එක වාක්‍යයක් කියවන දහදෙනෙක්
අවම වශයෙන් දහයක් දේ සිතා ගනියි.
අවම වශයෙන් දහයක් දේ සිතා ගනියි.
බුදු දහමෙන් ලබන
අවබෝධය සියල්ලන්ටම එකයි.
අවබෝධය සියල්ලන්ටම එකයි.
බුදු දහම
කියවීමෙන් දැනුම
සොයන දහමක් නොවේ..
කියවීමෙන් දැනුම
සොයන දහමක් නොවේ..
විඳ ප්‍රත්‍යක්ෂයෙන් දැනගන්නා
විද්‍යාත්මක දැනුමකි.
විද්‍යාත්මක දැනුමකි.
රාගය සියල්ලන්ටම එකයි.
ද්වේශය සියල්ලන්ටම එකයි.
මෝහය සියල්ලන්ටම එකයි.
ද්වේශය සියල්ලන්ටම එකයි.
මෝහය සියල්ලන්ටම එකයි.
නීවරණ සියල්ලන්ටම එකයි.
බොජ්ඣ්ංග සියල්ලන්ටම එකයි.
බොජ්ඣ්ංග සියල්ලන්ටම එකයි.
අවබෝධ වන විට
කවුරු අවබෝධ කළත්
අවබෝධ කරන්නේ එකම දෙයකි.
කවුරු අවබෝධ කළත්
අවබෝධ කරන්නේ එකම දෙයකි.
කියවීමෙන් දැනගන්නා අය වාද කරති..
නැත්නම් කටපාඩමෙන් කියන දේට
එකඟ වෙති.
නැත්නම් කටපාඩමෙන් කියන දේට
එකඟ වෙති.
විපස්සනා වඩන්නවුන් අතර
වාද කරන්නට මත දෙකක් නැත..
සසඳන්නට ඇත්තේ
සමාන අත්දැකීම්ය..
ඒත් ඒ අත්දැකීම
එකිනෙකාට ආවේණිකය.
වාද කරන්නට මත දෙකක් නැත..
සසඳන්නට ඇත්තේ
සමාන අත්දැකීම්ය..
ඒත් ඒ අත්දැකීම
එකිනෙකාට ආවේණිකය.
විපස්සනා වඩන්නා
ධර්මය අත් දකින්නෙක්.
විඳ ප්‍රත්‍යක්ෂ කරගන්නෙක්.
ඔහු ධර්මය දකින්නෙ
මේ මොහොතෙ
තම කයත්
කයෙහි ඇති වෙන නැති වෙන වේදනාත්
සිතත්,
සිතෙහි ඇති වෙන නැති වෙන ධර්මතාත්
සිහියෙන් දකිමින්..
ඒ දකින දේට උපෙක්ෂාවෙන් විසීමෙන්.
එක් එක් කයට දැනෙන විදිය වෙනස් නිසයි
අත්දැකීම වෙනස් වෙන්නෙ.
දකින දේ කාටත් එකයි.
දෙන්නෙක් අව්වෙ ඉන්නවා නම්
ඔවුන් දෙදෙනාම
තමන් තුළ සිදුවෙන දේ
සිහියෙන් දකිමින්..
ඒ දකින දේට උපෙක්ෂාවෙන් විසීමෙදි
ඔවුන් දෙදෙනාගෙම අත්දැකීම එකයි.
මිනිසුන් වෙනස් වෙන්නෙ
රාග ද්වේශ මෝහ නිසයි.
සිහියෙන් හා උපේක්ෂාවෙන් ඉන්න දෙන්නෙක්
දකින්නෙ එකම දෙයක්.
ධර්මය අත් දකින්නෙක්.
විඳ ප්‍රත්‍යක්ෂ කරගන්නෙක්.
ඔහු ධර්මය දකින්නෙ
මේ මොහොතෙ
තම කයත්
කයෙහි ඇති වෙන නැති වෙන වේදනාත්
සිතත්,
සිතෙහි ඇති වෙන නැති වෙන ධර්මතාත්
සිහියෙන් දකිමින්..
ඒ දකින දේට උපෙක්ෂාවෙන් විසීමෙන්.
එක් එක් කයට දැනෙන විදිය වෙනස් නිසයි
අත්දැකීම වෙනස් වෙන්නෙ.
දකින දේ කාටත් එකයි.
දෙන්නෙක් අව්වෙ ඉන්නවා නම්
ඔවුන් දෙදෙනාම
තමන් තුළ සිදුවෙන දේ
සිහියෙන් දකිමින්..
ඒ දකින දේට උපෙක්ෂාවෙන් විසීමෙදි
ඔවුන් දෙදෙනාගෙම අත්දැකීම එකයි.
මිනිසුන් වෙනස් වෙන්නෙ
රාග ද්වේශ මෝහ නිසයි.
සිහියෙන් හා උපේක්ෂාවෙන් ඉන්න දෙන්නෙක්
දකින්නෙ එකම දෙයක්.
මිනිස් ශරීරයක් පිලිස්සුණාම
කයෙහි දැනෙන වේදනාව එකයි.
දෙන්නෙක් ගිනි දැල්ලකට
අත පුළුස්සාගත්තොත්
ඔවුන් ද්වේශයෙන් දුකට පත් වෙද්දි
ඔවුන්ගෙ හිත් වල තියන දේවල්
එකිනෙකාට වෙනස්.
කෙනෙක් දුක් වෙන්න පුලුවන්.
කෙනෙක් තරහ යන්න පුලුවන්..
තරහෙන් දුකෙන් තැවෙන දැවෙන
ඔවුන් දෙන්නටම
අතේ වේදනා හරියට පෙනෙන්නෙ නැහැ.
ඔවුන්ගෙ හිත අවුල්.
ඔවුන්ට වේදනාව ගැන
සිහියත් නැහැ. උපේක්ෂාවත් නැහැ.
විදසුන් වඩන්නා පුහුණු වෙන්නෙ
සිහිය සහ, උපේක්ෂාවයි.
ඒත් ඒ වේදනා ගැන සිහියෙන් ඉන්න
ඒ වේදනාවට උපේක්ෂාවෙන් ඉන්න දෙන්නෙක්
අත් දකින්නෙ එකම ආකාරයේ වේදනා.
මිනිස් ශරීරයක් පිලිස්සුණාම
කයෙහි දැනෙන වේදනාව එකයි.
ගිනි දැල්ලට අත පුළුස්සාගත් දෙන්නාම
සිහියෙන් උපේක්ෂාවෙන් ඉන්න විට
අත්දැකීම සම්පූර්ණයෙන් දකිනවා.
ඔවුන් දෙදෙනාම
ඒ මොහොතෙ දුක් විඳින්නෙ නැහැ.
තව කෙනෙකුගෙ කීමට
ඒකායන මාර්ගය කියා ඇදහීම
ශ්‍රද්ධාව නෙමෙයි.
එහෙම විශ්වාස කරනවා නම් බුදු වදන
හොඳටම ප්‍රමාණවත්.
සැබෑ ශ්‍රද්ධාව වැඩෙන්නෙ.
ඒකායන මාර්ගය කියලා
තමන්ට ප්‍රිය කෙනෙකුගෙන්
දැන ගැනීමෙන් නෙමෙයි
විදසුන් වඩද්දී
සෝ තැවුල් සමතයට පත් වී
ඉක්මවායාමෙන්
දුක් දොම්නස් අස්තංගත වීමෙන්..
අචල ශ්‍රද්ධාව වැඩෙනවා.
ඒ ශ්‍රද්ධාව
කාගේවත් කීමකින්
ඇති වෙන දෙයක් නොවෙයි.
විදසුන් වඩද්දි
දුක තමන් පෙළද්දි
දුක දකිමින්...
දුක ගැන සිහියෙන් හා
දුකට උපේක්ෂාවෙන් විසීමෙන්
අචල ශ්‍රද්ධාව වැඩෙනවා.
මේ අත්දැකීම
මනසින් ලබන දෙයක් නෙමෙයි.
පච්චත්තං වේදිතබ්බෝ.
විඳ ප්‍රත්‍යක්ෂ කරන ධර්මයයි.
ඔබ අවබෝධය කියා නම් කරන්නෙ
කිසියම් ධර්ම දේශකයෙකුගෙ තර්ක බිඳින්නට තරම්
දැනුමක් හෝ බුද්ධියක් නොමැති පිරිස
ඔහුට යටත් වී
ඔහු කී දේ එලෙසින්ම පිළි ගැනීමටයි.
සැබෑ ප්‍රඥාව වැඩෙන්නෙ
විදසුන මගින් අවිද්‍යාව දුරු වීමෙනුයි.
ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවට කෙටි මගක් නෑ.
ශ්‍රද්ධාවෙන් ප්‍රඥාවට යන කෙනෙක්
වීර්ය
සති
සමාධි
හරහා යායුතුයි.
සතිය වඩන්නට වීර්ය කරන්නා තුළ
සමාධිය වැඩෙනවා.
සතියෙන් සිටින විට ඇතිවෙන සමාධියෙන්
තමා තුළ ධර්මය විඳ
ප්‍රත්‍යක්ෂ කර ගැනීමෙන්
ප්‍රඥාව ඇතිවෙනවා.
ඒකායනෝ මග්ගෝ..
ඤායස්ස අධිගමාය.
No comments:
Post a Comment