සැකසෙමින් පවතී.
කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි,
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි,
මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.
1, සත්වයාගේ විශුද්ධියට,
2, සෝක පරිදේව සමතයට හා ඉක්මවීමට.
3, දුක් දොම්නස් අස්තංගත වීමට
4, ප්‍රඥාව ඉහළ යාමට
5, නිවන සාක්ශාත් කිරීමට
“එකම මාර්ගය” සතර සතිපට්ඨානයයි.
කවර වූ සතරෙක්ද?
___මහණෙනි, යම් මහණෙක්,
1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේද්නා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,
3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,
4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,
1, “එකායනො මග්‌ගො”
සත්‌තානං විසුද්‌ධියා,
.
සත්වයෙකුගෙ සාරයක් නැහැ.
සත්වයා මූලික වශයෙන් පිරිසිදුයි.
රික්තකයක් වගේ දෙයක්.
පිරිසිදු වතුරෙ මඩ වගේ…
සත්වයා අපිරිසිදු වෙලා තියෙන්නෙ
බැහැරින් ආ කෙලෙස් නිසයි
සත්වයෙක් කියන්නෙ
දූෂ්‍ය වුණ රික්තකයක්.
සත්වයා පවතින්නෙ ඔහු තුළ ඇති
රාග ද්වේශ හා මෝහ කෙලෙස් නිසයි.
කෙලෙස් නිසා පවතින සත්වයා
පිරිසිදු කරන්න තියන එකම මාර්ගය
සතර සතිපට්ඨානයයි.
විදසුන් මගින් කෙලෙස් ඉවත් කළාට පස්සෙ
ඒ විශුද්ධිය ලැබූ සත්වයාගෙ සිතේ ස්වභාවය
ප්‍රඥාව, මෙත්තා මුදිතා කරුණා උපෙක්ඛා ආදියයි
2, “එකායනො මග්‌ගො”
සොක පරිදෙවානං සමතික්කමාය,
සෝ තැවුල් නම්
අතීතයෙ හෝ අනාගතෙ සිදුවීම් සිහි කරමින්
සෝක වීම හා තැවීමයි.
සෝ තැවුල්
මනසෙහිම නිර්මාණය වන බැවින්
වළාකුලකට මැදිවූ කුරුල්ලෙකුට මෙන්
වහාම හෝ ප්‍රමාද වී ඉක්මවිය හැකිය.
සොවින් ලතැවුලෙන් පසුවන කෙනෙකු
සමස්තයක් ලෙස
කය, [වේදනා]-කයෙහි වෙනස්වීම්,
සිත, [ධර්ම]සිතෙහි වෙනස්වීම් යන
සතර පිළිබඳව
සිහියෙන් සහ උපේක්ශාවෙන් පසුවෙන විට
සෝ තැවුල් සමත වී, ඉක්මවා යාම සිදුවෙයි.
සෝ තැවුල් සමථයට පත්වීමට හා
ඉක්මවා යාමට ගතවන කාලය
පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙයි.
පටාචාරාව වහා සිහි එලවා ගත් නමුත්
කිසාගෝතමියට සිහි එලවා ගැනීමට
වැඩි කාලයක් ගතවිය.
සොවින් ලතැවුලෙන් පසුවන කෙනෙකුගේ
සෝ ලතැවුල් පෝෂණය ලබන්නේ
ඔහුගේ සිතට අතීත හෝ අනාගත
චිත්ත රූප මැවීමෙන් සහ
ඒ රූප හේතුකොට ගෙන
ශෝකය හා ලතැවුල අලුත් වීමෙනි.
කිසිවෙකු මියගිය සොවින් තැවෙන කෙනෙක්
ඔහු විසින් කළ කී දෑ සිහි කරයි.
ඔහු නැත්ව ගෙවන අනාගතය පිළිබඳව
සිතමින් තැවෙයි.
එහෙත් ඔහු ඒ සිත මුදවාගෙන
මේ මොහොතෙහි සිටින ඉරියව්වට,
කයෙහි දැනෙන වේදනා වලට...
සිතෙහි පවතින අඳුරු ස්වභාවයට
සිහිය පිහිටුවා ගන්නා විටම
සෝ තැවුල් සමථයට පත් වෙයි.
ඒ දැනෙන වෙනස්කම් වලට
උපේක්ෂාව පිහිටුවා ගන්නා විට
ඔහු සෝ තැවුල් ඉක්මවා යයි.
__________________________________
“එකායනො අයං භික්‌ඛවෙ මග්‌ගො”
=එකම මාර්ගය මෙයයි, මහණෙනි=
1, සත්‌තානං විසුද්‌ධියා,
=සත්වයාගේ විශුද්ධියට,=
2, සොකපරිදෙවානං සමතික්කමාය,
=සෝක පරිදේව සමතය හා ඉක්මවීමට.
3,දුක්‌ඛ දොමනස්‌සානං අත්‍ථඞ්‌ගමාය,
=දුක් දොම්නස් අස්තංගත වීමට
4, ඤායස්‌ස අධිගමාය,
=ප්‍රඥාව ඉහළ යාමට
5, නිබ්‌බානස්‌ස සච්‌ඡිකිරියාය,
=නිවන සාක්ශාත් කිරීමට
යදිදං චත්‌තාරො සතිපට්‌ඨානා.
=මේ සතර සතිපට්ඨානයයි.
කතමෙ චත්‌තාරො:
=කවර වූ සතරෙක්ද?
ඉධ භික්‌ඛවෙ, භික්‌ඛු
=මහණෙනි, යම් මහණෙක්,
කායෙ කායානුපස්‌සී විහරති,
=කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
ආතාපී සම්‌පජානො සතිමා
=වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
=පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
වෙදනාසු වෙදනානුපස්‌සී විහරති
=[කයෙහි වෙනස් වීම්]
=වේදනා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,
ආතාපී සම්‌පජානො සතිමා
=වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
=පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති
=සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,
ආතාපී සම්‌පජානො සතිමා
=වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
=පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
ධම්‌මෙසු ධම්‌මානුපස්‌සී විහරති
=[සිතෙහි වෙනස්වීම්]
=දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,
ආතාපී සම්‌පජානො සතිමා
=වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
=පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
No comments:
Post a Comment