාරවලට
සීමාවක් නෑ.
කබලිකාර ආහාර අක්මාවෙ
තැන්පත් වෙනවා.
ආහාර නොගත් වෙලාවට
අක්මාවෙන් ආහාර නිදහස් කරල
ජීවිතය පවත්වා ගන්නවා.
රාග, ද්වේශ හා මෝහ
සංස්කාර වශයෙන්
මානසික ආහාර විඤ්ඤාණයේ
තැන්පත් වෙනවා.
මානසික ආහාර නොගන්න වෙලාවට
රාග, ද්වේශ හා මෝහ
සංස්කාර නිදහස් කරල
මානසික ක්‍රියාව්ලිය
පවත්වා ගන්නවා.
කබලිකාර ආහාර අඩුකළාම
කය දුර්වල වෙනවා.
තැන්පත් වෙලා තියන ආහාර
ඉවරවෙන තුරුම
ආහාර නොගෙන හිටියොත් මැරෙනවා.
මානසික ආහාර අඩුකළාම
කය දුර්වල වෙනවා.
තැන්පත් වෙලා තියන කෙලෙස්
ඉවරවෙන තුරුම
මානසික ආහාර නොගෙන හිටියොත්
මමත්වය මැරෙනවා.
විදසුන් වඩන්නෙකුට
ඔහු තුළත් බැහැරත් සිදුවෙන දේ
මොහොතින් මොහොතට
ක්‍රියාවලියක් ලෙස පෙනෙනවා.
ඒ මොහොතට "මම" නැහැ.
නාම කොටස මුලු රූපයම ගැන
සිහියෙන් හා උපේක්ෂාවෙන් ඉන්න
නිර්මල මොහොතට
"මම" නැහැ.
ඇතිවෙන නැතිවෙන
ක්‍රියාවලියක් විතරයි.
විදසුන් වඩන්නෙක්
තමා තුළ හෝ බැහැර
ඒ මොහොතෙ සිදුවෙන දේට
සිහියෙන් හා උපේක්ෂාවෙන් ඉන්නවා.
ඔහු ඒ කිසිවකට ප්‍රතිචාර ලෙස
අලුත් සංස්කාර හදන්නේ නැහැ.
විදසුන් වඩන මොහොතෙදි
විඤ්ඤාණයට ආහාර නැහැ.
විදසුනෙන් ගතකරන මොහොතට
රාග, ද්වේශ හා මෝහ වශයෙන්
මානසික ආහාර ගැනීම
නතර වෙනවා.
පැරණි කෙලෙස්
සංස්කාර විදියට මතුවෙලා
සිහියෙන් හා උපේක්ෂාවෙන් සිටිනවිට
නිරුද්ධ වෙනවා.
කාය, වේදනා, චිත්ත, ධම්ම
සතරම පිළිබඳව
සමස්තයක් විදියට
සිහියෙන් හා උපේක්ෂාවෙන් සිටිනවිට
"මම"එනම් නාම කොටස
මුලු රූපයම සමග එකක් විදියට
පවතිනවා.
කෙලෙස් නැතිවෙන විට
ප්‍රඥාව පහළ වෙනවා.
"මම"තමන්ගෙ කැමැත්තට
ප්‍රිය දේම සොයමින් ගිය ගමන
ප්‍රඥාව යන්නෙ
සිරුර තියෙන තුරු පමණයි.
No comments:
Post a Comment