20140722

ධර්මය දකින්නා මා දකියි.



මහණෙනි,
භික්ෂුවක් ඉන්නවා.
ඔහු මගේ සිවුරේ කොණ අල්ලාගෙන
මගේ පියවර අනුව පියවර තබමින්
පසුපසින් එනවා.
ඒත් ඔහු දැඩි ලෝභී කෙනෙක් නම්,
පංච කාමයන් පිළිබඳව දැඩිව ඇළුනු කෙනෙක් නම්,
විපරීත වෙච්ච සිතක් ඇති කෙනෙක් නම්,
දූෂිත වෙච්ච අදහස් ඇති කෙනෙක් නම්,
සිහි මුලා වෙච්ච කෙනෙක් නම්,
මනා වූ ප්‍රඥාව නැති කෙනෙක් නම්,
එකඟ සිතක් නැති කෙනෙක් නම්,
බිරාන්ත වෙච්ච සිතක් ඇති කෙනෙක් නම්,
ඉන්ද්‍රිය සංවරය නැති කෙනෙක් නම්,
ඒ නිසාම ඔහු ඉන්නෙ මට වඩා ගොඩාක් දුරින්.
 මමත් ඉන්නේ ඔහුට ගොඩාක් දුරින්.
ඒකට හේතුව මොකක්ද?
මහණෙනි, ඒ භික්ෂුව ධර්මය දකින්නෙ නෑ.
ධර්මය නොදකින නිසා මාව දකින්නෙත් නෑ.

මහණෙනි,
භික්ෂුවක් ඉන්නවා.
ඔහු ඉන්නෙ මට වඩා යොදුන් සියයක් දුරින්.
ඔහු ලෝභය නැති කෙනෙක්.
පංච කාමයන් පිළිබඳව දැඩි ඇළුනු කෙනෙක් නොවෙයි.
 විපරීත සිතක් තියෙන කෙනෙකුත් නොවෙයි.
දූෂිත වෙච්ච අදහස් ඇති කෙනෙකුත් නොවෙයි.
ඉතා හොඳින් සිහියේ පිහිටලයි ඉන්නෙ.
හොඳ ප්‍රඥාවකිනුයි ඉන්නේ.
සමාධිමත් සිතකුත් තියෙනවා.
එකඟ වූ සිතකුත් තියෙනවා.
ඉන්ද්‍රියනුත් සංවරයි.

මහණෙනි,
ඒ නිසාම ඔහු ඉන්නෙ මගේ ළඟින්මයි.
මමත් ඉන්නෙ ඔහුගේ ළඟින්මයි.
ඒකට හේතුව කුමක්ද?
මහණෙනි, ඒ භික්ෂුව ධර්මය දකිනවා.
ධර්මය දකින නිසා මාව දකිනවා.”
______________________________
සංඝාටිකණ්ණ සූත්‍රය
සිවුරු කොණ ගැන වදාළ දෙසුම

ඛුද්දක නිකායේ ඉතිවුත්තක පාළි
තික නිපාතය පස්වෙනි වර්ගය

No comments:

Post a Comment