20140909

ඔබේ කය ගැන, වේදනා ගැන ඔබේ සිහිය දුර්වලයි


Janith Wimukthike 
,රසායනික වෙනස හැම වෙලාවෙම ඔබට
භෞතිකව නිරීක්ෂණය කරන්න බෑ...මොලය සම්බන්ධව එහෙමයි..
--------------------------------------------------------------------------------------
Janith..
ඔබ කතා කරන්නෙ
තමන්ගෙ කය ගැන, වේදනා ගැන
අවසිහියෙන් පසුවෙන
ඔබ වැනි සාමාන්‍ය කෙනෙකුට අදාළවයි.

ඔබ තුළ සිදුවෙන
බොහෝ රසායනික වෙනස් කම්
ඔබට දකින්න නොහැකි
ඔබේ සිහිය දුර්වල නිසයි..

ඔබට ඔබේ හුස්මවත් දැනෙන්නෙ නැහැ.

කුමක් හෝ දෙයක් වෙන තුරු
ඔබේ අතපය කොහේ කොහොම තියනවද
දන්නෙ නැහැ.

රස හැරෙන්න කෑම නිසා
මුවෙහි සිදු වෙන වෙනස් කම්
ඔබ දන්නෙ නැහැ.

ඔබේ කයට සිහිය යොමු කළොත්
ඔබට මෙතෙක් නොපෙනුන නොදැණුන
රසායනික වෙනස් වීම්
විශාල ප්‍රමාණයක් දකින්න පුලුවන්.

ඔබ දවස පුරා ප්‍රතික්‍රියා කරන්නෙ
මේ රසායනික වෙනස් වීම් වලටයි.

ඔබට ඇතිවෙන සිතිවිලි, හැඟීම්
සියල්ලටම පාදක වෙන්නෙ
මේ රසායනික වෙනස්වීම්.

දුක, තරහ භය කාමය
මේ සියල්ලටම සමපාත
රසායනික වෙනස් වීම්
ඔබේ කය පුරා පවතිනවා.

සබ්බේ ධම්මා වේදනා සමෝ සරණා.

සිතෙහි ඇතිවෙන සියලුදේ
වේදනා සරණ කොට පවතිනවා.

මාතෘකාවට අදාළව කියනවා නම්
සිතෙහි ඇතිවෙන සියලු දේ
භෞතිකව නිරීක්ෂණය කළ හැකි
රසායනික වෙනස්කම් සරණ කොට පවතිනවා.

තමන්ගෙ කය ගැන, වේදනා ගැන
අවසිහියෙන් පසුවෙන
ඔබ වැනි සාමාන්‍ය කෙනෙක්
හැම වෙලාවෙම රසායනික වෙනස
භෞතිකව නිරීක්ෂණය කරන්න බැරි තැන ඉඳලා
රසායනික වෙනස හැම වෙලාවෙම
භෞතිකව නිරීක්ෂණය කරන්න පුළුවන් තැනට
සිහිය පිහිටුවාගන්න දියුණු කරන්නයි
බුදු දහමෙ සතිපට්ඨානය නියම කරන්නෙ.

ඔබ තුළ මේ මොහොතෙත් සිදු වෙන
ඔබට දැන් නොදැනෙන බොහෝ වෙනස්කම්
සිහියත් උපේක්ෂාවත් දියුණු කරගැනීමෙන්
භෞතිකව නිරීක්ෂණය කරන්න පුළුවන් වෙනවා.

සතර සතිපට්ඨානයෙ
කායානුපස්සනාව ඇරඹෙන්නෙ
කය ගැන සිහිය දියුණු කරන්න
හුස්ම ගනිද්දි සිදුවෙන
රසායනික වෙනස් කම්
භෞතිකව නිරීක්ෂණය කිරීමෙනුයි..

රහතන් වහන්සේ කෙනෙක් කියන්නෙ
තමා තුළ සිදුවෙන
සියලුම රසායනික වෙනස්කම්
මොහොතක් මොහොතක් පාසා, නොකඩවා
භෞතිකව නිරීක්ෂණය කරන
ඒ කිසිම දේකින් නොසැලෙන කෙනෙක්.

ඒ අවස්ථාවෙදි අනිත්‍ය දුකක් නොවෙයි.

පුහුදුන් පුද්ගලයා
රහතන් වහන්සේ දක්වා ගමන් කරන්නෙ
සිහියෙන් සහ උපේක්ෂාවෙන්
තමන් තුළ මේ මොහොතෙ සිදුවෙන
සියලුම රසායනික වෙනස්කම්
තමන්ට දකින්න පුලුවන් උපරිමයෙන්
මොහොතක් මොහොතක් පාසා,
භෞතිකව නිරීක්ෂණය කිරීම් හරහායි.

"සියලුම රසායනික වෙනස්කම් සිහියෙන් දැකීම
සහ උපෙක්ෂාවෙන් පසුවීම" තුළයි.
විනෙ‍ය්ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං
ආතාපි සම්පජානෝ සතිමා විහරති
කියන්නෙ ඒ ක්‍රමයයි.

තමන් තුළ සිදුවෙන රසායනික වෙනස්කම්
භෞතිකව නිරීක්ෂණය කරන්න පුළුවන් කෙනෙකුට
ඒ වෙනස්කම් වලට උපේක්ෂාවත් තියනවා නම්
ඔහු දුක් විඳින්නෙ නෑ.

ඵස්ස පච්චයා වේදනා -
ස්පර්ශය හේතු කොට ගෙන දැනීම් හට ගනී
වේදනා පච්චයා තණ්හා -
දැනීම් හේතු කොට ගෙන තණ්හාව හට ගනී
තණ්හා පච්චයා උපාදානං -
තණ්හාව හේතු කොට ගෙන බැඳීම් හට ගනී

ඔහු විඳින දුකට හේතුව
ස්පර්ශයෙන් දැනෙන වේදනා වලට
එනම්
කයෙහි රසායනික වෙනස් වීම් වලට
තණ්හාව ඇතිවීමයි.

පංච උපාදාන ස්කන්ධයම දුකක්.

තමන් තුළ සිදුවෙන රසායනික වෙනස්කම්
භෞතිකව නිරීක්ෂණය කරන්න පුළුවන් කෙනෙකුට
ඒ වෙනස්කම් වලට උපේක්ෂාවත් තියනවා නම්
තණ්හාව ඇතිවෙන්නෙ නෑ..
ඒ නිසා උපාදානය කොහොමත් නෑ.
ඔහු දුක් විඳින්නෙ නෑ.

No comments:

Post a Comment