20130216

මිථ්‍යා සමාධි

.
.
සමාධිය මිථ්‍යා සමාධියක් වෙන්නෙ
එය සම්මා සමාධිය නොවීමෙන් පමණයි.
එයින් අදහස් වෙන්නෙ නැහැ එය වඩන්නා
අනිවාර්යයෙන් මිථ්‍යා දෘෂ්ඨිකයි කියල.
සාසවා පුඤ්ඤභාගිය
උපධිවපෙක්ඛා සම්මා දිට්ඨියවත් නැති කෙනෙක්
මිථ්‍යා සමාධිය වඩන්න
පෙළඹේවි කියල මම හිතන්නෙ නැහැ.
බහුතරයක් බෞද්ධයන්ට
උපධිවපෙක්ඛා සම්මා දිට්ඨියවත් නැහැ.
සාසවා පුඤ්ඤභාගිය
උපධිවපෙක්ඛා සම්මා දිට්ඨියවත් නැති
භික්ෂූන් පවා ඇති.

මේ පටලැවිලි වලට හේතුව
අත්දැකීම් නැතුව
වචන වලින් හරඹ කිරීමයි.

සරලව කිව්වොත්
මිථ්‍යා සමාධිය කියන්නෙ
ඕනම අරමුණකට
සිත එකඟ කරගෙන සිටීමෙන්
ඉබේට වැඩෙන සමාධියටයි.
අරමුණ මොකක් වුණත් එය සිදු වෙනවා.
ඔහුට අරමුණ හැර අන් සියල්ල නොපෙනී යනවා.
එවිට ඔහු දැහැන් ගත වෙලා.

අහසෙ හොඳට තරු තියන දවසක
එළියට බැහැලා එක තරුවක් දිහා
හිත එකඟ කරන් බලා ඉන්න..
අනික් තරු නොපෙනී ගිහින්
අහස කලු වෙනවා.
අර තරුව විතරයි පෙනෙන්නෙ.

ඒ මිථ්‍යා සමාධිය.

සම්මා සමාධියෙදි එක
ප්‍රධාන අරමුණක් තියනවා.
මොන දේ කළත් ඒ අරමුණ
සිතින් ගිළිහෙන්නෙ නැහැ.
කාය, වේදනා, චිත්ත, ධම්ම
ඇතුලුව තමා තමයි අරමුණ.

ඒ නිසා මොන දේ කළත්
අත්තානං උපමංකත්වා.
තමන්ට සාපෙක්ෂවයි දකින්නෙ.

සම්මා සමාධියෙන ඉන්න පුද්ගලයගෙ
කෙලෙස් ඉපදිලා නිරුද්ධ වෙනවා.

සම්මා සමාධියෙන් ආශ්‍රව ක්ෂය වෙයි.
සම්‌මා සමාධියති ආසවානං ඛයාය

මිථ්‍යා සමාධියෙන් ඉන්න පුද්ගලයගෙ
රාගය දෙවේෂය ප්‍රබලව නොවැඩුණාට
මෝහය ප්‍රබලව වැඩෙනවා.
ඒ නිසයි සිත අක්‍රියව,
කය අක්‍රියව බඹලොව ගත කරන්නෙ.
මිථ්‍යා සමාධියත් කර්මයක්.
සම්මා සමාධියෙන් ඉන්න අයගෙ
ඒ මොහොතට කර්මයක් නැහැ.
සම්මා සමාධියෙන් ඉඳගෙන
කර්මයක් කළත් විපාක දුර්වලයි.

මේ සියල්ල අත් දැකීමෙන් වැටහෙන්න
විදසුන් වැඩිය යුතුයි.

20130213

තමා සරණයි, අන් සරණක් නැත.


තමා දීපයක් කොට වෙසෙන්න.


තමා සරණයි, අන් සරණක් නැත.


ධර්මය දීපයයි, ධර්මය සරණයි.


අන් සරණක් නැත.


කෙසේද මහණෙනි
තමා දීපයක් කොට වෙසෙන්නේ?
තමා සරණයි, අන් සරණක් නැත්තේ,?
ධර්මය දීපයයි, ධර්මය සරණ වන්නේ?

මහණෙනි, යම් මහණෙක්,
1, කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
2, වේදනා වල වේදනා අනුව දකිමින්,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
3, සිතෙහි සිත අනුව දකිමින්,
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,
4, දහම්හි දහම් අනුව දකිමින්
වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව වෙසෙයි,

මහණෙනි එසේ
තමා දීපයක් කොට වෙසෙන්න.
තමා සරණයි, අන් සරණක් නැත.
ධර්මය දීපයයි, ධර්මය සරණයි.
අන් සරණක් නැත

http://tipitaka.org/sinh/cscd/s0103m.mul2.xml
දීඝනිකායේ චක්‌කවත්‌තිසුත්‌තං

-----------------------------------------------------------------------
=====================================================================

අත්‌තදීපා විහරථ
=තමා දීපයක් කොට වෙසෙන්න.
අත්‌තසරණා අනඤ්‌ඤසරණා,
=තමා සරණයි, අන් සරණක් නැත.
ධම්‌මදීපා ධම්‌මසරණා
=ධර්මය දීපයයි, ධර්මය සරණයි.
අනඤ්‌ඤසරණා.
=අන් සරණක් නැත

කථඤ්‌ච පන, භික්‌ඛවෙ, භික්‌ඛු අත්‌තදීපො විහරති
=කෙසේද මහණෙනි තමා දීපයක් කොට වෙසෙන්නේ?
අත්‌තසරණො අනඤ්‌ඤසරණො,
=තමා සරණ, අන් සරණක් නැත්තේ,?
ධම්‌මදීපො ධම්‌මසරණො අනඤ්‌ඤසරණො?
=ධර්මය දීපය, ධර්මය සරණ වන්නේ?

ඉධ භික්‌ඛවෙ, භික්‌ඛු
=මහණෙනි, යම් මහණෙක්,
කායෙ කායානුපස්‌සී විහරති,
=කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,
ආතාපී සම්‌පජානො සතිමා
=වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
=පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
වෙදනාසු වෙදනානුපස්‌සී විහරති
=[කයෙහි වෙනස් වීම්]
=වේදනා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,
ආතාපී සම්‌පජානො සතිමා
=වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
=පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
චිත්‌තෙ චිත්‌තානුපස්‌සී විහරති
=සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,
ආතාපී සම්‌පජානො සතිමා
=වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
=පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
ධම්‌මෙසු ධම්‌මානුපස්‌සී විහරති
=[සිතෙහි වෙනස්වීම්]
=දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,
ආතාපී සම්‌පජානො සතිමා
=වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
විනෙය්‍ය ලොකෙ අභිජ්‌ඣාදොමනස්‌සං,
=පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
එවං ඛො, භික්‌ඛවෙ, භික්‌ඛු

මහණෙනි එසේ
=අත්‌තදීපො විහරති
තමා දීපයක් කොට වෙසෙන්නේය.
=අත්‌තසරණො අනඤ්‌ඤසරණො,
තමා සරණයි, අන් සරණක් නැත.
ධම්‌මදීපො ධම්‌මසරණො
=ධර්මය දීපයයි, ධර්මය සරණයි.
අනඤ්‌ඤසරණො.
=අන් සරණක් නැත.

20130212

ආර්ය අෂ්ඨාංගික මාර්ග දෙකක් නැහැ.....


මහා චත්තාරීසක සූත්‍රය
වරදවා තේරුම් ගැනීමෙන්
ලෞකික සහ ලෝකෝත්තර වශයෙන්
ආර්ය අෂ්ඨාංගික මාර්ග දෙකක් ඇතැයි
පෙර නොඇසූ අමුතුම දහමක්
අදහන කොටසක්
අප සමාජයේ ඉන්නවා.
ඔවුන් මෙසේ කියනවා.
------------------------------------------------------ 

අපි වඩන ආර්ය අෂ්ඨාංගික මාර්ගයක් තියනව. මේ ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුල ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගයකුයි, ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයකුයි දෙකක් තියනව කියල බුදුරජාණන් වහන්සේ දේශනා කලා. නමුත් අපි අහල තියනවද එහෙම එකක්? ආර්ය අෂ්ඨාංගික මාර්ග දෙකක් ගැන? එතකොට ලෞකික ආර්ය අෂ්ඨාංගික මාර්ගය කියල එකක් තියනව. හැබැයි බුදුරජාණන් වහන්සේ දේශනා කරනව මෙහෙම එකක්. ඒ ලෞකික වූ ආර්ය අෂ්ඨාංගික මාර්ගය කෙලෙස් සහිතයි. නිවනට නෙවෙයි සුගතියට හේතු වෙනව කියල. කෙලෙසුන්ගෙන් මුදවන නිවනට හේතුවන ආර්ය අෂ්ඨාංගික මාර්ගය බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්න ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.

ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය අපි තෝරගන්න ඕන. කොහොමද ලෝකෝත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගයට පත්වෙන්නෙ කියල අපි ධර්මානුකූලව තේරුම් ගන්න ඕන. මජ්ජිම නිකායෙ මට මතක හැටියට, මහා චත්තාරීසක සූත්‍රය කියන සූත්‍රයෙ හොඳට පැහැදිලිව ඔය ටික දේශනා කරල තියනව. නමුත් අපි ඕක බැලුවෙ නැත්නම් තෝරගත්තෙ නැත්නම් අපිට හරි අමාරුයි යථාර්ථය තෝරා ගන්න. ඔන්න ඔය ආර්ය අෂ්ඨාංගික මාර්ගය වටහාගත්තොත් අපිට පුලුවන්කම ලැබෙනව හරියටම අන්න ඒ ධර්ම මාර්ගය වටහාගන්න.
------------------
https://sites.google.com/site/hiddenbuddhism/written-files/cd01f07-0---d2
=========================================================
ඉහත ප්‍රකාශ සම්පූර්ණ වැරදි ප්‍රකාශ.








මහා චත්තාරිසක සූත්‍රයෙ
අෂ්ඨාංගික මාර්ග
දෙකක් නැහැ.....

මහා චත්තාරිසක සූත්‍රයෙ
සම්මා වායාම
සම්මා සති
සම්මා සමාධි හැර
මුල් අංග පහ වෙනම
විස්තර වෙනවා.

මුල් අංග පහ දෙයාකාරයෙන් විස්තර වෙනවා.
ද්‌වායං වදාමි
සම්‌මා දිට්‌ඨිං පහං භික්‌ඛවෙ, ද්‌වායං වදාමි
1, සම්‌මා දිට්‌ඨි සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා;
2, සම්‌මා දිට්‌ඨි අරියා අනාසවා ලොකුත්‌තරා මග්‌ගඞ්‌ගා.

සම්‌මා සඞ්‌කප්‌පංපහං, භික්‌ඛවෙ, ද්‌වායං වදාමි
1, සම්‌මා සඞ්‌කප්‌පො සාසවො පුඤ්‌ඤභාගියො උපධිවෙපක්‌කො;
2, සම්‌මා සඞ්‌කප්‌පො අරියො අනාසවො ලොකුත්‌තරො මග්‌ගඞ්‌ගො.

සම්‌මා වාචං පහං, භික්‌ඛවෙ, ද්‌වායං වදාමි
1, සම්‌මා වාචා සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා;
2, සම්‌මා වාචා අරියා අනාසවා ලොකුත්‌තරා මග්‌ගඞ්‌ගා.
සම්‌මා කම්‌මන්‌තං පහං, භික්‌ඛවෙ, ද්‌වායං වදාමි
1,සම්‌මා කම්‌මන්‌තො සාසවො පුඤ්‌ඤභාගියො උපධිවෙපක්‌කො;
2, සම්‌මා කම්‌මන්‌තො අරියො අනාසවො ලොකුත්‌තරො මග්‌ගඞ්‌ගො.
සම්‌මා ආජීවං පහං, භික්‌ඛවෙ , ද්‌වායං වදාමි
1, සම්‌මා ආජීවො සාසවො පුඤ්‌ඤභාගියො උපධිවෙපක්‌කො;
2, සම්‌මා ආජීවො අරියො අනාසවො ලොකුත්‌තරො මග්‌ගඞ්‌ගො.

1. සම්මා දිට්ඨි
2. සම්මා සඞ්කප්ප
3. සම්මා වාචා
4. සම්මා කම්මන්ත
5. සම්මා ආජීව
දෙයාකාරයෙන් විස්තර වෙනවා.

සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි
එසේ දෙයාකාරයකට බෙදීමක් නැහැ..


මහා චත්තාරිසක සූත්‍රයෙ විස්තර වෙන
සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා මාර්ග අංග පහයි.
1. සම්මා දිට්ඨි
2. සම්මා සඞ්කප්ප
3. සම්මා වාචා
4. සම්මා කම්මන්ත
5. සම්මා ආජීව අංග සහිත
සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා
පඤ්චාංගික මාර්ගයක්.

අටවෙනි සම්මා සමාධිය වැඩෙන්නට හේතුවෙන
ආර්ය මාර්ගයට අංග හතක්
මෙහි විස්තර වෙනවා.
1. සම්මා දිට්ඨි
2. සම්මා සඞ්කප්ප
3. සම්මා වාචා
4. සම්මා කම්මන්ත
5. සම්මා ආජීව
6, සම්මා වායාම
7, සම්මා සති
මේ මාර්ගාංග නිසා වැඩෙන
සම්මා සමාධියත් සමග
අරියා අනාසවා ලොකුත්‌තරා
අෂ්ඨාංගික මාර්ගයක් වෙනවා.





විදසුන් නොවඩන නමුත්
සාමාන්‍ය ගිහි ජීවිතයක් ගත කරන
යහපත් මනුෂ්‍යයාට
අවශ්‍ය මූලිකාංග පහක්
විස්තර කරන පඤ්චාංගික මාර්ගය
එතනින් එහාට යන්නෙ නැහැ.

ඒ පහට ලොකෝත්තර අංග තුනක් එක් කරමින්
ලෞකික අෂ්ඨාංගික මාර්ගයක්
විස්තර කිරීම සාවද්‍යයි.


1. සම්මා දිට්ඨි
2. සම්මා සඞ්කප්ප
3. සම්මා වාචා
4. සම්මා කම්මන්ත
5. සම්මා ආජීව අංග සහිත
සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා පඤ්චාංගික මාර්ගය 

කොහොමවත් ලෞකික අෂ්ඨාංගික මාර්ගයක් වෙන්නෙ නැහැ.

ආර්ය අශ්ඨාංගික මාර්ගයේ කරුණු මත පදනම්ව
1. සම්මා දිට්ඨිය
2. සම්මා සඞ්කප්පය
3. සම්මා වාචා
4. සම්මා කම්මන්ත
5. සම්මා ආජීව
ලෝකෝත්තර මාර්ගාංග පහ
1. සම්මා දිට්ඨි
2, සම්මා වායාම ,
3, සම්මා සති පදනම්ව
සම්මා සමාධියට හේතුවෙන
මාර්ගාංග හතක් බවට පත්වෙන අයුරු
මහා චත්තාරිසක සූත්‍රයෙ
ප්‍රධාන මාතෘකාවයි.

මේ කතා කරන්නෙ නිවන ගැනවත්
දුක නිවීම ගැනවත් නෙවෙයි.
මේ කතා කරන්නෙ
සම්මා සමාධිය ගැනයි.
ආර් වූ අනාස්‍රව වූ හැම ලෝකෝත්තර මාර්ගාංගයකටම
සම්මා දිට්ඨි,
සම්මා වායාම,
සම්මා සති අවශ්‍යයි.

කතමා ච, භික්‌ඛවෙ,
සම්‌මාදිට්‌ඨි අරියා අනාසවා ලොකුත්‌තරා මග්‌ගඞ්‌ගා?
යා ඛො,භික්‌ඛවෙ,
අරියචිත්‌තස්‌ස අනාසවචිත්‌තස්‌ස
අරියමග්‌ගසමඞ්‌ගිනො අරියමග්‌ගං භාවයතො
පඤ්‌ඤා පඤ්‌ඤින්‌ද්‍රියං පඤ්‌ඤාබලං
ධම්‌මවිචයසම්‌බොජ්‌ඣඞ්‌ගො
සම්‌මාදිට්‌ඨි මග්‌ගඞ්‌ගං අයං වුච්‌චති, භික්‌ඛවෙ,
සම්‌මාදිට්‌ඨි අරියා අනාසවා ලොකුත්‌තරා මග්‌ගඞ්‌ගා.
සො මිච්‌ඡාදිට්‌ඨියා පහානාය
වායමති, සම්‌මාදිට්‌ඨියා,උපසම්‌පදාය,
ස්‌වාස්‌ස හොති සම්‌මාවායාමො.
සො සතො මිච්‌ඡාදිට්‌ඨිං පජහති,
සතො සම්‌මාදිට්‌ඨිං උපසම්‌පජ්‌ජ විහරති,
සාස්‌ස හොති සම්‌මාසති.
ඉතියිමෙ තයො ධම්‌මා
සම්‌මාදිට්‌ඨිං අනුපරිධාවන්‌ති අනුපරිවත්‌තන්‌ති,
සෙය්‍යථිදං සම්‌මාදිට්‌ඨි,සම්‌මාවායාමො, සම්‌මාසති.


මහණෙනි,
ආර්ය වූ අනාස්‍රව වූ
ලෝකෝත්තර  මාර්ගාඞග වූ සම්‍යග් දෘෂ්ටිය කවර යත්:
මහණෙනි,
ආර්
සිත් ඇති අනාස්‍රව සිත් ඇති
ආර්ය මාර්ගසමඞගි වූ ආර්ය මාර්ගය වඩ
න්නාහු
ප්‍රඥාව, ප්‍රඥෙන්ද්‍රිය, ප්‍රඥා බලය සහිත
ධර්මවිචය සම්බොධ්‍යඞගයෙක්
සම්‍යග්දෘෂ්ටියෙක් මාර්ගාංගයෙක් ඇද්ද,
මහණෙනි, 
මේ ආර්
වූ අනාස්‍රව වූ ලෝකෝත්තර  මාර්ගාඞග වූ
සම්‍යග්දෘෂ්ටිය යයි කියනු ලැබේ.
ඒ මහණ මිථ්‍යාදෘෂ්ටි ප්‍රහාණය පිණිස
සම්‍යග්දෘෂ්ටි ප්‍රතිලාභය පිණිස වෑයම් කෙරෙයි.
ඒ වෑයම ඔහුට සම්මා වායාම වෙයි.
හේ සතියෙන් සමන්නාගත ව
මිථ්‍යා දෘෂ්ටිය දුරු කෙරෙයි.
සතිමත්ව සම්‍යග්දෘෂ්ටිය උපදවා වෙසෙයි.
ඒ සතිය ඔහුට සම්මා සති වෙයි. 

[[[ සම්මා සතිය
සතර සතිපට්ඨානයයි. ]]]

මෙසේ ඔහුට මේ තුන් ධර්මයෝ
සම්‍යග්දෘෂ්ටිය අනුපරිධාවන කෙරෙති.
පරිවාර වෙත්.
ඒ කවර තුන් දහම්හ යත්:
සම්මා දිට්ඨි
සම්මා වායාම
සම්මා සති

ප්‍රඥාව, ප්‍රඥා ඉන්ද්‍රිය සහ ප්‍රඥා බලය
ලෝකෝත්තර සම්මා දිට්ඨියෙ
එක් අවශ්‍යතාවයක්
.
[[ප්‍රඥාව වැඩෙන්න විදසුනෙන් බව
බුදුන් වහන්සෙ ප්‍රකාශ කරල තියනවා.]]

සම්මා වායාම
අනුප්පන්නානං අකුසලානං ධම්මානං අනුප්පාදාය
ඡන්දං ජනේති වායමති,
විරියං ආරභති
චිත්තං පග්ගන්හාති පදහති,
උප්පන්නානං අකුසලානං ධම්මානං පහානාය
ඡන්දං ජනේති වායමති විරියං ආරභති
චිත්තං පග්ගන්හාති පදහති.

සම්මා වායාමයෙ විස්තර වෙන
උපන් නූපන් කුසල් අකුසල් මොනවාද?
බුදුන් වහන්සෙ
අකුසල රාසි සූත්‍රයෙ මෙසේ
සඳහන් කරනවා.

කුසල් අකුසල් රැස්වෙන ආකාර දෙකකි.
අන් සියලු වැරදි නිවැරදි ක්‍රියා
පින් පව් වලට අයත් වෙයි.

මහණෙනි,
අකුසල් රැස යැයි යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ මේ පංච නීවරණයන්ටයි.
මහණෙනි, පංච නීවරණ යනු
සම්පූර්ණයෙන්ම අකුසල් රැසයි.
ඒ පහ කුමක්ද?
කාමච්ඡුන්ද නීවරණය,
ව්‍යාපාද නීවරණය,
ථීනමිද්ධ නීවරණය,
උද්ධච්චකුක්කුච්ච නීවරණය,
විචිකිච්ඡා නීවරණයයි.
----------------------------------------------------------
මහණෙනි, කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

කවර වූ සතරෙක්ද?

___මහණෙනි, යම් මහණෙක්,
1, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
කයෙහි කය අනුව දකිමින් වෙසෙයි,

2, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[කයෙහි වෙනස් වීම්]
වේද්නා වල වේදනා අනුව දකිමින් වෙසෙයි,

3, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
සිතෙහි සිත අනුව දකිමින් වෙසෙයි,

4, වීර්යයෙන්, සමස්තය දැනෙන සිහියෙන්,
පවතින දෙයට ලෝභ-ද්වේශ දෙකෙන් තොරව
[සිතෙහි වෙනස්වීම්]
දහම්හි දහම් අනුව දකිමින් වෙසෙයි,

මහණෙනි, කුසල් රැස යැයි
යමකට කියනු ලබන්නේ නම්
නිවැරදිව කිව යුත්තේ
මේ සතර සතිපට්ඨානයන්ටයි.
මහණෙනි, මේ සතර සතිපට්ඨාන යනු
සම්පූර්ණයෙන්ම කුසල් රැසයි.

සතර සතිපට්ඨානය කියන්නෙ
සම්මා සතියයි.

සම්මා සතිය නිසා
වැඩෙන ප්‍රඥාවෙන් ඇතිවෙන
සම්මා දිට්ඨිය
පළවෙනි ලෝකෝත්තර
මාර්ගාංගයයි.

ඉතිරි මාර්ගාංග හැම එකකටම
1. සම්මා දිට්ඨි,
2, සම්මා වායාම,
3, සම්මා සති, පාදක වෙනවා.

සම්මා සමාධිය ඉහත කී
මාර්ගාංග හතේ ප්‍රතිඵලයයි.

ඒ අනුව බලන විට
මුලින් කියන ලද
සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා
පඤ්චාංගික මාර්ගය
අරියා අනාසවා ලොකුත්‌තරා
මාර්ගාංග බවට පත්වෙන්නෙ
මූලිකවම
සම්මා සතිය, [ සතර සතිපට්ඨානය ]
එනම් විදර්ශනාව නිසයි.

මේ අනුව කෙනෙක්
ලෝකොත්තර මාර්ගයට
ඇතුල් වෙන්නෙ විදසුන නිසයි.

 

Facebook talk , ආර්ය අෂ්ඨාංගික මාර්ග දෙකක් නැහැ.

..

Chathura Dasanayaka  සක්කාය දිට්ටිය හා අස්මීමානය අතර වෙනස පැහැදිලිකර දෙන්න

  • =============================================
  • Fiqri Ismail සත්කාය දිට්ඨිය යනු ලෝකය සාරයි, ඉන්න හොඳයි, මෙහෙම ඉන්න තිබ්බනම්, දැන් දුක්වින්දත් හොඳ තැනක් තියෙයි යන දෘෂ්ටිය.

    අස්මීමානය යනු මමත්වයයි.. මමය යන හැඟීම ...

    සත්කාය දිට්ඨිය සෝවන් ඵලයෙන් සහමුලින්ම ඉවත් වේ
    අස්මීමානය ඉවත් වන්නේ අරිහත් ඵලයෙනි.
  • Athula Siriwardhane .
    සරලව
    සක්කාය දිට්ටිය කියන්නෙ
    මේ කය මගේ කියන හැඟීම.
    අවිද්‍යාව පුලුල් වෙන කොට
    මගේ පවුල, මගේ රට, ජාතිය,ආගම
    මගේ ලෝකය, මගේ... මගේ..
    කියල වැඩෙන්න පුලුවන්.

    අස්මි මානය කියල
    මම හිතන්නෙ
    තමන් අනිත් අයත් සමග සසඳමින්
    තමන් ඔවුන්ට වඩා ඉහළයි
    හෝ පහළයි කියල හිතන එක
    වෙන්න පුලුවන්..

  • Fiqri Ismail දහමේ වෙන්න පුළුවන් කියලා කතාවක් නැහැ.. එක්කෝ හරි නැත්තම් වැරදියි.. සියල්ල සියලු ආකාරයෙන් දැකලා 100% සම්පූර්ණ න්‍යායධර්මයක් පෙන්නුවේ... අනුමාන උත්තර නොදිය යුතුයි... එක්කෝ දන්නවා නැත්තම් දන්නේ නැහැ...

  • Athula Siriwardhane .
    Fiqri Ismail [[[දහමේ වෙන්න පුළුවන් කියලා කතාවක් නැහැ.. එක්කෝ හරි නැත්තම් වැරදියි.. සියල්ල සියලු ආකාරයෙන් දැකලා 100% සම්පූර්ණ න්‍යායධර්මයක් පෙන්නුවේ... අනුමාන උත්තර නොදිය යුතුයි... එක්කෝ දන්නවා නැත්තම් දන්නේ නැහැ...]]]

    නොදන්න දේ දන්නවා වගේ
    රඟපාල පුරුදු නැහැනෙ..

    මම දහම් දෙසනවාත් නෙමෙයිනෙ.

    ප්‍රශ්නයක් ඇහුවාම
    හිතෙන දේ කිවුවාම
    දන්න කෙනෙක්
    පැහැදිලි කරන්නත් පුලුවන්..

  • Athula Siriwardhane .
    ඔබ සෝවාන් වෙලා නැති නිසා
    ඔබ දෙන්නෙත්
    අනුමාන උත්තරනෙ.

  • Athula Siriwardhane .
    ඔබ කියන විදියට
    මෙහි තියන පිළිතුරු ඔක්කොම
    පිරිසිදු ධර්මය විය යුතුයි..

    ඇයි ඔය තරම් වාද විවාද?

  • Fiqri Ismail මම සෝවාන් වෙලා ඇතා හෝ නැතා.. මම පිලිතුරු දෙන්නේ න්‍යායධර්මයකට අනුව... ඒක මම හරියටම දන්නවා.. ඒකේ මට සැකයකුත් නැහැ.. මම අනුමාන කරන්නේ නැහැ.. මම දන්නේ නැත්තම් දන්නේ නැහැ කියනවා.. ඒක නිසා මගේ පිලිතුරුවල පරස්පර නැහැ.. මම දාපු ඕනම කොමෙන්ටුවක් එකක් අනෙකට පරස්පරයි කියලා පෙන්නන්න කාටවත් බැහැ..

    දහම් සභාවක පිලිතුරු දෙනකොට තමන්ට හිතෙන දේ ආවට ගියාට කියන්න බැහැ.. ඒක ගැලපෙන්න ඕන.. දේශපාලන වේදිකාවක් නම් තමන්ට හිතුන හිතුන දේ කියන්න පුළුවන්..

  • Athula Siriwardhane .
    කොතන පිළිතුරු දුන්නත් ෆික්‍රි
    කෙනෙකුට තමන් දන්න දේට වඩා
    ඉහලින් කියන්න බැහැ.

    ඔබ කියන විදියට
    මෙතන ඉන්න පුලුවන්
    බුදුන් වහන්සේලාට විතරයි.
    රහතන් වහන්සේලා වුණත්
    ප්‍රඥාව අතින් එක එක තලවල.

    බුදුන් වහන්සේ දෙසූ සූත්‍රයක්
    තමන්ට තේරුණේ නැහැයි කියලා
    සැරියුත් මුගලන් රහතන් වහන්සේලා
    කියූ අවස්ථාවක් මා අසා තිබෙනවා.

  • Athula Siriwardhane .
    ඔබ කියන්නෙ
    මෙහි ඉන්න හැම කෙනෙක්ම
    අනුමානයෙන් තොරව
    න්‍යාය ධර්මයකට අනුව
    නිවැරදිව පිළිතුරු දෙනවා කියලද?

  • Athula Siriwardhane .
    ඔබ කියන විදියෙන් මට හිතෙන්නෙ
    මගේ මේ පිළිතුර හැර
    මා කියූ බොහෝ දේත්
    අන් අය කියන ඔබ විරුද්ධ නොවූ
    බොහෝ දේත් නිවැරදි යයි
    ඔබ අනුමත කරන බවයි.

  • Fiqri Ismail >>බුදුන් වහන්සේ දෙසූ සූත්‍රයක්
    තමන්ට තේරුණේ නැහැයි කියලා
    සැරියුත් මුගලන් රහතන් වහන්සේලා
    කියූ අවස්ථාවක් මා අසා තිබෙනවා.<<

    එහෙම වෙන්න හේතුවක් නැහැ.. සත්තිස්බෝධිපාක්ෂික ධර්ම වලින් තොර සූත්‍ර දේශනාවක් නැහැ ත්‍රිපිටකයේ.. එහෙව් එකක් නොතේරෙන්න කිසිම හේතුවක් නැහැ.. එහෙම නොතේරුනා නම් උන්වහන්සේලා අරිහත්වෙන්නෙත් නැහැ ..

    >>ඔබ කියන්නෙ
    මෙහි ඉන්න හැම කෙනෙක්ම
    අනුමානයෙන් තොරව
    න්‍යාය ධර්මයකට අනුව
    නිවැරදිව පිළිතුරු දෙනවා කියලද?<<

    අනෙක් අයගැන නොවෙයි ඔබේ පිලිතුරට අදහසක් දැක්වූවා පමණයි.. ඒ මා දුන් පිලිතුර අනුමානයෙන් උත්තර දෙන හැමෝටම අදාලයි.. එහෙම න්‍යයධර්මයට අනුව පිලිතුරු දෙනවා නම් ඒක ගැලපෙන පිලිතුරක්.. ඒකට සාක්ෂි වශයෙන් ත්‍රිපිටකයෙන් අනිවාර්‍යයෙන් පෙන්විය හැකියි.. ඒ උන්වහන්සේත් ඒ න්‍යායධර්මය තුල ඉඳගෙන දේශනා කල නිසා

    >>ඔබ කියන විදියෙන් මට හිතෙන්නෙ
    මගේ මේ පිළිතුර හැර
    මා කියූ බොහෝ දේත්
    අන් අය කියන ඔබ විරුද්ධ නොවූ
    බොහෝ දේත් නිවැරදි යයි
    ඔබ අනුමත කරන බවයි.<<

    මම එකඟනම් කෙලින්ම කියනවා නැතිනම් ලයික් එකක් දානවා.. දන්නේ නැතිනම් අහනවා හොයලා බලනවා.. න්‍යායධර්මයට එකඟද බලනවා.. නැතිනම් අයින් කරනවා.. එහෙම නැති ඒවා එක්කෝ අනුමත නොකලා වෙනවා.. නැතිනම් මට අදාල නැති නිසා නිකන් ඉන්නවා වෙන්න පුළුවන්..

  • Athula Siriwardhane .
    ත්‍රිපිටකයෙන් උපුටා නොගෙන
    ඔබ කියන අනික් දේවල්
    නිවැරදි යයි
    ඔබට දිය හැකි
    සහතිකය කුමක්ද?

    එය පිළිගත හැක්කේ
    ඔබ සෝවාන් වී ඇතැයි සිතන අයට
    පමණයි.

  • Fiqri Ismail මම කියන සෑම දේකටම කෙනෙක් ඇහුවොත් කොහෙද තිබ්බේ කියලා මම ත්‍රිපිට්කයෙන් ඕනෑ තරම් සාක්ෂි පෙන්වලා තියෙනවා. අනාගතයේ ඇහුවත් එහෙමයි..

  • Athula Siriwardhane .
    Fiqri Ismail[[[මම කියන සෑම දේකටම කෙනෙක් ඇහුවොත් කොහෙද තිබ්බේ කියලා මම ත්‍රිපිට්කයෙන් ඕනෑ තරම් සාක්ෂි පෙන්වලා තියෙනවා. අනාගතයේ ඇහුවත් එහෙමයි..]]]

    "සෝවාන් වෙන්න නම්
    තව සෝවාන් වුණ කෙනෙකුගෙන්ම
    මග අහගන්න ඕන." කියලා
    ඔබ කියන කතාව
    ත්‍රිපිටකයෙන් පෙන්වන්න
    මම කොයිතරම් දවසක ඉඳලා
    ඔබෙන් ඉල්ලනවාද?
    එහි සැරියුත් හාමුදුරුවන්ගෙ
    එක සූත්‍රයක තියන වාක්‍යයක එන
    "කල්‍යාණ මිත්‍රයා"කියන වචනය
    ඔබට රිසි පරිදි අර්ථ දක්වනවා හැර
    වෙනත් කිසිම සාක්ෂියක්
    බුදු වදන් වලින්
    ඔබ ගෙනහැර පෑවේ නැහැ.

    එතරම් වැදගත් දෙයක්
    ඔබලාගේ පිරිස අතරෙ
    ඔබලා එකට බැඳ තබන
    ප්‍රධානම බැම්ම වන එය තරම්
    වැදගත් දෙයක්
    බුදුන් වහන්සේ විසින්
    කිසිම තැනක
    සඳහන් නොකළේ ඇයි.

    ඔබ එය අනුමානයෙන් කියන් දෙයක් නොවේද?

  • Fiqri Ismail මේ කොටස පිලිගන්නවද ?

    මහණෙනි, යම් මේ අරුණෝදයක් වෙද, උදාවෙන හිරුට පූර්වංගම වෙයි, මේ පූර්ව නිමිත්ත වෙයි. මහණෙනි, එසෙයින්ම යම් කලණමිතුරන් ඇති බවෙක් වේද, මහණහට අරිඅටඟිමග ඉපදීමට පූර්වංගම වෙයි, මේ පූර්ව නිමිත්ත වෙයි.

    සං.නි. 5-1 - කල්‍යාණමිත්ත සූත්‍රය

    ඒකට ඔව් නම් කල්‍යාණ මිත්‍රයා කියන්නේ ආර්‍ය පුද්ගලයකු කියලා මම ඔප්පු කරලා පෙන්වන්නම්.

  • Copy Paste <<"සෝවාන් වෙන්න නම්
    තව සෝවාන් වුණ කෙනෙකුගෙන්ම
    මග අහගන්න ඕන." කියලා
    ඔබ කියන කතාව
    ත්‍රිපිටකයෙන් පෙන්වන්න
    මම කොයිතරම් දවසක ඉඳලා
    ඔබෙන් ඉල්ලනවාද?>> ඔය වචන ඔය විදියටම ත්‍රිපිටකයෙන් පෙන්නුවොත් අතුල පිළිගනියි . නැත්නම් මෙය ඉවරයක් නැති සාකච්ඡාවක්

  • Fiqri Ismail ඉහත කාරනය පිලිගන්න එක නැති එක අනුව තමයි ඒක් ඉදිරියට ඇදෙනවාද නැද්ද කියන එක තීරණය වන්නේ .. ඔව් කිව්වොත් ඊලඟ එක පෙන්වනවා.. නැහැ කිව්වොත් අතහැරලා දානවා..

  • Athula Siriwardhane .
    තර්ක වලින් ඔප්පු කළයුතු නැහැ ෆික්‍රි.

    මේ අනුව,...
    මේ අනුව,...
    මේ අනුව,...
    බුදුන් වහන්සේ අදහස් කළේ මෙයයි
    කියල කියන්න තරම්
    "සෝවාන් වෙන්න නම්
    තව සෝවාන් වුණ කෙනෙකුගෙන්ම
    මග අහගන්න ඕන." කියන සුදුසුකම
    නොවැදගත් සුලු දෙයක් නෙමෙයි,

    ඔබලා කියන විදියට
    ප්‍රතග්ජනයෙකුට
    මාර්ගය සොයාගන්න තියන
    එකම පහන් කන්ද.

    ඔබලා කියන විදියට
    බුදුන් වහන්සෙටවත්
    කරන්න බැරි හාස්කමක් ඒ.

    ඔබලා කියන විදියට
    පුහුදුන් කෙනෙක් සෝවාන් බවට පත් කරන්න
    සෝවාන් වූ කෙනෙකුට හැරෙන්න
    බුදුන් වහන්සෙගෙ ධර්මයටවත් බැහැ.

    "සෝවාන් වෙන්න නම්
    තව සෝවාන් වුණ කෙනෙකුගෙන්ම
    මග අහගන්න ඕන." කියන සුදුසුකම
    ඔබලා කියන තරම් වැදගත් නම්
    ඔබ කියන දේ නිවැරදි නම්
    ඔය අදහස තියන පාලි පාඨ
    බුදුන් වහන්සෙගෙම
    වැදගත් සූත්‍ර වල
    නිතර සඳහන් විය යුතුයි.

    "සෝවාන් වෙන්න නම්
    අනිවාර්යයෙන්ම
    තව සෝවාන් වුණ කෙනෙකුගෙන්ම
    මග අහගන්න ඕන." කියල
    බුදුන් වහන්සේ කියා තිබේද?

    "කල්‍යාණ මිත්‍රයා යනු
    අනිවාර්යයෙන්ම
    සෝවාන් වූ කෙනෙකි"කියල
    බුදුන් වහන්සේ කියා තිබේද?

    එහෙම නැත්නම්
    ඒක කවුරුහරි
    තමන්ගෙ වාසියට හදාගත්ත
    ප්‍රලාපයක්.

    එක්කො ඔබලා එයට ගොදුරු වෙලා.
    නැත්නම් එය
    උවමනාවෙන්ම එය ඉදිරියට අරන් යනවා.

  • Fiqri Ismail .. ඔව් හෝ නැහැ කියන විතරයි ඔබට කියන්න තිබුනේ.. ඔබට සූත්‍රය කියවා තෙරුම් අරන් නැහැ..

    1. දුතිය සාරිපුත්ත සූත්‍රයේ සෝතාපත්ති අංග හතර තියෙනවා ..
    2. පහත ලින්ක් එකේ කෙලිනම කියපු තැන තියෙනවා .. ආයෙ කතා කරන්න දෙයක් නැහැ..

    http://www.facebook.com/photo.php?fbid=10150472228158665&set=a.10150293212698665.372673.653853664&type=1&ref=notif&notif_t=like&theater

    අවුරුදු හතෙන් අනාගාමි ඵලය ඇපවෙන්නම් කියලා පෙන්නු සතර සතිපට්ඨානය ඔබ අවුරුදු 21ක් කට්ට කනවා. ඔබේ ගුරුතුමා තාමත් ඒ කට්ට කමින් ඉනවා.. මතුවටත් ඔය කට්ටම තමයි..

    මේකම තමයි මට කියන්න තියෙන්නෙත්

    එක්කො ඔබලා එයට ගොදුරු වෙලා.
    නැත්නම් එය
    උවමනාවෙන්ම එය ඉදිරියට අරන් යනවා.

    Photo

    අද බොහෝ පින්වතුන් (සමහර පොත්පත් වල පවා) තමන්ට සිල්වතක සිට තනියම භාවනා කිරීමෙන් සෝවාන් ඵලයට (ලෝකෝත්තර සම්මා දිට්ඨියට) පත්විය හැකි යයි දෘෂ්ටියක සිටි. සෝවාන් වීමට අවශය සෝතාපත්ති අංග හතරවූ

    1. කල්‍යාණ මිත්‍ර සම්පත්තිය (මාර්ගඵලලාභි උතුමෙකු [පරතෝඝෝසය])
    2. සද්ධර්ම ශ්‍රවනය
    3. යෝනිසෝමනිසිකාරය
    4. ධම්මානුධම්ම ප්‍රතිපදාව

    අත්‍යවශ බව සහ මේ අංග හතරම එක විට සිදුවිය යුතුබව නොදනි. ධර්මමාර්ගයේ ගමන් කරන සියළු පින්වතුන්ගේ හිතසුව පිනිස මේ ත්‍රිපිටක කොටස උපුටා දක්වමි

    (පෙටකෝපදේශය - ප්‍රථම භූමි)


  • Aarya Dhammafriends දුතිය සාරිපුත්ත සූත්‍රයේ සෝතාපත්ති අංග හතර http://www.facebook.com/photo.php?fbid=160542857409598&set=a.160535414077009.33745.100003616540367&type=3&theater
    Photo
    සූත්‍ර පිටකය : සංයුක්ත නිකාය : සෝතාපත්ති සංයුක්තය : දුතිය සාරිපුත්ත සූත්‍රය

  • Aarya Dhammafriends "තර්ක වලින් ඔප්පු කළයුතු නැහැ ෆික්‍රි." තර්ක ඕනේ නැහැ ඔබ කියන කාරණය ත්රිපිටක්යෙනම පෙන්වන්න.... ඔබ කියනවනේ කල්‍යාන මිත්‍රයෙක් ඕනේ නැහැ කියලා... එදත් මම ඔබට අභියෝග කළා ආර්යයෙක් ගෙන් බන නොඅසා සෝවාන් වූ කෙනෙක් ඉන්නවනම් පෙන්වන්න කියලා..... අයිමත් ඕනෙනම් උදා හරණ පෙන්වන්නම්.... මෙන්න බන අසා සෝවාන් වූ බවට සාක්ෂි... බන නොඅසා සෝවාන් වූ කෙනෙක් ඉන්නවද මේ ලෝකේ ??? හිටියද ??? පෙන්වන්න .... http://www.facebook.com/photo.php?fbid=253424914788058&set=a.160535414077009.33745.100003616540367&type=3&theater

  • Copy Paste අතුල කියන්නේ කල්‍යාන මිත්‍රයෙක් ඕනේ නැහැ කියලා නෙවෙයි . කල්‍යාන මිත්‍රයා සෝවාන් විය යුතු නැ කියලා

  • Athula Siriwardhane .
    ධර්ම දේශනා වාර්තාගත වෙනකොට
    සෝවාන් වුණ අය වාර්තාවෙනවා.

    ඉන් බැහැර සෝවාන් වූ අය
    වාර්තාගත කිරීමට ඇති
    අවශ්‍යතාවය කුමක්ද?

    විශුද්ධි මාර්ගයේ තියනවා
    මරණ මංචකයේ රහත්වූ
    එවැනි ස්ථවිර කෙනෙක් ගැන.
    ඔහු කියන්නේ ඔහු
    හැම මොහොතක්ම සිහියෙන් ගතකළ බවයි.
    ඔහුට රහත්වූ ගෝලයනුත් සිටියා.

  • Athula Siriwardhane .
    "සෝවාන් වෙන්න නම්
    අනිවාර්යයෙන්ම
    තව සෝවාන් වුණ කෙනෙකුගෙන්ම
    මග අහගන්න ඕන." කියල
    බුදුන් වහන්සේ කියා තිබේද?

    "කල්‍යාණ මිත්‍රයා යනු
    අනිවාර්යයෙන්ම
    සෝවාන් වූ කෙනෙකි"කියල
    බුදුන් වහන්සේ කියා තිබේද?

    එහෙම නැත්නම්
    ඒක කවුරුහරි
    තමන්ගෙ වාසියට හදාගත්ත
    ප්‍රලාපයක්.

  • Athula Siriwardhane .
    "සෝවාන් වෙන්න නම්
    තව සෝවාන් වුණ කෙනෙකුගෙන්ම
    මග අහගන්න ඕන." කියන සුදුසුකම
    ඔබලා කියන තරම් වැදගත් නම්
    ඔබ කියන දේ නිවැරදි නම්
    ඔය අදහස තියන පාලි පාඨ
    බුදුන් වහන්සෙගෙම
    වැදගත් සූත්‍ර වල
    නිතර සඳහන් විය යුතුයි.

  • Aarya Dhammafriends බන නොඅසා සෝවාන් වුනා කියන්නේ අතුල කියන වෙන විදිහකට සෝවාන් වූ අය ඉන්න ඕනේ.... ඉතින් එහෙම අය ඉන්නවනම් පෙන්නවන්න කියලා මම කිව්වේ... දැන් කියනවා ඉන් බැහැර සෝවාන් වූ ය ගැන වාර්තා කිරීමට අවශ්‍ය නැති බව..... තව විදිහකින් කියනවනම් බුදුන්ගේ ධර්මය තව කෙනෙක් ගෙන වචනයක් වත් නොඅසා සෝවාන් වූ ය ඉන්නා බවද??? එහෙම කියනවනම් බුදු කෙනෙක් පහල වීමේ තේරුම මොකක්ද???

  • Athula Siriwardhane .
    මේ බුදුන් වහන්සේගේ දෙශනාව.
    ----------------------------------------------
    බ්‍රාහ්මණය,
    තථාගතයන් වහන්සේ පිරිනිවී ගිය කල
    මේ සතර සතිපට්ඨානය පුරුදු කළහොත්
    බහුල වශයෙන් පුරුදු කලහොත්
    ඒ හේතුවෙන්
    සද්ධර්මය බොහෝ කාලයක් පවතී
    --------------------------------------
    බ්‍රාහ්මණ සූත්‍රය-සංයුක්ත නිකාය-
    මහා වග්ගය-සතිපට්ටාන සංයුක්තය

  • Athula Siriwardhane .
    Aarya Dhammafriends [[[ තව විදිහකින් කියනවනම් බුදුන්ගේ ධර්මය තව කෙනෙක් ගෙන වචනයක් වත් නොඅසා සෝවාන් වූ ය ඉන්නා බවද???]]

    බුදුන් වහන්සේගේ ධර්මය
    අනිවාර්යයෙන්ම ඇසිය යුතුයි.

    ඒත් ධර්මය ලබා දෙන්නා
    අනිවාර්යයෙන්ම
    සෝවාන් කෙනෙකු විය යුතු නැහැ.

  • Aarya Dhammafriends ඔබ කියන්නේ බුදුන් වහන්සේගේ ධර්මය සෝවාන් වීමට අවශ්‍ය නැති බවද??? ඔබ කියන්නාවූ හුස්ම ගැන සිහිය පිහිටවන්ගෙන ඉන්න සතිය බුද්ධෝත්පාද කාලයක හැර වෙන කෙනෙක්ට කල නොහැකිද.... බුදු දහම ගැන ජිවිතයට අසා නැති අයකුට හුස්ම ගැන සිහි කල නොහැකිද..... එය වෙනස් වෙනවා කියලා තීරණය කල නොහැකිද??

  • Aarya Dhammafriends <<<බුදුන් වහන්සේගේ ධර්මය
    අනිවාර්යයෙන්ම ඇසිය යුතුයි.

    ඒත් ධර්මය ලබා දෙන්නා
    අනිවාර්යයෙන්ම
    සෝවාන් කෙනෙකු විය යුතු නැහැ. >>>> ඉතින් එහෙම සෝවාන් වූ අයෙක් මට පෙන්වන්න....

  • Athula Siriwardhane .
    විදසුන අබුද්ධෝත්පාද කාලයක නැහැ.
    බුදුන් වහන්සේ පහළ වෙන්නෙ
    විදසුන සොයාගන්නයි.

  • Aarya Dhammafriends කියන්න එපා ඒ ගැන වාර්තා කිරීමට අවශ්‍ය නැහැ කියා.... මොකද ඔබ කියන විදිහට සෝවාන් වූ අය වැහි වැහලා ඉන්න ඕනේ ලංකාවේ.... මම එහෙම කියන්නේ මම ත්‍රිපිටකයේ කොහොවත් දැකලා නැහැ භාවනා කල සෝවාන් වූ අයෙක්...

  • Athula Siriwardhane .
    විශුද්ධි මාර්ගයේ තියනවා
    මරණ මංචකයේ රහත්වූ
    එවැනි ස්ථවිර කෙනෙක් ගැන.
    ඔහු කියන්නේ ඔහු
    හැම මොහොතක්ම සිහියෙන් ගතකළ බවයි.
    ඔහුට රහත්වූ ගෝලයනුත් සිටියා.

  • Aarya Dhammafriends සෝවාන් වූ පසු පර ප්‍රත්‍ය රහිතයි.... සෝවාන් වොමට පර ප්‍රත්‍ය ඕන වන්නේ....

  • Athula Siriwardhane .
    ඇයි බුදුන් වහන්සෙ ඔය ගැන
    වචනයක්වත් නොකිව්වේ?

    "සෝවාන් වෙන්න නම්
    තව සෝවාන් වුණ කෙනෙකුගෙන්ම
    මග අහගන්න ඕන." කියන සුදුසුකම
    ඔබලා කියන තරම් වැදගත් නම්
    ඔබ කියන දේ නිවැරදි නම්
    ඔය අදහස තියන පාලි පාඨ
    බුදුන් වහන්සෙගෙම
    වැදගත් සූත්‍ර වල
    නිතර සඳහන් විය යුතුයි.

  • Aarya Dhammafriends ඉතින් සෝවාන් වූ අයෙක්ට.... අසුචි දැකලත් රහත් වුනා .... කවි අහලත් රහත් වුනා.....

  • Aarya Dhammafriends ඕක හරියට ලෙඩකට බෙහෙත් ගන්න දොස්තර කෙනෙක් ගාවට යන්න කියන්න ඕනෙද?? කියලා අහනවා වගේ ප්‍රශ්නයක්.....

  • Copy Paste ප්‍රස්නේ මේකෙනේ සෝවාන් නොවුන කෙනෙකින් බන අහලා සෝවාන් වෙන්න පුළුවන් කියලාත් කොවෙවත් කියලා නැහැ. හැබැයි මේක තවෙන්න පුළුවන්ද කියලා මදක් කල්පනා කරලා බැලිය යුතුයි .. ත්රිපිටකයේ තිබුන පලියට එය කියවලා අවබෝධය කර හැකිද ? කාස්සප බුදු හිමි දෙසු බන ගෝතම බුදුහිමි කලේ එනකොටත් විවහාරේ තිබුන බවට සාක්කි තියනෙවා . ඒවා අවබෝධ කල අය හිටිය බවක් නම් අසා නැ. එහෙම වුණා නම් ගෝතම් බුදුහිමි පහල වෙන්න හේතු නැ.

  • Athula Siriwardhane .
    විශුද්ධි මාර්ගයේ තියන
    මරණ මංචකයේ රහත්වූ
    ස්ථවිර සෝවාන් වී සිටි බවක් එහි නැහැ..
    ඔහු මෙතේ බුදුන් දකින්නට
    සිතාගෙන සිටීමයි බාධාවකට තිබුනේ.
    ගෝලයා කම්පා වුණ නිසා
    ඔහු විදසුන් වැඩුවා..
    රහත් වුණා.

  • Athula Siriwardhane Copy Paste [[[සෝවාන් නොවුන කෙනෙකින් බන අහලා සෝවාන් වෙන්න පුළුවන් කියලාත් කොවෙවත් කියලා නැහැ.]]]

  • Athula Siriwardhane .
    මම සෝවාන් නොවුණාට
    මගේ ගුරුවරයා සෝවාන් නොවුණාට
    මගේ අත්දැකීම මේ මිථ්‍යා විශ්වාසයේ
    එල්බගෙන සිටින අයට වඩා
    සතිපට්ඨානයට එකඟ බව මා දන්නවා.
    සෝවාන් වෙන්න
    දැඩි අවශ්‍යතාවයක් ඇති කෙනෙකුට
    ජීවිතය ඒ වෙනුවෙන් කැප කරන කෙනෙකුට
    සෝවාන් වෙන්න ඒ ක්‍රමය ප්‍රමාණවත්.

  • Aarya Dhammafriends හරි අතුල ඔබේ ඔය ගැටලුව මම ලිහලා දෙන්නම්...

  • Aarya Dhammafriends හැබැයි දෘෂ්ටිගත නොවී.. තරකානුකුලව උත්තරය ගන්න

  • Athula Siriwardhane

  • Copy Paste සත්පුරුෂස සන්සේවනය අවශ්යි කියන එක ගැන විවාදයක් නැනේ . එහෙමනම් සත්පුරුසයගේ ලක්ෂණ ගැන දේශනාවේ මොනචාද කියලා තියෙන්න බැලුවනම් ගැටලුව විසදෙයි
  • Aarya Dhammafriends ඔබ පිළිගන්නවාද සෝතාපන්න පුද්ගලයා තමා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණි පුද්ගලයා කියලා.... Reference - දුතිය සාරි පුත්ත සුත්‍රය

  • Aarya Dhammafriends සොත කියන්නේ ආර්ය අෂ්ටාංගික මගට කියන නමක් කියලා පැහැදලිව දුතිය සාරිපුත්ත සුත්‍රයේ කියලා තියෙනවනේ

  • Aarya Dhammafriends සොත= ආර්ය අෂ්ටාංගික මග, ආපන්න = මගට පැමිණි කෙනා

  • Aarya Dhammafriends පිළිගන්නවද???

  • Athula Siriwardhane .
    තර්ක වලින් නම් මම පිළිගන්නේ නැහැ.
    ඔබලා ඔය තරම් වැදගත් විදියට
    හිස් මුදුනෙ තියාගෙන අරන් යන දේ
    බුදුන් වහන්සේ තඹේකට නොසැලකුවෙ ඇයි.

  • Athula Siriwardhane .
    ඔය කල්‍යාණ මිත්‍රයා,
    සත්පුරුෂයා කියන තැන්වල
    කෙළින්ම ආර්ය පුද්ගලයා කියන්න
    බුදුන් වහන්සෙට තිබුණ ගැටළුව කුමක්ද.?

  • Aarya Dhammafriends නැහැ මට තර්කයක් ඔප්පු කරන්න නෙවේ ඕනේ...ඔබට සත්‍ය පෙන්වලා දෙන්න.... මම එක කරන්නම් ඔබ සාධාරණව හිතනවානම්... මොකද මට නම් ඕනේ සත්‍ය අවබෝධ කරගන්න මිසක් මගේ මතය ඔප්පු කරගන්න නොවේ..... මම හිතනවා ඔබටත් එහෙමයි කියා....

  • Aarya Dhammafriends <<<<ඔය කල්‍යාණ මිත්‍රයා,
    සත්පුරුෂයා කියන තැන්වල
    කෙළින්ම ආර්ය පුද්ගලයා කියන්න
    උන්වහන්සෙට තිබුණ ගැටළුව කුමක්ද>>> කලබ වෙන්න එපා ඔය දේ තමයි ත්රිපිටකයෙනම ඔප්පු කරන්න යන්නේ

  • Aarya Dhammafriends ඔබ පිළිගන්නවාද සෝතාපන්න පුද්ගලයා තමා ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණි පුද්ගලයා කියලා.... ??

  • Aarya Dhammafriends ඔය දේ පැහැදිලිවම තියෙන දෙයක්නේ

  • Athula Siriwardhane .
    මම නොපිළිගන්න හේතුව මෙයයි.
    පුහුදුන් පුද්ගලයාට
    නිවනට ඇතුල්විය හැකි එකම දොරටුව
    තවත් සෝවාන්වූ පුද්ගලයෙකු නම්
    බුදුන්වහන්සේ අපිට වාද කරන්නට
    ඉඩ තියන්නේ නැහැ.

    විදසුන් නොවඩන අය
    සතර සතිපට්ඨානය
    පඹගාලක් කරගත්තාට
    විදසුන් වඩන අයට
    අත්දැකීම ගැන
    වාද කරන්න දෙයක් නැහැ.

    ලෝකෙ කොතනක කෙනෙක්
    ගින්නට පිළිස්සුණොත්
    වේදනාව එකයි.
    ඒක සිහියෙන් දැක්කොත්
    වාද කරන්න දෙයක් නැහැ.

    මම සමස්ත ත්‍රිපිටකය
    හදාරා නැහැ.
    ඒත් සතිපට්ඨානය හැදෑරීමේදී
    බුදුන්වහන්සේගේ උපදෙස් දීමේ රටාව
    කොතරම් අංග සම්පූර්ණද යන්න
    මට අත්දැකීමෙන් වැටහෙනවා.

    පුහුදුන් පුද්ගලයාට
    නිවනට ඇතුල්විය හැකි එකම දොරටුව
    තවත් සෝවාන්වූ පුද්ගලයෙකු බව
    මම නොපිළිගන්න හේතුව මෙයයි.

    පුහුදුන් පුද්ගලයාට
    නිවනට ඇතුල්විය හැකි එකම දොරටුව
    තවත් සෝවාන්වූ පුද්ගලයෙකු නම්
    බුදුන්වහන්සේ එය පැහැදිලිවම
    ඍජුවම කියන බව මා දන්නවා.

  • Athula Siriwardhane .
    Aarya Dhammafriends
    සෝවාන් වෙන්න විදසුන් වැඩිය යුතුයි
    කියා ඔබ පිළිගන්නවාද?

  • Aarya Dhammafriends එකනේ කියන්නේ track පනිනවා කියලා...මම අහන්නේ බුදුහාමුදුර්වෝ කියපු දෙයක්.... ඔබ එක පිළිගන්නෙත් නැහැ..... පැහැදිලිවම ඔබ දෘෂ්ටිගතයි

  • Athula Siriwardhane .
    සෝවාන් වෙන්න විදසුන් වැඩිය යුතුයි
    කියා ඔබ පිළිගන්නවාද?

  • Aarya Dhammafriends Athula Siriwardhane Copy Paste Fiqri Ismail Chathura Dasanayaka මහ නිළමේ Samarathunga Arachchige Manujaya Karunarathna අතුල ඔබ පිලි ගත්තා හෝ නොගත්තා හෝ මෙන්න සත්පුරිශයා කියන්නේ සම්මා දෘෂ්ටියේ ඉන්නා කෙනෙක් බව නොහොත් ආර්ය අෂ්ටාංගික මගට පිලිපන් කෙනෙක් බව නැතහොත් සොතා පන්න බව........ ඒ කියන්නේ දුතිය සාරිපුත්ත සුත්‍රයට අනුව ආර්ය අෂ්ටාංගික මගට පැමිණි සෝතාපන්න ආර්ය ශ්‍රාවකයෙක් බව.... තව කෙනෙක් ව සම්මා දෘෂ්ටියේ පිහිටවන්නේ සත් පුරුෂයා බව....මෙච්චාර පැහැදිලිව තියෙද්දිත් පිළිගන්නේ නැත්නම් මට කියන්න තියෙන්නේ ඔබට දෙය්යන්ගේම පිහිටයි කියාය http://www.facebook.com/photo.php?fbid=265810013549548&set=a.160535414077009.33745.100003616540367&type=1&theater

  • Aarya Dhammafriends මෙතන සිංහලෙන් සුත්‍ර දෙකක්ම තියෙනවා

  • Athula Siriwardhane Aarya Dhammafriends
    සත්පුරුෂයෝ සෝවාන් වූ අය පමණක්ද?

  • Athula Siriwardhane .
    සත්පුරුෂයෝ සෝවාන් වූ අය පමණක්
    කියා බුදුන් වහන්සේ නම්
    අදහස් කරන බවක් එහි නැහැ.

    මට පෙනෙන විදියට
    ඔබ හිතා ඉන්නේ
    කෙනෙක් ආර්ය අශ්ඨාංගික මාර්ගයට වැටෙන්නේ
    සෝවාන් වූ පසුව කියායි.
    http://www.facebook.com/photo.php?fbid=265810013549548&set=a.160535414077009.33745.100003616540367&type=1&theater


  • Athula Siriwardhane .
    සෝවාන් නොවූ සියල්ලන්ම
    මිථ්‍යාදෘෂ්ඨි ඇති
    අසත්පුරුශයන්ද?

  • Athula Siriwardhane .
    Aarya Dhammafriends
    ඔබ මග හැරියාද?

  • Aarya Dhammafriends මම මග හරියේ නැහැ මගේ ඉන්ටෙර්නෙට් එක down උන.. comment එවනවා පොස්ට් වෙන්නේ නැහැ... කොහොම හරි මම නින්දට ගිය..... කොහොමත් ඔබත් එක්ක වෙලාව නාස්ති කරන එක තේරුමක් නැති ක්‍රියාවලියක්..... ඔබ පැහැදිලිවම දෘෂ්ටිගතයි...ඔබට ඕනේ සත්‍ය සොයන්න නෙවේ... ඔබ අවූරුදු 21 ක කාලයක් නාස්ති කළා කියන්න ඔබ අකමැති..... මොකද සත්‍ය නෙවේ වටින්නේ ඔබට වටින්නේ ඔබේ දෘෂ්ටිය.... මෙච්චර පැහැදිලිව දේවල් විස්තර කරලත් එය අවබෝද කරන්න බැරි ඔබ ගැන මට කනගාටුයි.... අවු 21 නෙවේ මැරෙනකන් හරි ඔය භාවනාව කරගෙන යන්න..... ඔබට එය ඔබේ දෘෂ්ටිය මෙන්ම වටින එකක්.... මෙතන ඔබ වෙනුවන් කතා කරන්න කවුරුත් නැහැ....අනික් මිනිස්සු ඇත්ත දැකලා ඇත්ත හොයාගෙන යනවා.... නමුත් අතුල ඔබ ???? තෙරුවන් සරණයි

  • Athula Siriwardhane .
    .
    1, සම්මා දිට්ඨිය පටන් ගන්නේ
    සෝවාන් වීමෙන්ද?

    2, සම්මා දිට්ඨිය දියුණු වීමේ ඵලය
    සෝවාන් බවද?

    3, සෝවාන් වෙන තැනදි සම්මා දිට්ඨිය
    බිංදුවෙන් පටන් අරන්
    වැඩි වෙමින් යනවාද?

    4, සම්මා දිට්ඨියෙ බිංදුව
    ශ්‍රද්ධාවෙන් පටන් අරන්
    වීර්ය සති සමාධි ප්‍රඥා වශයෙන්
    දියුණු වෙලා අතරමග
    කිසියම් සියයෙන් පණහ වගේ
    වැදගත් අංශකයකදි
    සෝවාන් වෙනවාද?

    මේ වචනම උපයෝගී කරගෙන
    පිළිතුර දෙන්න.

  • Copy Paste <මේ වචනම උපයෝගී කරගෙන
    පිළිතුර දෙන්න.>> ඔබේ වචන වලින් දුතීය සාරිපුත්ත සුත්‍රය විග්‍රහ කරන්නකෝ ඉස්සෙලා

  • Fiqri Ismail සාරිපුත්ත සෝත සෝත කියනවා මොකටද සෝත කියන්නේ...
    ස්වාමිනි අරි අටඟි මගටයි සෝත කියන්නේ...
    එතකොට සෝතාපන්න සෝතාපන්න කියනවා ඒ මොකටද සෝතාපන්න කියන්නේ...
    ස්වාමිනි අරි අටඟි මගට ආවමයි සෝතාපන්න කියන්නේ...
    -- දුතිය සාරිපුත්ත සූත්‍රය --

  • Athula Siriwardhane .
    Copy Paste [[ ඔබේ වචන වලින් දුතීය සාරිපුත්ත සුත්‍රය විග්‍රහ කරන්නකෝ ඉස්සෙලා ]]
    පුහුදුන් පුද්ගලයෙකු ලෙස
    ආර්ය අශ්ඨාංගික මාර්ගයේ ගමන් කරන
    බුද්ධ ශ්‍රාවකයා තිර වශයෙන්ම
    නිවන් දකින අවස්ථාවට පත්වී
    ආරයශ්‍රාවකයෙකු ලෙස
    ආර්ය අශ්ඨාංගික මාර්ගයේම
    ඉදිරියට යාම ඇරඹීම
    සෝතාපන්න වීමයි.

  • Copy Paste සම්මා අශ්ඨාංගික මාර්ගය දෙයාකාරයි. එකක් ලොව්කිකයි , අබුද්දස්ස කලෙත් තියනෙවා , අනික ලෝකෝත්තරයි . ලෝකෝත්තර අශ්ඨාංගික මාර්ගය පැමිනිම සෝතාපන්න කියන්නේ - දුතීය සාරිපුත්ත සුත්‍රය තිබෙන්නේ දෙවැන්න..

  • Athula Siriwardhane .
    බුදුන් වහන්සෙගෙ වචනද
    වෙනත් වහන්සෙ කෙනෙකුගෙ වචනද?
  • Copy Paste ඔබට වැටහෙන්න් කොහොමද ? දුතීය සාරිපුත්ත සුත්‍රය තියෙන්නේ ලොකික මාර්හය ද ? ලොකොත්තර මාර්හයද ?

  • Athula Siriwardhane .
    මට එහෙම දෙකක් නෑ.
    තියෙන්නේ එක ලොකොත්තර මාර්ගයක්..
    බුදුන් වහන්සෙගෙ මග යන අය
    ලෞකික ජීවිතයක් ගත කරාවි.

    ඒත් ඔවුන් ලෝකොත්තර ජීවිතයකට
    වර්ධනය වීමකුයි වෙන්නෙ.

    බුද්ධශ්‍රාවකයෙක් ඔහු බුදුන් සරණ යන
    පළමු බුදු සසුනෙ පටන්ම යන්නෙ
    ලොකෝත්තර ගමනක්.

    අබුද්ධොත්පාද කාලවල
    ඔහු මග වරද්දා ගනීවි.
    ඒත් බුදු සසුනක් ලද ගමන්ම
    ඔහු නැවත මගට වැටෙනවා.

  • Copy Paste <<බුදුන් වහන්සෙගෙ වචනද>> මට වැටහෙන විදියට ඔව් . ඕන්නම් පෙන්නනං . හැබැයි වැඩක් වෙන එකක් නැහැ පලමුව දුතීය සාරිපුත්ත සුත්‍රය ගැන එකගතාවක් නැතිව . පෙන්නපු ගමන් ඔබ ප්‍රශ්නය වෙනස් කරනවා පිලිතුර පිළිගන්නේ නැතුව . මට පෙනෙන්නේ ඔබ දක්ස පුවත් පත් ශිල්පියෙක් වගේ

  • Athula Siriwardhane .
    ඔබයි මග හරින්නෙ..
    මට වැඩක් නොවුණත්
    මෙය කියවන
    වෙනත් සමහරුන්ට වැඩක් වෙයි..

  • Copy Paste මහා චත්තාරික සුත්‍රය මතක හැටියට . ඔබට නෙවෙයි සමහරුන්ට

  • Athula Siriwardhane Hoyaganna be..

  • Copy Paste hoyaa gaththoth kiyannam

  • Copy Paste MN book 3 page 212

  • Fiqri Ismail කතමා ච, භික්‌ඛවෙ, සම්‌මාදිට්‌ඨි? සම්‌මාදිට්‌ඨිංපහං, භික්‌ඛවෙ, ද්‌වායං වදාමි – අත්‌ථි, භික්‌ඛවෙ, සම්‌මාදිට්‌ඨි සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා; අත්‌ථි, භික්‌ඛවෙ, සම්‌මාදිට්‌ඨි අරියා අනාසවා ලොකුත්‌තරා මග්‌ගඞ්‌ගා.
    මජ්‌ඣිමනිකායෙ - උපරිපණ්‌ණාසපාළි - අනුපදවග්‌ගො
    මම කතා නොකර හිටියේ කියලා වැඩක් නැති නිසා.. (ගලේ පහරපු බළලා වගේ තමන්ගේ ගඳ වහන්න ලොකු උත්සහායක් ගන්නවා.. තමන්ගේ මතය ඔප්පු කරන්න සෑහෙන්න දඟලනවා )

  • Athula Siriwardhane .
    Fiqri,
    ඔබට ද්වේශය ආවම
    සෝවාන් වෙන්න යන කෙනෙක් බව
    මතක නැතිවෙනවා.


    සෝවාන් වෙලා කියල
    තමන් හිතන කෙනෙකුට ප්ලග් වෙලා
    ඔහු ගැන තමන්ගෙ හිතේ තියන
    අභූත ගෞරවයෙන් උදම් වෙලා
    පුහුදුන් පුද්ගලයා හෙළා දැකීමට
    අලුත් දහම් තනා ගැනීම
    එක්තරා විදියක කුල වාදයක්.

  • Athula Siriwardhane .

    දෙකක් විදියට වෙන්කොට වදාරන නමුත්
    එකම ආර්ය අශ්ඨාංගික මාර්ගයක්...

    මෙහි වරද කුමක්ද?

    බුදුන් වහන්සෙගෙ මග යන අය
    ලෞකික ජීවිතයක් ගත කරාවි.
    ඒත් ඔවුන් ලෝකොත්තර ජීවිතයකට
    වර්ධනය වීමකුයි වෙන්නෙ.

    බුද්ධශ්‍රාවකයෙක් ඔහු බුදුන් සරණ යන
    පළමු බුදු සසුනෙ පටන්ම යන්නෙ
    ලොකෝත්තර ගමනක්.

  • Athula Siriwardhane .
    මම සූත්‍රය දන්නෙ නැති වුණාට
    ඒ දෙකෙහි වෙනස
    මම කියල තියනවා.
    ලොකෝත්තර මාර්ගය

    පුහුදුන් කෙනෙකුට වුණත්
    වඩන්න පුලුවන්.
    ඔහු සෝවාන් වෙන්නෙ ඒ මාර්ගයෙනුයි.

    සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා සම්‌මාදිට්‌ඨියෙනුත්
    සෝවාන් මර්ගයට පදනමක් වැටෙනවා.

    ශීල සමාධි ප්‍රඥා
    බුද්ධ ශ්‍රාවකයන් තුළ
    නිතැතින්ම වැඩෙනවා.

  • Copy Paste එහෙනම් ඔබ මොන එහෙකටද බුදුන් වහන්සෙගෙ වචනද කියලා ඇහැව්වේ ඔබට තෙරුවන් සරණයි

  • Athula Siriwardhane .
    ෆික්‍රි..
    ලෞකික ආර්ය අශ්ඨාංගික මාරගයක් සහ
    ලෝකොත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය
    කියල දෙකක් තියනවා කියල

    මහාචත්‌තාරීසක සූත්‍රයට අනුව
    කවුරු හෝ කියනවා නම් එය මුසාවක්.

    එහෙම දෙකක් වෙන් වෙන්ව ගන්න බැහැ.
    ඒ දෙකම විටෙක සමාන්තරවත්
    විටෙක එකටත් ගමන් කරන
    එකම මාර්ගයක්

  • Athula Siriwardhane .
    මගේ නිරන්තර විමසීම් වලින්
    ෆික්‍රි වෙහෙසට පත්වීම ගැන
    මා කණගාටු වෙනවා.

    මෙයින් මා බොහෝ දේ ඉගෙන ගන්නවා.

    ඔබලා කරන විග්‍රහය වැරදි බව
    මා බොහෝ විට තේරුම් ගන්නේ
    ඉවෙන් වගෙයි.

    කරුණු සොයාගෙන යනවිට
    ඔබේ වරද වගේම
    බුදුන් වහන්සේ වදාළ නිවැරදි මගත්
    හෙළි වෙනවා.

    මහාචත්‌තාරීසක සූත්‍රයෙනුත්
    ඒ දේම සිදු වුණා.

  • Fiqri Ismail >>ලෞකික ආර්ය අශ්ඨාංගික මාරගයක් සහ
    ලෝකොත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය
    කියල දෙකක් තියනවා කියල
    මහාචත්‌තාරීසක සූත්‍රයට අනුව
    කවුරු හෝ කියනවා නම් එය මුසාවක්.<<


    වෙන මොකුත් කියන්න හිතෙන්නේ නැහැ.. බුදුහාමුදුරුවොත් බොරු කාරයෙක් එහෙනම්..

  • Copy Paste Athula , time for a new post

  • Samarathunga Arachchige Manujaya Karunarathna Athula Siriwardhane;
    මහත්මයා, ලෝකෝත්තර ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය සහ ලෞකික ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය වශයෙන් මාර්ග දෙකක් දහමේ පෙන්වා දී තිබියදී එය එසේ නොවෙයි කියන්නේ කුමන අර්ථයෙන්ද.

  • Athula Siriwardhane .
    ලෞකික මාර්ගයේ කරුණු අටත්
    ලොකෝත්තර මාර්ගයේ කරුණු අටත්
    වෙන් වෙන්ව පෙන්වා දෙන්න.

    කරුණු අටම ගත්තාම
    එහෙම දෙකක්
    වෙන් වෙන්ව ගන්න බැහැ.
    ඒ දෙක විටෙක සමාන්තරවත්
    විටෙක එකටත් ගමන් කරන
    එකම මාර්ගයක්...

  • Athula Siriwardhane .
    ලෞකික වශයෙන් වෙන් කරන කරුණු
    ලෝකෝත්තර අරමුණු නැතත්
    යහපත් ජීවිතයක් ගත කරන්නට
    අවශ්‍ය කරුණුයි.

    ලොකෝත්තර කරුණු
    අහවලාට කියා සීමා කොට නැහැ.
    ඒ කරුණු ලෝකෝත්තර දියුණුවක් සොයන
    ඕනෑම කෙනෙකුට පොදුයි.

  • Athula Siriwardhane Fiqri Ismail..Samarathunga Arachchige Manujaya Karunarathna..Copy Paste...

    ලෞකික මාර්ගයේ කරුණු අටත්
    ලොකෝත්තර මාර්ගයේ කරුණු අටත්
    වෙන් වෙන්ව පෙන්වා දෙන්න.

  • Copy Paste අතුල මහා චත්තාරිසක සුත්‍රය කියවා ඔබම පැහැදිලි කරනවා නම් වඩා හොදයි

  • Athula Siriwardhane .
    නිවැරදි නම මහාචත්‌තාරීසක සූත්‍රයද?

  • Athula Siriwardhane .
    Copy Paste [[[අතුල මහා චත්තාරික සුත්‍රය කියවා ඔබම පැහැදිලි කරනවා නම් වඩා හොදයි]]]
    ඔබට වෙන් වෙන්ව
    කරුණු දහසයක්
    ලැබෙන්නේ නැහැ.


    හෙට අනිද්දාට
    එකින් එක මට හැකි පමණින්
    විස්තර කරන්නම්..

    Good night..

  • මහ නිළමේ << ලෞකික ආර්ය අශ්ඨාංගික මාරගයක් සහ
    ලෝකොත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය
    කියල දෙකක් තියනවා කියල
    මහාචත්‌තාරීසක සූත්‍රයට අනුව
    කවුරු හෝ කියනවා නම් එය මුසාවක්.>>

    දෙයි හාමුදුරුවනේ??????

  • Athula Siriwardhane .
    මහ නිළමේ <
    මම කියන්නෙ කරුණු සහිතවයි..
    මම වැරදි නම් පෙන්වන්න...

    මම වැරදි නම්.....
    ලෞකික ආර්ය අශ්ඨාංගික මාර්ගයක් සහ
    ලෝකොත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය
    කියල වෙන් වෙන්ව කරුණු දහසයක්
    පෙන්වන්න...

    ලෞකික ආර්ය අශ්ඨාංගික මාර්ගයක් සහ
    ලෝකොත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය
    කියල වෙන් වෙන්ව කරුණු දහසයක් නැහැ

    වෙනස් වෙන්න සමහර ස්ථාන වලින්.

    ලෞකික ආර්ය අශ්ඨාංගික මාරගයක් සහ
    ලෝකොත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය
    වෙන් වෙන්ව කරුණු දහසයක් කියල
    මහාචත්‌තාරීසක සූත්‍රයට අනුව
    කවුරු හෝ කියනවා නම් එය මුසාවක්.

    සමහරු එහෙම හඟවනවා...

  • Copy Paste ප්‍රස්නේ වෙනස් වෙලා original <<ලෞකික ආර්ය අශ්ඨාංගික මාරගයක් සහ
    ලෝකොත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය
    කියල දෙකක් තියනවා කියල
    මහාචත්‌තාරීසක සූත්‍රයට අනුව
    කවුරු හෝ කියනවා නම් එය මුසාවක්.

    >> new <<ලෞකික ආර්ය අශ්ඨාංගික මාරගයක් සහ
    ලෝකොත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය
    වෙන් වෙන්ව කරුණු දහසයක් කියල
    මහාචත්‌තාරීසක සූත්‍රයට අනුව
    කවුරු හෝ කියනවා නම් එය මුසාවක්>>

  • Athula Siriwardhane .
    වෙනසක් නෑ..
    පැහැදිලි කිරීමක් විතරයි.

    දෙකක් තියනවා නම්

    ඒ දෙක වෙනස් විය යුතුයි..

    නැත්නම් කිවයුතු වන්නේ
    වෙනස් අංග තිබෙන බවයි.

    දෙකක් තියෙනවා කියලනේ
    ප්‍රකාශ කළේ.

  • Athula Siriwardhane .
    ලංකාවෙ තියන ප්‍රශ්නෙ
    තමන්ට අදහන්න පුලුවන් කියල
    බැලූ බැල්මට පෙනෙන
    ඕනම ප්‍රයෝගකාරයෙක්

    අදහනවා.
    ඔහු කියන දේ හිස් මුදුනෙන් පිළිගෙන
    ඒක නිවැරදියි කියල ඔප්පු කරන්න
    කටට එන ඕනම දෙයක් කියනවා.

    තමන් වගේම නොසොයා නොබලා
    පිලිගත යුතුයි කියලයි හිතනවා.

  • Copy Paste good night

  • Samarathunga Arachchige Manujaya Karunarathna Athula Siriwardhane;
    මහත්මයා, හුදෙක් සුගතිය කෙරෙහි පමණක් පිහිටවන යහපත් දෑකීම, යහපත් කල්පනාව, යහපත් වචන ආදී අංග අටයි ලෞකික අරිඅටමග ලෙස දෑක්වෙන්නේ. එට අබුද්ධෝත්පාද කාලවලදීත් සුගතිය පිණිස භාවිතා වන ධර්මයක්.
    ලෝකොත්තර අරිඅටමග යනු කෑමෑත්තෙන් බෑදීමෙන් වෙන්වීමේ දෑකීම,කල්පනා,වචන ආදියෙන් සමන්විත නිවන සදහාම වෙන මාර්ගයයි.

  • Samarathunga Arachchige Manujaya Karunarathna Athula Siriwardhane;
    ‘‘කතමා ච, භික්‌ඛවෙ, සම්‌මාදිට්‌ඨි? සම්‌මාදිට්‌ඨිංපහං [සම්‌මාදිට්‌ඨිමහං (ක.) එවං සම්‌මාසඞ්‌කප්‌පංපහංක්‍යාදීසුපි], භික්‌ඛවෙ, ද්‌වායං [ද්‌වයං (සී. ස්‍යා. කං. පී.) ටීකා ඔලොකෙතබ්‌බා] වදාමි – අත්‌ථි, භික්‌ඛවෙ, සම්‌මාදිට්‌ඨි සාසවා පුඤ්‌ඤභ
    ාගියා උපධිවෙපක්‌කා; අත්‌ථි, භික්‌ඛවෙ, සම්‌මාදිට්‌ඨි අරියා අනාසවා ලොකුත්‌තරා මග්‌ගඞ්‌ගා.

    කතමා ච, භික්‌ඛවෙ, සම්‌මාදිට්‌ඨි සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා ? ‘අත්‌ථි දින්‌නං, අත්‌ථි යිට්‌ඨං, අත්‌ථි හුතං, අත්‌ථි සුකතදුක්‌කටානං කම්‌මානං ඵලං විපාකො, අත්‌ථි අයං ලොකො, අත්‌ථි පරො ලොකො, අත්‌ථි මාතා, අත්‌ථි පිතා, අත්‌ථි සත්‌තා ඔපපාතිකා, අත්‌ථි ලොකෙ සමණබ්‍රාහ්‌මණා සම්‌මග්‌ගතා සම්‌මාපටිපන්‌නා යෙ ඉමඤ්‌ච ලොකං පරඤ්‌ච ලොකං සයං අභිඤ්‌ඤා සච්‌ඡිකත්‌වා පවෙදෙන්‌තී’ති – අයං, භික්‌ඛවෙ, සම්‌මාදිට්‌ඨි සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා.

    ‘‘කතමා ච, භික්‌ඛවෙ, සම්‌මාදිට්‌ඨි අරියා අනාසවා ලොකුත්‌තරා මග්‌ගඞ්‌ගා? යා ඛො, භික්‌ඛවෙ, අරියචිත්‌තස්‌ස අනාසවචිත්‌තස්‌ස අරියමග්‌ගසමඞ්‌ගිනො අරියමග්‌ගං භාවයතො පඤ්‌ඤා පඤ්‌ඤින්‌ද්‍රියං පඤ්‌ඤාබලං ධම්‌මවිචයසම්‌බොජ්‌ඣඞ්‌ගො සම්‌මාදිට්‌ඨි මග්‌ගඞ්‌ගං [මග්‌ගඞ්‌ගා (සී. පී.)] – අයං වුච්‌චති, භික්‌ඛවෙ, සම්‌මාදිට්‌ඨි අරියා අනාසවා ලොකුත්‌තරා මග්‌ගඞ්‌ගා. සො මිච්‌ඡාදිට්‌ඨියා පහානාය වායමති, සම්‌මාදිට්‌ඨියා, උපසම්‌පදාය, ස්‌වාස්‌ස [ස්‌වායං (ක.)] හොති සම්‌මාවායාමො. සො සතො මිච්‌ඡාදිට්‌ඨිං පජහති, සතො සම්‌මාදිට්‌ඨිං උපසම්‌පජ්‌ජ විහරති, සාස්‌ස [සායං (ක.)] හොති සම්‌මාසති. ඉතියිමෙ [ඉතිමෙ (සී.), ඉතිස්‌සිමෙ (ස්‍යා. කං. පී.)] තයො ධම්‌මා සම්‌මාදිට්‌ඨිං අනුපරිධාවන්‌ති අනුපරිවත්‌තන්‌ති, සෙය්‍යථිදං – සම්‌මාදිට්‌ඨි, සම්‌මාවායාමො, සම්‌මාසති.

  • Athula Siriwardhane .
    අටම එකින් එක දක්වන්න, Manujaya..

  • Athula Siriwardhane .
    Manujaya
    ඔය ඔබ කාගේ හරි ඉගැන්නුම් බහකට
    ආවට ගියාට ඇති කරගත්
    බොළඳ අදහසක් මත ක්‍රියා නොකර

    කරුණු අටම එකින් එක
    ඔබම සොයා බලන්න.

    ලෞකික ආර්ය අශ්ඨාංගික මාර්ගය සහ
    ලෝකොත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය
    කියල වෙන් වෙන්ව කරුණු දහසයක් නැහැ..

  • Samarathunga Arachchige Manujaya Karunarathna Athula Siriwardhane;
    මහත්මයා, මම පෙන්වා දී තිබෙන්නේ උතුම් බුද්ධ වචනය. ඔබ මේ ගෑන කලින් නොදෑන සිටියා නම් එය පිලිගන්න තරම්වත් අනතිමානී වීම යහපත්. හොදින් කියවා බලන්න "මහා චත්තාරික සූත්‍රය". එහි එකින් එක වෙන් කොට පෙන්වා දී ඈත.

  • Samarathunga Arachchige Manujaya Karunarathna Athula Siriwardhane;
    "සම්‌මාදිට්‌ඨිංපහං, භික්‌ඛවෙ, ද්‌වායං වදාමි – අත්‌ථි, භික්‌ඛවෙ, සම්‌මාදිට්‌ඨි සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා; අත්‌ථි, භික්‌ඛවෙ, සම්‌මාදිට්‌ඨි අරියා අනාසවා ලොකුත්‌තරා මග්‌ගඞ්‌ගා. "
    මහත්මය, මේ පිරිසිදු බුද්ධ වචනය ඔබට පෙන්නේ නෑද්ද ?

  • Fiqri Ismail මනුජය අතහැරලා දාන්න.. එයාට සුත්‍රය කියවලා තේරුම් ගන්න උවමනාවක්.. නැහැ.. ඔය සූත්‍රය ගැඹුරු සූත්‍රයක්.. සම්මාදිට්ඨිය පමණක් .. ඉතුරු මාර්ග අංග 7 පරිවාරකරගෙන තියෙනවා කියල පහැදිලිව විස්තර කරලා තියෙනවා..
    ඉට පස්සේ සම්මා සංකප්පය.. ඔය අකාරයට .. කියලා අන්තිම ම
    ාර්ග අංග දෙක .. සම්මා ඥාණ .. සම්මා විමුක්තිය .. එතකොට සේර්ම 10 (හෑ දැං දහයක් කොයින්ද කියලා අහයි) පැහැදිලි විස්තරයක් තියෙනවා..
    මට නම් විස්තර කරන්න උවමනවක් නැහැ.. .. අන්ධයකුට ලෝකෙම කලුපාටයි.. මුලින් ඌ උගේ අන්ධභාවය සනීප කරගන්න ඕන.. ඊට පස්සෙයි ඒ මෝඩයට පාටක් පෙන්වන්න පුළුවන්...
    මම නම් ආයේ කියන්න යන්නේ නැහැ .. මට කියන්න තියෙන්නෙ මෙච්චරයි.. අතුල වඩන ලෙවෙල් එකෙන් වැඩුවොත් අවුරුදු 7 කින් අනාගාමි ඵලය ඇප වෙච්ච බුදුන්වහන්සේ පෙන්වපු සතර සතිපට්ඨානය ගුරයි ගෝලයයි එකතු වෙලා අවුරුදු 21ක් තිස්සේ පොල් ගෑවද කියලා

  • Athula Siriwardhane .
    ෆික්‍රි..
    මට ඔබ ගැන කණගාටුයි.
    ඔබේ ලොකු මාන්නයක් තියනවා.
    ඔබ හදාගත්ත ප්‍රතිරූපයක් ඇති.

    ඒත් ඔබට සංවාද වලට
    ඒක අරන් එන්න අවශ්‍ය නැහැ.

    ඔබට සෝවාන් වෙන්න හදිස්සියක් ඇති..
    විභව තණ්හාවත් උපාදානයක්.

    ඔබත් දැන් ච්ත්තාරීසකය කියවන එක
    සතුටට කරුණක්.
    ඔබ සොයාගන්නාදේ ඔයවගේ
    දමා ගහන්නෙ නැතුව
    ගෞරවයෙන් සභාවට
    ඉදිරිපත් කළ යුතුයි.

    මේ සංවාදය කියවන්නෙ
    මම විතරක් නෙමෙයි.
    මේ සමූහයට අලුතෙන් එක්වෙන
    සාමාජික සංඛ්‍යාව අඩු වෙන්න
    ඔබේත් සමහර සාමාජිකයන්ගේත්
    උද්ධච්ච හැසිරීම හේතුවක්.

    ඔබට හැමකෙනෙක්ම එහෙයි කිවයුතු නැහැ.
    ඔබ පිළිගන්න දේ
    මට පිළිගන්වන්න හදන්න එපා.
    එය සිදු වෙන්නෙ නැහැ.

    මම පිළිගන්න දේ
    මම ඔබට පිළිගන්වන්න හැදුවත්
    එච්චරයි.

    මම හොයන්නෙ ඔය දෙක අතරෙ
    වෙනසට හේතුවයි.

    ඔබ හිතන දේ
    නොකියා මග හැරීමෙන්
    ප්‍රශ්නය දිග්ගැස්සෙනවා විතරයි.

    පදනමක් නැති අහස් මාලිගා
    විමසන කොට කඩා වැටේවි.
    මගේ අහස් මාලිගා ඇත්නම්
    බිඳ වැටෙනවා දකින්න මම කැමතියි.

    ඔබේ අහස් මාලිගා ඇත්නම්
    බිඳ වැටෙනවා දකින්න ඔබ කැමතිද?.

  • Athula Siriwardhane .
    මනුජය..
    ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයෙ
    කරුණු ඇතුළත්ව තිබුණත්
    මහා චත්තාරිසක සූත්‍රයෙ දේශනා කරන්නෙ

    ආර්ය අෂ්ඨාංගික මාර්ගය නෙමෙයි.

    මහා චත්තාරිසක සූත්‍රය
    උඩින් පල්ලෙන් කියවලා
    ලෞකික ආර්ය අශ්ඨාංගික මාරගය සහ
    ලෝකොත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය
    කියලා දෙකක් හිතින් හදාගෙන
    මුලින්ම දේශනා කළ තැනැත්තා
    මේ අවුලට වගකිව යුතුයි.

    දෙවැනි වගකිව යුත්තෝ
    නොසොයා නොබලා පිළිගත් අයයි.

    දැන් මට පැහැදිලිව කියන්න පුලුවන්
    ආර්ය අෂ්ඨාංගික මාර්ග දෙකක් නැහැ.

  • Samarathunga Arachchige Manujaya Karunarathna Athula Siriwardhane;
    මහත්මයා, ඔබ අනිත් අය උදච්චයි ආදී ලෙස දක්වන්නේ ඔබට පිරිසිදු දහම් කාරනයක් පෙන්වා දී තිබියදී. ඔබ එයට අදාලව කතා නොකොට අපහාස උපහාස කරමින් කටයුතු කිරීමෙන් පෙනී යන්නේ ඔබ මාතෘකාව මග හරින බවයි.

  • Athula Siriwardhane .
    මගේ මූලිකම තර්කය
    ------------------------------------
    පුහුදුන් තැනැත්තාට එකක් සහ
    මගඵල ලබන්නන්ට තව එකක් වශයෙන්

    ආර්ය අෂ්ඨාංගික මාර්ග දෙකක් නැහැ.

    තියනවා කියන අය
    ඒ දෙක වෙන් වශයෙන්
    පෙන්වා දෙන්න.

  • Fiqri Ismail >>ඔබට සෝවාන් වෙන්න හදිස්සියක් ඇති..
    විභව තණ්හාවත් උපාදානයක්. <<
    මේක පැහැදිලි කරනවා නම වටිනවා .. විභව තණ්හාව මොකද්ද ඒක උපාදනය වෙන්නේ කොහොමද කියලා ..

  • Samarathunga Arachchige Manujaya Karunarathna Athula Siriwardhane;
    <<ලෞකික ආර්ය අශ්ඨාංගික මාර්ගයක් සහ
    ලෝකොත්තර ආර්ය අෂ්ඨාංගික මාර්ගය
    කියල වෙන් වෙන්ව කරුණු දහසයක් නැහැ
    >>

    මෙන්න මේ කාරනය ඔබ ඉහතින් දෑක්වූවා මහත්මයා. හොදට බලන්න.

  • Athula Siriwardhane .
    ඉතින් මනුජය.... ????

  • Athula Siriwardhane .
    මනුජය..
    ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයෙ
    කරුණු ඇතුළත්ව තිබුණත්
    මහා චත්තාරිසක සූත්‍රයෙ දේශනා කරන්නෙ
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය නෙමෙයි.

  • Samarathunga Arachchige Manujaya Karunarathna Athula Siriwardhane;
    මහත්මයා, කරුණාකර ඔබ විමසිලිමත්ව බෑලුවොත් වටිනවා. පිරිසුදු බුද්ධ වචනයෙන් ""සම්‌මාදිට්‌ඨිංපහං, භික්‌ඛවෙ, ද්‌වායං වදාමි – අත්‌ථි, භික්‌ඛවෙ, සම්‌මාදිට්‌ඨි සාසවා පුඤ්‌ඤභාගියා උපධිවෙපක්‌කා; අත්‌ථි, භික්‌ඛවෙ, සම්‌මාදිට්‌ඨි අරියා අනාසවා ලොකුත්‌තරා මග්‌ගඞ්‌ගා. ""
    ලෙස දක්වා තිබෙන්නේ කුමක්ද කියා හොදට හිතලා බලන්න.

    මෙච්චර පෑහෑදිලිව තිබිලත් ඔබ නොපිලිගන්නවා නම් එය ඔබගේ දෘශ්ඨිය පිලිබද පෑනයකි.

  • Samarathunga Arachchige Manujaya Karunarathna Athula Siriwardhane;
    https://www.facebook.com/photo.php?fbid=10200659862843694&set=o.152788301467967&type=1&relevant_count=1&ref=nf
    ඔබ පලකරන ලද පිටු වලම උපුටනයකි.

  • Athula Siriwardhane .
    මනුජය..
    ඔබ මේක පිළිගන්නවද?
    ------------------------------------------------
    ආර්‍ය අෂ්ඨාංගික මාර්ගයෙ

    කරුණු ඇතුළත්ව තිබුණත්
    මහා චත්තාරිසක සූත්‍රයෙ දේශනා කරන්නෙ
    ආර්ය අෂ්ඨාංගික මාර්ගය නෙමෙයි.

  • Athula Siriwardhane .
    සම්මා දිට්ඨි කියන්නෙ
    එක අංගයක් විතරයි මනුජය.
    ඔබ කවුරු හෝ නොසොයා නොබලා පිලිගන්න පිරිසකට
    මේ සංවාදය හරහා කතා කරමින් ඉන්නවාද?
    https://www.facebook.com/photo.php?fbid=10200659862843694&set=o.152788301467967&type=1&relevant_count=1&ref=nf

  • Samarathunga Arachchige Manujaya Karunarathna Athula Siriwardhane;
    කියන්න තියෙන්නේ මහත්මයා, එක්කෝ ඔබ පිලිගන්න කෑමති නෑ නෑත්තම් ඔබට තේරෙන්නේ නෑ. ඔය දෙකම කොහොම වුනත් ඔබේ දෘශ්ඨිය නිසා. නුවණෑත්තෝ දකිත්වා.
    මේ පහෑදිලිව මගවල් දෙකක් පෙන්වා තිබෙද්දී එය එසේ නොවෙයි යෑයි කියමින් පුහු තර්කයක් දක්වන ඔබ එය එසේ නොවෙයි කියා සාක්ෂි පෙන්වා දෙන්න.


     ආර්ය අෂ්ඨාංගික මාර්ග දෙකක් නැහැ.