අද උදේ
මම පුතාටත් දෝණිටත්
ඇවිත් වාඩිවෙන්න කිව්වා.
දෝණි ආවෙ අඬාගෙන.
මම දෙන්නගෙන් ඇහුවා
ඔය දෙන්නගෙන් වඩාත් ශක්තිමත් කවුද
වඩාත් සැනසිල්ලෙන් ඉන්නෙ කවුද කියල.
අඬන කෙනාද නැති කෙනාද? කියල.
දෝණි අඬ අඬාම අයියව පෙන්නුවා.
අතක් උස්සලා
මම ඔවුන්ට කිව්වා
මෙහෙම අත උස්සගෙන ඉන්නකොට
මගෙ අත රිදෙන්න ගන්නවා.
අත රිදෙන එක ගැන සිහියෙන්
මට ඉන්න පුලුවන්.
මට ඒ ගැන හිතෙනුත්
දුක්වෙන්න පුලුවන්.
අත රිදෙන එක ගැන සිහියෙන්
උපේක්ෂාවෙන් හිටියොත්
මට තියෙන්නෙ එක දුකයි.
මම ඒ ගැන හිතෙනුත්
දුක් වෙන්න පටන් ගත්තොත්
මට දුක් දෙකයි.
මට කැමති නම්
එක දුකක් විඳින්න පුලුවන්.
නැත්නම් ඒ දුක් දෙකම
විඳින්නත් පුලුවන්.
මම ඔවුන්ගෙන් ඇහුවා
හිතෙන් දුක් විඳින වෙලාවද වඩා හොඳ?
නැත්නම් හිතෙන් දුක් නොවිඳ ඉන්න වෙලාවද?
ඔවුන් අනිවාර්ය පිලිතුර දුන්නා.
"එහෙනම් මීට පස්සෙ
දුක් විඳින වෙලාවට
මේ දුකට වඩා
දුක් නොවිඳ ඉන්න එක හොඳයි කියල
සිහි කරන්න."
---------------------------------
මේ ක්‍රමය
ඉන්ද්‍රිය භාවනා සූත්‍රයෙ
බුදුන් වහන්සෙ
මේ විදියට විස්තර කරනවා.
ආනන්දය,
කිසෙයින් ආර්‍යවිනයෙහි
අනුත්තර ඉන්ද්‍රියභාවනා වෙයි යත්:
ආනන්දය, මෙසස්නෙහි මහණහට
ඇසින් රූ දැක, කනින් ශබ්ද අසා, නාසයෙන් ගන්ධාඝ්‍රාණය කොට, දිවෙන් රස විඳ, කයින් ස්ප්‍රෂය විඳ
මනාප උපදී,
අමනාප උපදී,
මනාපමනාප උපදී,
හේ මෙසේ දැන ගනී:
‘මට මේ මනාපය උපන,
අමනාපය උපන,
මනාපමපනාපයඋපන.
හෙද සඞඛත ය,
ඖදාරික යැ,
ප්‍රතිත්‍ය සමුප්පන්න යි.
යම් උපේක්ෂාවක් ඇද්ද
තෙල ශාන්ත යැ,
තෙල ප්‍රණිත යැ’යි කියා යි.
ඔහුට ඒ උපන් මනාපය
උපන් අමනාපය
උපන් මනාපමනාපය නිරුද්ධ වෙයි.
උපේක්ෂාව පිහිටා සිටී.
ආනන්දය, යම් සේ ඇස් ඇති පුරුෂයෙක්
ඇස ඇර පියාලන්නේ හෝ වේ ද
ඇස පියා ඇරලන්නේ හෝ වේ ද,
එසෙයින් මැ ආනන්දය, යම් කිසිවක්හට
මෙසේ ශීඝ්‍ර වැ
මෙසේ වෙලෙවි වැ
මෙසේ නිදුකින්
උපන් මනාපය
උපන් අමනාපය
උපන්මනාපමනාපය
නිරුද්ධ වේ ද,
විදර්ශනොපෙක්ෂාව පිහිටා සිටී ද,
ආනන්දය,
මේ ආර්‍ය්‍යවිනයෙහි
චක්ෂුර්විඥෙය රූප විෂයෙහි, ශ්‍රෝතවිඥෙය ශබ්ද විෂයෙහි, ඝ්‍රාණවිඥෙය ගන්ධ විෂයෙහි, ජිව්හාවිඥෙය රස විෂයෙහි, කායවිඥෙය ස්ප්‍රෂ්ටව්‍ය විෂයෙහි, මනොවිඥෙය ධර්ම විෂයෙහි අනුත්තර වූ ඉන්ද්‍රියභාවනා යයි කියනු ලැබේ.
No comments:
Post a Comment