මිනිසෙක් A නම් ස්ථානයෙන්
බරක් ඔසවා ගෙන පිටත් වෙයි.
ඔහු B නම් දුරක් යන විට ඔහුට
එහි බර දැනෙන්නට පටන් ගනියි.
දැනෙන බර අනුව ඇතිවෙන
අප්‍රිය වෙදනාව නිසා
ඔහුගෙ සිතේ ව්‍යාපාදය ඇති වෙයි.
බර අනුව වැඩි වෙන ව්‍යාපාදය
දරාගත නොහැකි තැන
C නම් ස්ථානයේදී බර බිම තබයි.
ඔහුගෙ ජීවිතයෙහි වටිනාකමේ පරාසය
B සහ C අතර පරාසයයි.
ඔහුට බර නිසා සිරුරෙහි ඇතිවෙන වෙනස දැනුනේ
වේදනා පිළිබඳව සිහිය ඇතිවුණේඔහුට අවිද්‍යාමාන ඒකක 15 දීය.
ඔහුට විද්‍යාමාන නොවූනාට
ඔහු බර ඔසවද්දීම
එම වෙනස සිදු වෙයි.
ඔහුගේ කය පිළිබඳව හා වේදනාව පිළිබඳව
ඔහුගේ සිහිය පූර්ණ ලෙස වර්ධනය වුවහොත්
එම ඒකක 15ත් ඔහුගේ වටිනාකම් පරාසයට එක්වෙයි.
ඔහුගේ සිරුරෙහි ඇති අප්‍රිය වේදනාවට සහ
සිතෙහි ඇති ද්වේශ මූලික ව්‍යාපාදයට
ඔහුට දරාගත හැකි පරාසය ඒකක 35කි.
සිරුරෙහි ඇති අප්‍රිය වේදනාවට සහ
සිතෙහි ඇති ද්වේශ මූලික ව්‍යාපාදයටට
උපේක්ෂාවෙන් ගියොත්
ඔහුගේ සිරුරෙහි ශක්තිය අනුව
බර බිම නොතබා යා හැකි දුර
ඒකක සියයකි.
එම ව්‍යාපාදයෙන් මිදීමට ඇති තණ්හාව
උපාදාන කර නොගෙන
සිරුරෙහි ඇති අප්‍රිය වේදනාවට සහ
සිතෙහි ඇති ද්වේශ මූලික ව්‍යාපාදයට
උපෙක්ෂාව වඩන්නේ නම්
ඔහුට ඒකක සියයක දුරක් යෑ හැක.
මේ අනුව ඔහුගේ ජීවිතයෙහි වටිනාකම
සියයට 35කි.
ඔහුම විදර්ශනා වඩන විට
කය, කයෙහි වන වෙනස්වීම්
සිත, සිතෙහි වන වෙනස් වීම් පිළිබඳව
දියුණු වන සිහියත්, උපෙක්ෂවත් නිසා
කයෙහි අප්‍රිය වේදනාවටත්,
ද්වෙශ මූලික ව්‍යාපාදයටත්
වහල් නොවී
ඔහු විදර්ශනා කරන්නට පෙරදීට වඩා
පුළුල් පරාසයක ක්‍රියා කළ හැකිවේ.
දියුණු වන සිහිය නිසා 15ට කලින්
ඔහුට අප්‍රිය වේදනාව දැනෙන්නට වෙයි.
ඊට උපෙක්ශාවෙන් යන තරමට
ද්වේශ මූලික ව්‍යාපාදය
ඇතිවන ප්‍රමාණය අඩුය.
එසේම ඔහුට එයින්ම
විදර්ශනා පුහුණුවද දියුණු වෙයි.
සිහිය නැති උපේක්ෂාව නැති කෙනෙක්
මළමිණියක් වගෙයි..
මළ මිණියකට කය දැනෙන්නෙ නෑ.
මිනිසුන්ට කය දැනෙන්නෙ
කොයි තරම් සීමිතවද.?
කය දැනෙන්නෙ නැති කෙනෙක්
සැප විඳින්නෙත් ඒ ප්‍රමාණයටයි..
වේදනා ගැන සිහිය නැති කෙනෙක්
සැප විඳින්නෙත් ඒ ප්‍රමාණයටයි..
කය ආහාර ගනිද්දි
හිත වෙනත් තැනක.
හිත දුවන එක නතර කරගන්න
කණ පැලෙන්න රස හොයනවා.
සියුම් රස මග හැරෙනවා.
සැප විඳින්න දුක් විඳිනවා.
සැප මග හැරෙනවා.
සිහිය දියුණු වෙන කොට
සැපත් වැඩි වෙනවා..
මෝහයෙන් විඳින සැප
හිල් කූඩෙකින් වතුර අදිනවා වගෙයි..
ඔබේ හුස්මත්
ඔබේම හෘදස්පන්දනයත්
විඳින්න පුළුවන් තරමට
සිහිය දියුණු කරගන්න..
ඔබ මෙතෙක් නොවිඳි සියුම් සැප
විඳින්න ලැබෙයි..
උපේක්ෂාව දියුණු කරගන්න.
ඔබ මෙතෙක් නොවිඳි දුක් දරාගෙන
වෙන අය පැනල යන තැනුත්
විඳින්න පුළුවන් වෙයි..
ඔබ විඳින පරාසය වැඩි වෙයි..
බුදුන් වහන්සේගෙ දහමෙන් කරන්නෙ
ඔබ විඳින පරාසය
සියයට සියය දක්වා
වැඩි කරන එකයි
No comments:
Post a Comment