20130523

සරල සතිපට්ඨානය



 සද්ධර්මය පිරිහීමට හේතුව.

චතුන්‌නං සතිපට්‌ඨානානං
අභාවිතත්‌තා අබහුලීකතත්‌තා
සද්‌ධම්‌මපරිහානං හොති.
https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/p480x480/579377_4928403254606_1674005807_n.jpg 
 සතර සතිපට්ඨානය
අභාවිතත්වය හා අබහුලීකතත්වය
සද්ධර්ම පරිහානියට හේතුවෙයි.

=පරිහානසුත්‌තං, සීලට්‌ඨිතිවග්‌ගො, 

සතිපට්‌ඨානසංයුත්‌තං

.
සතිපට්ඨානය වඩනවා කියන්නෙ
මහා සංකීර්ණ දෙයක් විදියට
අරුත් ගන්වන අය තමයි
ඔබට බොහෝවිට හමුවෙන්නෙ.

පණ්ඩිතයන් සමග ඒදණ්ඩෙ යන අය
පණ්ඩිතයන් සමග වතුරට වැටෙනවා.
බුද්ධියෙන් තර්ක කරන අය
සතර සතිපට්ඨානය අල්ල ගන්න හදන්නෙ
අමාරුම කොණේන්.

හාවුන් තර්ක කරමින් ඉඳිද්දි
ප්‍රායෝගිකව වඩන්න කැමති ඉබ්බන්
අ යන්නෙන් පටන් අරන් ඉදිරියට ගිහින්
තර්ක කරමින් ඉන්න හාවුන් පසු කරගෙන
ඉදිරියට යනවා.

ඔබට සිහිය දියුණු කරන්න
පටන් ගන්න අවශ්‍ය නම්
ඉතා සරලව මේ මොහොතෙන්ම
පටන් ගන්න පුලුවන්.
මේ මොහොතෙ ඔබ ඔබ ගැන
අංශුමාත්‍රයක්
සිහිය දියුණු කළොත්
ඔබ අවසිහියෙන් හිටියාට වඩා
සිය දහස් වාරයක් වටිනවා.

ඔබ දැන් ඉන්න ඉරියව්ව
සිතින් දකින්න.
මේ ඉරියව්ව
ඊළඟ ඉරියව්වට
වෙනස් වෙන හැටි දකින්න.

ඉරියව්ව පරිසරයට
සාපේක්ෂව සිහියෙන් ඉන්න.

මේ ටික නිවැරදිව සිදු වෙනව නම්
ඔබේ හිත දුවන්නෙ නැහැ.
ඔබ අවට සිදු වෙන වෙනස් වීම්
ඔබට පෙනෙනවා..
දැනෙනවා.

ඔබ අවට වෙනත් අය ඉන්නවා නම්
ඔවුන් කරන කියන දේ
අවධානය යොමු කිරීමෙන් තොරව
ඔබට පෙනෙයි, දැනෙයි..

මේ සියල්ලම සිදු වෙද්දි
ඔබ ඉරියව්ව ගැන අවධානයෙන්..
සිහියෙන්.

හිත එකඟ නොකර
සැහැල්ලුවෙන් ඉන්න.
මුලු ඉරියව්ව
එකක් විදියට දකින්න.

ඔබ ඉතාම නිවැරදිව
සිහියෙන් හිටියොත්
ඔබට ශරීරයෙ සිදු වෙන
වෙනස් වීමක් විදියට
ආශ්වාස ප්‍රශ්වාසය දැනේවි.
ඉරියව්වත් සමග
ආශ්වාස ප්‍රශ්වාසය දකින්න.
ආශ්වාස ප්‍රශ්වාසයත් සමග
ඉරියව්ව දකින්න.
එකකටවත්
විශේෂත්වයක් දෙන්න එපා.

කරල බලන්න.

No comments:

Post a Comment