20140825

සම්මා දිට්ඨිය දෙයාකාරයි.

සම්‍යක් දෘෂ්ටිය සදහා ඕනෑම.අයෙකුට පොදු ක්‍රමයක් ඇත්ද...?
නැත්නම් එය බෞද්ධයන්ට පමණක්මද...

ශීල සමාධි පමණක් වඩන බෞද්ධයන්ද ඇතුළුව
ආගමික හා නිරාගමික යහපත් පුද්ගලයන්
සැමටම පොදු සම්මා දිට්ඨියක් සහ
බෞද්ධයන් අතුරෙනුත්
විදසුන් වඩන්නාට පමණක් පිහිටන
සම්මා දිට්ඨියක් තියනවා.

ශීල සමාධි පමණක් වඩන බෞද්ධයන්ද ඇතුළුව
ආගමික හා නිරාගමික යහපත් පුද්ගලයන්
සැමටම පොදු සාසවා පුඤ්‌ඤභාගියා
උපධිවෙපක්‌කා සම්මා දිට්ඨිය

බුදු දහම නොපවතින කාලවල හෝ
පවතින කාලයක වුණත්
සම්මා සතිය නොවඩන
යහපත් පුදගලයන් තුළ පවතින
යහපත් අංග පහෙන් එකක්
සම්මා දිට්ඨියයි.

සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා
1. සම්මා දිට්ඨි
2. සම්මා සඞ්කප්ප
3. සම්මා වාචා
4. සම්මා කම්මන්ත
5. සම්මා ආජීව අංග සහිත
ඒ සම්මා දිට්ඨිය ආශ්‍රව සහිතයි..
ඔවුන් තමන් ගැන හිතලා
දෘෂ්ඨිගතවයි යහපත්ව ඉන්නෙ.
ඔවුන් කරන දෙයින් පින් සිදු වෙනවා.
ඔවුන් යම් ඵල ප්‍රයෝජන බලාගෙනයි
යහපත්ව ඉන්නෙ යහපත් දේ කරන්නෙ.

විදසුන් වඩන්නාට පමණක් පිහිටන
සම්මා සමාධිය වැඩෙන්නට හේතුවෙන
අරියා අනාසවා ලොකුත්‌තරා සම්මා දිට්ඨියක් තියනවා.

ආර්ය අශ්ඨාංගික මාර්ගය සැකසෙන්නෙ
සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි
අංග තුන එක්වීමෙනුයි.
නීවරණ මූලයන් වන
කෙලෙස් නැසෙන විදියට
සම්මා සතිය වඩන්නට,
එනම් විදසුන වඩන්නට වෑයම් කිරීම
සම්මා වායාමයයි.

බුදුන් වහන්සෙ
අකුසල රාසි සූත්‍රයෙ මෙසේ
සඳහන් කරනවා.


මහණෙනි,
අකුසල් රැස යැයි යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ මේ පංච නීවරණයන්ටයි.
මහණෙනි, පංච නීවරණ යනු
සම්පූර්ණයෙන්ම අකුසල් රැසයි.
ඒ පහ කුමක්ද?
කාමඡන්ද නීවරණය,
ව්‍යාපාද නීවරණය,
ථීනමිද්ධ නීවරණය,
උද්ධච්චකුක්කුච්ච නීවරණය,
විචිකිච්ඡා නීවරණයයි.


මහණෙනි, කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

සතර සතිපට්ඨානය කියන්නෙ
සම්මා සතියයි.
1 කය
2 කයේ වෙනස්වීම්
[කාය - වේදනා අනුපස්සනා],
3, සිත
4, සිතේ  වෙනස් වීම්
[චිත්ත - ධම්ම අනුපස්සනා]

සතර සතිපට්ඨානය  නිසා වැඩෙන
ප්‍රඥාවෙන් ඇතිවෙන සම්මා දිට්ඨිය
පළවෙනි ලෝකෝත්තර මාර්ගාංගයයි.

ඉතිරි මාර්ගාංග හැම එකකටම
1. සම්මා දිට්ඨි,
2, සම්මා වායාම,
3, සම්මා සති, පාදක වෙනවා.


සම්මා වායාමයෙන්
සම්මා සතිය වැඩෙන විට
සම්මා සමාධිය වැඩෙනවා.
ප්‍රඥාව වැඩෙනවා.
ඔහුගෙ දැක්ම පුළුල්.
ඔහුගෙ සිහිය වැඩෙනවා.
උපේක්ෂාව වැඩෙනවා.
ඔහුගෙ දුක ඔහු දකිනවා.
ඔහු කෙනෙකුට යහපතක් කරන්නෙ
ඔහුට අනික් කෙනාගෙ දුක
තමන්ගෙ වගේ දැනෙන නිසයි.
වැරදි නොකරන්නෙ ඉන් වෙන හානිය
තමන්ටම දැනෙන නිසයි.
ඔහුගෙ සම්මා දෘෂ්ඨිය
සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නිසා
ප්‍රඥාව බවට පත් වෙනවා.
ඔහුගෙ සම්මා දිට්ඨියට
ප්‍රඥාව පාදක වෙනවා.

සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා
1. සම්මා දිට්ඨි
2. සම්මා සඞ්කප්ප
3. සම්මා වාචා
4. සම්මා කම්මන්ත
5. සම්මා ආජීව අංග පහට
සම්මා වායාම,
සම්මා සති,
සම්මා සමාධි
අංග තුන එක්වීමෙන්
අරියා අනාසවා ලොකුත්‌තරා
ආර්ය අශ්ඨාංගික මාර්ගය සැකසෙනවා.

1. සම්මා දිට්ඨි
2. සම්මා සඞ්කප්ප
3. සම්මා වාචා
4. සම්මා කම්මන්ත
5. සම්මා ආජීව
6, සම්මා වායාම
7, සම්මා සති
මේ මාර්ගාංග නිසා වැඩෙන
සම්මා සමාධියත් සමග
අරියා අනාසවා ලොකුත්‌තරා
අෂ්ඨාංගික මාර්ගයක් වෙනවා.

ශීල සමාධි පමණක් වඩන බෞද්ධයන්ද ඇතුළුව
ආගමික හා නිරාගමික යහපත් පුද්ගලයන්
සැමටම පොදු සම්මා දිට්ඨිය සහ
බෞද්ධයන් අතුරෙනුත්
විදසුන් වඩන්නාට පමණක් පිහිටන
සම්මා දිට්ඨිය වෙනස් වෙන්නෙ ඒ විදියටයි..

No comments:

Post a Comment