බුදු දහමෙ උපේක්ෂාව වඩන්නේ
බාහිර අරමුණට නෙමෙයි.
ඒ අරමුණ පිළිබඳව
තමන් දරන ආකල්පයට පදනම් වෙන
ප්‍රිය අප්‍රිය භාවය නිසා
තමන් තුළ ඇතිවෙන කැළඹිල්ලටයි.
දේශපාලනඥයා සහ පූජකයා
මිනිසා පාලනය කරන්නේ
මේ කැළඹිල්ල උපයෝගී කරගෙනයි.
ඔහු එවිට සතෙක් වගෙයි.
ඒ කැළඹිල්ලට උපේක්ෂාවෙන් සිටින තැනැත්තා
ඒ ආවේගය විසින් මෙහෙයවනු ලබන්නේ නැහැ.
ඔහු සර්පයාගේ හිසින්ම අල්ලාගෙනයි ඉන්නේ.
මේ ක්‍රමය සරලයි.. ප්‍රායෝගිකයි.
ඔබ කෝපයට පත් වූ විට
ඔබේ සිරුරෙහි සිදු වෙන වෙනස
හඳුනා ගන්න..
කුඩයක් නැතිව
අව්වෙ ඉන්න කෙනෙක් මෙන්
ඒ වෙනසට උපේක්ෂාව වඩන්න.
ඔබේ හිත නිදහස්.
ඔබ කෝපයට පත් කරන්නේ
බාහිර අරමුණ නොවෙයි.
මේ අප්‍රසන්න ශාරීරික වෙනසයි.
සතෙකුට නම් පළායන්නට හෝ
පහර දෙන්නට මුල් වෙන
ශාරීරික වෙනසයි.
උපේක්ෂාව වැඩිය යුත්තේ ඒ වෙනසටයි.
ආවේගය කුමක් වුවත් විසඳුම එකයි.
ඒ සිත සන්සුන්.. පිරිසිදුයි..
කයෙහි වෙනසට උපේක්ෂාව තියන නිසා
සිත පිරිසිදුයි.
සන්නිවේදනය පහසුයි..
ඔබ කෝපයට පත් වූ විට
ඔබේ සිරුරෙහි සිදු වෙන වෙනස බලනවා කියන්නෙ
සිහියෙන් ඉන්නවා කියන එකයි..
ඔබ තරහ කියන්නේ මේ ශාරීරික වෙනසටයි..
සතෙකුට නම් පැනල යන්න හෝ
පහර දෙන්න මේ වෙනස ප්‍රයෝජනවත් වෙනවා.
ගුටි කන්න වෙන්නෙ නැත්නම්
මේ ආවේගය ඵරුෂ බස් වලට හරවලා
අනෙක් තැනැත්තාට ආරෝපනය කරන්න
අපි පෙළඹෙනවා.
ඒත් අපිට කියන්න තියන දේ
ද්වේශය ආරෝපනය නොකර
සන්නිවේදනය කිරීම
ප්‍රමාණවත් වෙන්න පුලුවන්.
අපි තුළ පහළ වෙලා තියන ද්වේශය නිසා
අපි මේ ව්දියට හැසිරෙන බව දකින්න දකින්න
අපි ඒ ව්දියට ක්‍රියා කිරීම සංසිඳෙනවා.
මේ ක්‍රමය සාර්ථකයි කියා හිතෙනවා නම්
නිසි පුහුණුවක් ගැන පසුව හිතන්න පුලුවන්.
තරහ ආපු වෙලාවට
ශාරීරික වෙනසට අප්‍රසාදයෙන් තොරව
ශාරීරික වෙනස ආශ්වාදයක් කර නොගෙන
මනස සන්සුන්ව තියා ගන්න.
ඒ වෙනස ඔබ ඇති කර ගත්තා නෙමෙයි.
ශාරීරික වෙනස තාවකාලිකයි
ශාරීරික වෙනස නිසා
බාහිර අරමුණ මත ආවේගය මුදා හැරීම
ආවේගයට පොහොර දැමීමක්.
එක දවසෙන් සාර්ථක වෙන එකක් නැහැ.
වෙනදා පැය දෙකක් විඳින දුක
පැය එකහමාරෙන් නිම වුණොත්
අර පැය බාගය තෑග්ගක්..
No comments:
Post a Comment