20140703

බුදු දහම "ඉගෙන ගෙන" වැඩක් නැත.



Basura Eranga Dissanayaka [[[ඔබ අදහස් කරන බුදු දහම
ඇති පමණ මා ඉගෙන ගෙන ඇත.....වැඩක් නම් නැත...]]]
---------------------------------------------------------------

කිසිම පුදුමයක් නැත..
බුදු දහම  "ඉගෙන ගෙන" වැඩක් නැත.

ඉගෙනීම ආරම්භය පමණි.

1, සුනාථ
2,ධාරේථ
3, චරාථ ධම්මෙ.

1, ඇසීම,
2, දරා ගැනීම
3, ධර්මයෙහි හැසිරීම.

හැසිරීම කියන්නෙ
ශීල, සමාධි, ප්‍රඥා තුන
දියුණු කිරීමයි.
ඇසුවාට, මතක ශබා ගත්තාට
ශීල, සමාධි, ප්‍රඥා වැඩෙන්නේ නැහැ.

1, ශීල, පන්සිල් අටසිල්.
2, සමාධි, ආනාපාන සති ආදී භාවනා
3, ප්‍රඥා සතර සතිපට්ඨාන භාවනාව

මේ අයුරින්
ධර්මයෙහි හැසිරුණේ නැති කෙනෙකුට
බුදු දහමෙ හරි වැරදි බලන්න
සුදුසුකම් නැහැ.

ඔවුන් මොනවා කීවත්
පෙත්තා බත් කෑවා වැනි
'හිස් ප්‍රකාශයක්.
පෙත්තා බත් කෑවා කියද්දි
පෙත්තා බත් දන්නේත් නැත.
කෑම දන්නෙතේත් නැත.
ඔහු වචන කිහිපයක් තෙපළනවා පමණි.

---------------------------------------------
සමාධි,
01, සතර සතිපට්ඨාන භාවනාව
02, සතර සම්‍යක් ප්‍රධාන භාවනාව
03, සතර ඎද්ධිපාද භාවනාව
04, පංචේන්‍ද්‍රිය භාවනාව
05, පංච බල භාවනාව
06, සප්ත බෝධ්‍යඞ්ග භාවනාව
07, ආර්‍ය අෂ්ටාංගික මාර්‍ග භාවනාව
08, මෛත්‍රී භාවනාව
09, කරුණා භාවනාව
10, මුදිතා භාවනාව
11, උපෙක්‍ෂා භාවනාව
12, අසුභ භාවනාව
13, අනිත්‍ය සංඥා භාවනාව
14, ආනාපාන සති භාවනාව.
- ආනාපාන සති සූත්‍රය.
උපරිපන්නාසකය - මජ්ජිම නිකාය

------------------------------------------------
සතර සතිපට්ඨානය
1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,

2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේද්නා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,

3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,

4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,

No comments:

Post a Comment