20140804

නිවන තියෙන්නෙ පරාජය පිළිගත් අයටයි.



නිවන තියෙන්නෙ
පරාජය පිළිගත් අයටයි.
යස කුලපුතුත්
බුදුන් වහන්සේ ළඟට ආවෙ අඬාගෙන.
පටාචාරා, කිසාගෝතමී...
අංගුලිමාල පවා පරාජිතයෙක්..

දුක හඳුනන අයටයි නිවන...
සැප හොයන අයට නිවනක් නෑ.
උදේ සිට හවස්වෙනතුරු සැප සොයනවා.

දුක හඳුනන අයටයි නිවන...
ඔවුන් පළමු සත්‍යය පිළිගන්නවා.

    බුදු දහම පැත්තට යොමුවෙන්න
    ලෞකික වශයෙන්..
    පරාජිත වෙන්න ඕනෙ.
    යන එන මං නැති වෙන්න ඕනෙ.

    එහෙම නැති අය බුදු දහම
    කරේ තියාගෙන
    රකිමින් වඳිමින් පුදමින්
    වර්ණනා කරමින් ගියාට
    බුදු දහමෙ මොනවද තියෙන්නෙ කියල
    ඔබලවත් බලන්නෙ නැහැ.

    ඔබ වුණත් එහෙමයි..

    සසර හුරුව ඇති අයට
    එක නිමිත්තක් දෙකක් ඇති.
    ඔවුන් අඩු වයසෙන්ම දහමට යොමු වෙනවා.
    සසර හුරුව නැති අයට
    ලොකු අසරණවීමක් විය යුතුයි.
    බොහෝ දෙනෙක්
    බුදු දහම වෙතට යොමුවෙන විට
    ප්‍රමාද වැඩියි.

No comments:

Post a Comment