20140828




තමන්ට ගැලපෙන තමන්ගෙ විසඳුමක්
---------------------------------------
තමන් ඉන්න තැන දන්න අය
තමන්ට ගැලපෙන අන්දමේ
තමන්ගෙ විසඳුමක් සොයා ගන්නවා.
මේ කොල්ලාත් කෙල්ලත් දෙන්නම
සොයා ගත්ත තමන්ට ගැලපෙන විසඳුම් තමයි
අපි දකින්නෙ.

ඊට පස්සෙ අනික් අයත්
ඉදිරිපත් කරන්නෙ
තමන්ට ගැලපෙන අන්දමේ
තමන්ගෙ විසඳුමක් ...

මම මගේ ප්‍රශ්න වලට
විසඳුම් සොයන්නෙ බුදු දහමෙන්.

බුදු දහමට අනුව
ප්‍රශ්න හරිම සරලයි.

මේ කොල්ලගෙ ප්‍රශ්නය වුණේ
කා
ච්ඡන්දයයි..
ඔහුගෙ ක්‍රියාවලියෙන්
ඇගේ කාමච්ඡන්දය ඇවිස්සුණා නම්
ගමන වෙනත් තැනක
කෙළව්‍ර වෙන්න අවකාශ තිබුණා.

ඒත් ඔහු ඊට අසමත් වීමෙන්
ඇගේ හිතේ උපන්නෙ ව්‍යාපාදය.
ඒ ව්‍යාපාදයෙන් ඇය තුළ මතුවුණ
උද්ධච්ච් කුක්කුච්ච නීවරණය
ඇගේ හැසිරීමෙන් අපිට පෙනුනා.

කොල්ලගෙ හිතේ
මොනවා කරන්නද කියලා
හිතා ගන්න බැරි විදියෙ
විචි කිච්ඡාවක් පෙනෙනවා.

ඔය නීවරණ බොහොමයක්..
Facebook කමෙන්ට් වලත් තියනවා.
බොහෝ දෙනෙක්
වෙහෙසට පත්වෙලා  ඉවත්ව
න්නෙ
ථිනමිද්ධ නීවරණය නිසයි.

ඔය පහට පිටින්
වෙනත් ප්‍රශ්න මිනිසාට නැහැ.
ඔය ප්‍රශ්න වලින්
අලුත් ප්‍රශ්න ඇති කර නොගන්න
සිහියත් උපේක්ෂාවත් වඩන හැටිත්
බුදු දහමෙ තියනවා.

කොල්ලා මේ තරමින්වත් බේරුණේ
ඔහුට තිබුණ සිහියත්
උපේක්ෂාවත් නිසයි.

මෙතන ඉන්න සමහර අය
ව්‍යාපාදයෙන් කැළඹිලා දුන්
අන්තරායදායක උපදෙස්
ඔහු පිළිපැද්දා නම්
මීට වඩා දෙයක් වෙන්න තිබුණා.

මම දන්න විසඳුම
අද කාලෙ පාරෙ දුවන
සංකීර්ණ චරිත වලට
සරල වැඩියි.
.

දැන් බොහෝ දෙනෙක්
වෙහෙසට පත්වෙලා
ඉවත්ව ගිහින් තියෙන්නෙ
ථිනමිද්ධ නීවරණය නිසයි.

ඔය පහට පිටින්
වෙනත් ප්‍රශ්න මිනිසාට නැහැ.
ඔය ප්‍රශ්න වලින්
අලුත් ප්‍රශ්න ඇති කර නොගන්න
සිහියත් උපේක්ෂාවත් වඩන හැටිත්
බුදු දහමෙ තියනවා.

කොල්ලා මේ තරමින්වත් බේරුණේ
ඔහුට තිබුණ සිහියත්
උපේක්ෂාවත් නිසයි.

මෙතන ඉන්න සමහර අය
ව්‍යාපාදයෙන් කැළඹිලා දුන්
අන්තරායදායක උපදෙස්
ඔහු පිළිපැද්දා නම්
මීට වඩා දෙයක් වෙන්න තිබුණා.

මම දන්න විසඳුම
අද කාලෙ පාරෙ දුවන
සංකීර්ණ චරිත වලට
සරල වැඩියි.

No comments:

Post a Comment