20130523

සරල සතිපට්ඨානය



 සද්ධර්මය පිරිහීමට හේතුව.

චතුන්‌නං සතිපට්‌ඨානානං
අභාවිතත්‌තා අබහුලීකතත්‌තා
සද්‌ධම්‌මපරිහානං හොති.
https://fbcdn-sphotos-c-a.akamaihd.net/hphotos-ak-ash3/p480x480/579377_4928403254606_1674005807_n.jpg 
 සතර සතිපට්ඨානය
අභාවිතත්වය හා අබහුලීකතත්වය
සද්ධර්ම පරිහානියට හේතුවෙයි.

=පරිහානසුත්‌තං, සීලට්‌ඨිතිවග්‌ගො, 

සතිපට්‌ඨානසංයුත්‌තං

.
සතිපට්ඨානය වඩනවා කියන්නෙ
මහා සංකීර්ණ දෙයක් විදියට
අරුත් ගන්වන අය තමයි
ඔබට බොහෝවිට හමුවෙන්නෙ.

පණ්ඩිතයන් සමග ඒදණ්ඩෙ යන අය
පණ්ඩිතයන් සමග වතුරට වැටෙනවා.
බුද්ධියෙන් තර්ක කරන අය
සතර සතිපට්ඨානය අල්ල ගන්න හදන්නෙ
අමාරුම කොණේන්.

හාවුන් තර්ක කරමින් ඉඳිද්දි
ප්‍රායෝගිකව වඩන්න කැමති ඉබ්බන්
අ යන්නෙන් පටන් අරන් ඉදිරියට ගිහින්
තර්ක කරමින් ඉන්න හාවුන් පසු කරගෙන
ඉදිරියට යනවා.

ඔබට සිහිය දියුණු කරන්න
පටන් ගන්න අවශ්‍ය නම්
ඉතා සරලව මේ මොහොතෙන්ම
පටන් ගන්න පුලුවන්.
මේ මොහොතෙ ඔබ ඔබ ගැන
අංශුමාත්‍රයක්
සිහිය දියුණු කළොත්
ඔබ අවසිහියෙන් හිටියාට වඩා
සිය දහස් වාරයක් වටිනවා.

ඔබ දැන් ඉන්න ඉරියව්ව
සිතින් දකින්න.
මේ ඉරියව්ව
ඊළඟ ඉරියව්වට
වෙනස් වෙන හැටි දකින්න.

ඉරියව්ව පරිසරයට
සාපේක්ෂව සිහියෙන් ඉන්න.

මේ ටික නිවැරදිව සිදු වෙනව නම්
ඔබේ හිත දුවන්නෙ නැහැ.
ඔබ අවට සිදු වෙන වෙනස් වීම්
ඔබට පෙනෙනවා..
දැනෙනවා.

ඔබ අවට වෙනත් අය ඉන්නවා නම්
ඔවුන් කරන කියන දේ
අවධානය යොමු කිරීමෙන් තොරව
ඔබට පෙනෙයි, දැනෙයි..

මේ සියල්ලම සිදු වෙද්දි
ඔබ ඉරියව්ව ගැන අවධානයෙන්..
සිහියෙන්.

හිත එකඟ නොකර
සැහැල්ලුවෙන් ඉන්න.
මුලු ඉරියව්ව
එකක් විදියට දකින්න.

ඔබ ඉතාම නිවැරදිව
සිහියෙන් හිටියොත්
ඔබට ශරීරයෙ සිදු වෙන
වෙනස් වීමක් විදියට
ආශ්වාස ප්‍රශ්වාසය දැනේවි.
ඉරියව්වත් සමග
ආශ්වාස ප්‍රශ්වාසය දකින්න.
ආශ්වාස ප්‍රශ්වාසයත් සමග
ඉරියව්ව දකින්න.
එකකටවත්
විශේෂත්වයක් දෙන්න එපා.

කරල බලන්න.

20130509

සමථ භාවනාවෙන් රාගය ප්‍රහීණ වෙයි



බුදුන් වහන්සෙ කියන්නෙ
"පිය රූපං - සාත රූපං"
'ප්‍රිය, සතුට දනවන දේට
ඇතිවෙන' තණ්හාව කියල.
රූපා ලොකෙ පියරූපං සාතරූපං, 
එත්‍ථෙසා තණ්‌හා උප්‌පජ්‌ජමානා උප්‌පජ්‌ජති, 
සද්‌දා ලොකෙ -පෙ- ගන්‍ධා ලොකෙ -පෙ- රසා ලොකෙ -පෙ- ඵොට්ඨබ්බා ලොකෙ -පෙ- ධම්‌මා ලොකෙ පියරූපං සාතරූපං, 
එත්‍ථෙසා තණ්‌හා උප්‌පජ්‌ජමානා උප්‌පජ්‌ජති,

පසිඳුරන්ගෙ හෝ මනසේ
යමක් ස්පර්ශ වෙන විට
වේදනාවක් උපදිනවා.

ස්පර්ශයෙන් උපදින වේදනාව
සුඛ, දුක්ඛ හෝ අදුක්ඛමාසුඛ වේදනාවක්.
කය ඒ ආකාර තුනෙන් වින්දත්
මනස ඒ වේදනාව ප්‍රිය කළොත්
ඒ වේදනාව පවත්වාගන්න කැමැත්ත,
රාගය මූලිකව තණ්හාව උපදිනවා.
ඇත්ත වශයෙන්ම ප්‍රිය වේදනාවයි
පවත්වාගන්න උත්සාහ කරන්නෙ.

ඒ වේදනාව නැති වුණාට පස්සෙත්
තණ්හාව නිසා 
අපි ඒ වේදනාව නැවත නැවත විඳින්නට
සිතින් අල්ලාගෙන සැලසුම් සකස් කරනවා.

ප්‍රිය කරන දේ ළං කරගන්න සැලසුම්.
අප්‍රිය කරන දේ දුරස් කරගන්න සැලසුම්.

ප්‍රිය, සතුට දනවන දේ තියනවා නම් රාගය...
ප්‍රිය, සතුට දනවන දේ නැත්නම් ද්වේශය.
සත්වයාගේ මූලික අරමුණ
ප්‍රිය, සතුට දනවන දේ.

රාග, ද්වේශ දෙකම
ඇති වෙන්නෙ ඒක නිසා.

කොහොම බැලුවත් තන්හාව තියෙන්නෙ
ප්‍රිය, සතුට දනවන දේටම තමයි.

බුදුන් වහන්සෙ කියන්නෙ
“සමථ භාවනාවෙන්
රාගය ප්‍රහීණ වෙයි.
විදර්ශනාවෙන්
අවිද්‍යාව ප්‍රහීණ වෙයි.”
-අංගුත්තර නිකාය – දුක නිපාතය -බාල වග්ග තතියො
http://sadahamrasaayana.files.wordpress.com/2012/02/anguththara-1-121-samatha-widarshana-wenas-copy.jpg?w=601&h=800

බුදුන් වහන්සෙ මේ අවස්ථාවෙ
"සමථයෙන් රාගය ප්‍රහීණ වෙනවා" කිව්වට
"සමථයෙන් රාග-ද්වේශ දෙකම ප්‍රහීණ වෙනවා"
කියන්නෙ නැහැ.

ඒත් සමථයෙන්
රාග-ද්වේශ දෙකම ප්‍රහීණ වෙන බව
අපි දන්නව.

ඇයි උන්වහන්සෙ
ද්වේශය ගැන නොකියන්නෙ.

ද්වේශය ඇති වෙන්නෙ
රාගය ප්‍රබල නම්.

රාගය ප්‍රහීණ වෙනකොට
ද්වේශය ඇතිවෙන්න තියන අවස්ථා
අඩු වෙනවා.

රාග ද්වේශ දෙකම ඇති වෙන්නෙ
මූලික වශයෙන් "පිය රූපං - සාත රූපං"
ප්‍රිය, සතුට දනවන දේට
ඇතිවෙන තණ්හාව නිසා.

ඒත් උපාදාන වෙනකොට
රාග, ද්වේශ, මෝහ තුනම
උපාදාන වෙනවා.

කසිණ ආදී භාවනා වලින්
ලෞකික ධ්‍යාන වැඩෙනකොට
උපාදාන වෙන්නෙ මෝහය.

ලෞකික ධ්‍යානයකින් මළොත්
බඹ ලොව උපදින්නෙ ඒ නිසයි.

අරූපාවචර කාම ලෝක..???